Monday, May 15, 2017

ජී.ටී බරා ඇන්ඩ් කඩ්ඩ!!



2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය,
එයාල උත්තමයන් සහ උත්තමාවියන් වෙච්ච

                                         අපේ රැග් කාලය



ජෝතිර්වේදයට අනුව මේ වෙද්දි අපේ සෙට් එකේම සෙනසුරු උච්ච වෙලා රාහු නීච වෙලා අනිත් සුභ ග්‍රහයො ඔක්කොම අපේ කේන්දර දාල පැනල ගිහිල්ල

අපි පව් දෙවියනේ..

උදේ ඉදන් ලෙක්චරස් අහල රැග් කාල එපා වෙලා එන අපිට රෑටත් ලෙක්චරස්
ඒකට කියන්නෙ තෙල කියලලු

රැග් එක නොහොත් විශ්වවිද්‍යාලය තුල සමාජගත කරන මේ ක්‍රියාවලිය තුල තිබෙන්නාවූ මූලික අරමුණ වනුයේ සිසුන් අතර පවතින්නාවූ අන්නෝන්‍ය සබදතාව වර්ධනය කිරීම සහ විශ්වවිද්‍යාල පද්දතියට අප අනුගත කිරීමයි.

ඒම කියන්නෙ ඉතින් අපේ සින්නො

7 පහු වෙනකොට නානගෙ ලුනු සහ මිරිස් ලස් සෝරු කාල සුපුරුදු පරිදී අපිව බලන්න එන අපේ ජේෂ්ඨ උතුමන්ල, අදත් අපිව බලන්න ආවෙ අපිට තියන ආදරයට

සින්නොන්ගෙ තෙලට කරවෙන සූඩ පැටව් ටිකට එහෙන් මෙහෙන් අඩි සහ නම්‍යකරන ප්‍රක්ටිකල් හම්බෙනකොට දඩස් ගාල ඇරුන කාමරේ දොරෙන් ඇතුලු වුනේ බයානක උතුමන්ල සෙට් එකක්

මෙතෙක් නම්‍යකරන පාඨමාලාව පවත්වපු සහෝදරයන්ට හයි ෆයු එකක් දාපු උතුමන්ල මාරාවේශ මූඩ් එක ඔන්කරන් හැරුනෙ අපි දිහාට

"තොපි දන්නවද තොපේ එකෙක් කෝස් එක අතඇරල යන්න හදනව කියල ,
ඒක කාමරේට වෙලා අඩනව,
තොපි දන්නවද ඇයි කියල ..කියපිය තොපිට කට නැද්ද?"

කව්ද යකෝ ඒ

නිව් වින්ග් එක නොහොත් අපේ හොස්ටල් එක තට්ටු දෙකේ බිල්ඩින් එකක්,
ඒකෙ පල්ලෙහා තට්ටුවෙ කොනක හිටපු අපිට වට පිටාවෙ ආරංචි ආවෙ හිමින්
ඇරත් අපිට දිවැස් තියනව කියල ඇ
මේක දැන්ද කොහෙද අඩන්න පටන් අරන් තියෙන්නෙ,

මේකට ඉගනගන්න සල්ලිවත් නැද්ද ගොඩක් ළමයින්ට තියෙන්නෙ එ ප්‍රශ්නෙ
නැත්නම් ගෙදර ලොකු ප්‍රශ්නයක්වත් ද?

ඇත්තටම ඒවෙද්දි අපේ අතරෙ සියුම් සහෝදර කමක් හැදිල තිබුන නිසා හිතට ආවෙ අමුතු දුකක් 

"අනේ යකෝ තොපි තොපි මොකුන්ද බන් උබේ එකෙක්ට තියන ප්‍රශ්න වත් උබල දන්නෑ"

මේ වෙද්දි මේ සීන් එක නිසා අඩි හතර පහක් කාල මූනු රතු වෙලා තිබුනු අපිට ඒ වචන කිනිසි පාරක් වගේ හදවතට බැස්ස
"ගිහිල්ල බලපිය තොපේ එකාට මොකද වෙලා තියෙන්නෙ පල පො#&$%@ "

ඇත්තටම මේකට මොකක් වෙලාද?



දාහතරෙ කාමරේ අඩන බරාව බලන්න යන අපි හැමෝගෙම හිතේ තොබුනෙ ඒ ප්‍රශ්නෙ
අපි කාමරේට යනකොට කමරේ සින්නො ටිකකුයි අපේ උන් ටිකකුයි බරා ලගට වෙලා ඉන්නව
මුකුත් නොදන්න අපි බරා ගාවට ගියේ බරා කැම්පස් එක දාල යන හේතුව දැන ගන්න

පල්ලෙහා ඇදේ යකඩ බාර් එකට ඔලුව තියන්,   ලග තියන සාලුවෙන් හොටු පිහපිහ, හොදටම අඩන බරාව දැක්කහම කාගෙ උනත් පපුව හෝස් ගාල යන්නෙ නිරායසයෙන්ම


"ඇයි බරා මොකක්ද ප්‍රශ්නෙ, ඇයි බං ඔහොම අඩන්නෙ, උබට සල්ලි ප්‍රශ්නයක්ද? , අපි සල්ලි එකතු කරල දෙන්නම් බං, අඩන්නැතිව හිටහන්"

"අනේ මට මෙහෙ ඉන්න බෑ බං"

ඒ බරා

උගේ කැඩිච්චි කටහඩට තවත් දුක හිතෙනව

"ඇයි බන් කියපන්කො මොකක්ද ප්‍රශ්නෙ ගෙදර ප්‍රශ්නයක්ද අපි ඉන්නව බං ඕන එකකට"

"අනේ එහෙම දෙයක් නෑ බන්'

"ඇයි නැත්නම් කවුරුහරි උබට එන්න දෙන්නැද්ද කියපන් කවුද ඒ"

ඒ අපේ සෙට් එක

 මේ වෙද්දි කොහොම හරි බරාව ගොඩදාන්න අපි එක හිතින් තීරනය කරල ඉවරයි

"කියපන් බරා කියපන් අපි ඉන්නවනෙ කියපන්"

"අනේ බන් මට මට..."

ගොත ගැහෙන බරාගෙ කටහඩ උගේ ප්‍රශ්නෙ බැරෑරුම් කම අපිට කියුව

"කියපන් මචන් අපි ඉන්නවනෙ"

ලගතියන සාලුවෙන් හොටු පිහපු බරා අපේ පැත්තට හැරුන

"අනේ අනේ ..අනේ...බං  මට 


මට ඉංග්‍රීසි තේරෙන්නෑ බං මන් යනව ගෙදර මට ලෙක්චර් ඉන්න බෑ බං"

මුගෙ #&$*$*-$&

ඇයියකෝ අපිට ඉංග්‍රීසි තේරෙනව කියලද මේකෙ ඉන්නෙ , ඔය මගුල නිස්සාද පරට්ටයො ඇඩුවෙ ඒකද යකෝ අපි අඩි කෑවෙ තොට අද මම.. තෝ ..

ඒ අපේ හිත

සින්නො ඉන්න නිසා අපිට මුගේ අඩු කඩන්න බැරිය
නැතිනම් නොකර ඉන්නෙත් නැතිය

මේ බරා අපිට මුලින්ම දුන්න ආතල් එක..

කොහොමින් කොහොමින් හරි රැග් කාලෙ දිත් රැග් කාලෙ ඉවර උනාට පසුවත් අපිට බරාගෙ කාමරේ නුපුරුදු නැනක් නොඋනෙ එතන ආතල් ලෝකයක් නිසා..
තර්ඩ්යියර් එකට ආවත් ආතල්නම් ඉවර නැත


මේ සදුද දවසක් , සදුද කියන්නෙ ඉතින් මල දවසක්, මේ දවසෙ තමා ඉතින් ගොඩක් ඈයො ගෙදර ඉදන්ම ලෙක් එකට වාර්තාකරන දවස, 

දවල් එක වෙද්දි ඔක්කොම ආවත් බරා තාම නැත..ඕක ඔහොම්මමනෙ ඉතින්...

එකට පටන් ගත්තෙ කබ්බ සර්ගෙ ලෙක් එක ,
ඒක සර්ගෙ පෙට් නේම් එක


අතිශය උග්‍ර කඩ්ඩ්ඩ වචන පාවිචි කර කර උගන්වන මේ මැත්ස් පාඩම පට්ට කම්මැලි නිසා ගොඩක් අය හිටියෙ වෙනම ලෝක වල

සමහරු යුද්ධවල නොහොත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන් ගහනව, 
සමහරු එස් එම් එස් මලක, සමහරු ඇස් ඇරන් දොයි..

මේ වෙද්දි එෆ් බ් චෙක් කරකර හිටපු මාත් හිටියෙ පට්ට නිදිමතේ ඒත් සර් දරුනුවටම උගන්වනව, අපි දොයි කියල දැනුන නිසාද කොහෙද කබ්බ සරුත් හිටියෙ තරහින්...

මේ අස්සෙ දඩස් ගාල ඇරුන දොරෙන් ආවෙ බස් එකේ කට්ට කාගෙන ආනිසාදෝ අතිශය විඩාවට පත්වෙලා ඉන්න බරා

කබ්බ සර් දැක්ක බරාගෙ ඇස් උඩගියේ බයට 

ඇයි හිවලො තෝ දැක්කෙ නැද්ද කබ්බව 
ඒ මගේ හිත

මේ වෙදෙදි හැමෝම හිටියෙ ඉතාමත් හොද අවදානයකින් සහ ජොලියකින්
කෑලෑන් කුඩු වෙන්න ඇටෑක් එද්දිත්..
කෙල්ල එවන මැසේජ් ඉන්බොක්ස් එකේන්  පිරෙද්දිත් අපේ සහෝදර සහෝදරියො වට පිටාව ගැන අතිශය අවදානයෙන් හිටියෙ 

ඇයි මේ

බ්කෝස් 

බරා ඉස් හියර්...

ආතල් එකක ලැබීමට නියමිතයි!!!


මේ වෙද්දි හැම දෙනාගෙම, බරාගෙ පැත්තට තිබ්බ කන ලොකු වෙලා

අසරණ බරා ඉදිරියට ඇදුනෙ අතිශය තරහ මූඩ් එකේ හිටිය සර්ගෙන් ඇමතුමක් ලැබුන නිසා,

ප්‍රේක්ශකයන්.. අතිශය අවදානයෙන්!

"ලුක් ඇට් දි ටයිම්,  වයි ආයූ ලේට්?  "

සර්ගෙ කඩු පහරට ඔල්මොරොන්දන් වෙච්චි බරා කටත් ඇරන් කිසිම හැගීමක් නැතුව සර් දිහා බලං හිටියෙ ඌට මුකුත් තේරුනේ නැති නිසාද කොහෙද

මුගේ ඉන්න ස්ටයිල් එකට මල පැන්න සර් ආයෙත් ප්‍රශ්නෙ ඇහුවෙ හමුදාවෙ මේජර් කෙනෙක් වගෙ උස් හඩින්



"වයි අර් යූ ලේට් හා!!!!"

උඩගිහින් බිම වැටුනු බරාත් කඩුවෙන් කෙටුවෙ පිලිතුරු උත්තමාචාරය වගේ

"හෝම් කමින්ග් නවු සර්  !!!"

මොකක්

හෝම් කමින්ග්

ආතල් එකක් ලැබීමට බලාපොරොතුවෙන් හිටි සැවොම අතිශය උද්දාමයට පත් වෙද්දි බරා පුටුවක ඉද ගත්තෙ  හිනාවීමට නොහැකි නිසා බොරුවට කෝල් එකක් ගන්නව වගේ එලියට ගිය කබ්බ සර් නිසා,


ඒ බරා

අදටත් ඌට කඩ්ඩ බැරිය..
ඒවගේම 
අපිට ආතල් නොදී ඉන්නත් බැරිය..

ප.ලි - කඩ්ඩ බැරිවීම විහිලුවට ලක්කිරීමක් නොවන බව කරුනාවෙන් සලකන්ඩ.
බරා කවදහරි කඩ්ඩ ඉගනගන්නවා කියාත් විස්වාසය.

Wednesday, May 3, 2017

වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ


“මචංල හෙට උදෙන්ම ඇහැරෙන ඕනෙ උදෙන්ම ගියොත් තමයි ලේසි”

මේ ට්රිප් එකක් ගියොත් නිදාගන්න ප්රථමයෙන් කියන ඒ සුන්දර වාක්ය, 

“යකෝ ඇහැරියන් පරක්කුයි ඊයෙ කලින් ඇහැරෙනව කියුවනේද තොපි"

ඒ රියල් සිටුවේශන් එක,

අපි පරක්කු උනත් පීකර්ගෙ බාප්පයි පුංචියි උදෙන්ම ඇහැරිල අපිට කන්න උයනව... ගෙනියන්න කෑම හදනව, 

අපි පවු දෙවියනේ කැම්පස් සිස්සයො උනත් තම මල් වගේ පොඩි උන්නෙ,


අද මීමුරේ යන දවස,

මඩ ගැසීම් ,තැබිලි වලු බෑම්, පොටෝ ශූට් කිහිපයක් අවසානයේ පීකර්ගෙ බාප්පට සහ පුංචිටයි පිං දීල අපි ආරම්භකරා අපේ ගමන,

මුලින්ම අපේ අද නිවහන වන කෑම්පින් ටෙන්ට් එක නොහොත් කූඩාරම ගන්ට ඕනෙ,

කතාව නුවර කාපු උන් වගේ උනාට, අපිට නුවර කාපු උන්ගෙ උපදෙස් පරිදි ටෙන්ට් එක තියන තැන හොයගන්න මාර වෙලාවක් ගියා,

මීමුරේ පාර දුශ්කරයි, ඒත් පට්ට සුන්දරයි!, ඇත්තටම ලංකාව කොචර ලස්සනද, මොනතරම් දෙවල් මේ පුංචි රටේ තියනවද, 

මචං සන්රූෆ් එක ගලවමු,

අවට පරිසරයෙන් ඔදවැටිච්ච අපේ එකෙක්ගෙ අයිඩියා එකට තව එකෙක්ට මල

“පිස්සුද යකෝ වැස්සොත්”
“මේ ගමන පරිස්සමින් යමු හරිය, නිකන් පිස්සු වැඩ නොකර හිටහන්”,

මේක බලහන්කො

ඉතින් අපි අපේ ඒ හාමු මහත්තයගේ කීමට සවන් දිලා ඔහුට ගෞරවයක් වශයෙන් සන්රූෆ් එක ගැලෙව්වෙ තවත් ඔවදන් ගොඩක් සමගින් , 

“ගලවපන් පුලුවන්නම් ඔය වහලම ගලවපන්”

දැන් පටට්ට ආතල් වරකට දෙදෙනාබැගින් වහලේ හිලෙන් අවට සිරි නරබනව

චොච්චර ලස්සන උනත් සමහර දේවල් දකිද්දි හිතට ඇතිඋනේ මාර දුකක්, 

පාරෙ හිගමන් යදින පොඩි ලමයි, අනේ සල්ලි දෙන්නකෝ කියල කෑගහදිදි මේ සුන්දරත්වය යටින් කොච්චර ලොකු අසුන්දර කතා තියනවද කියල අපිට හිතුන,

ගමන දිගයි….,තැන් දෙක තුනක මහන්සියට නතර කරත් අපි සිරියලතා අක්කගෙ තේ කඩේ ගාව වාහනේ නතර කරේ ඇගේ මහන්සිය යන්න තේ උගුරක් බොන්න, 

හම්මේ රස …, රසම රස නියම කිතුල් හකුරු එක්ක හම්බුන ඒ තේ එකනම් පංකාදු පහයි!,

තැන තැන ගල් මතුවෙලා,අබලන් වෙලා තියන පාරෙ සුපුන් වාහනේ එලවන්නෙ හෙමින්, ඉතිං මේක තමා ඉදිරි අසුනේ යන්ට හොද වෙලාව, 

ඉස්සරහ කෝපයිලට් ආසනයේ අරග්ගත් කලු බුතයාව පිටි පස්සට දාල මං ඉදගත්ත කෝපයිලට් එක්ස්පීරියන්ස් එක ගන්ට,

එහෙත් දුකයි සහෝදරවරුනී ගමන ආරම්භයෙන් සුලු මොහොතකට පසු නපුරු ගල් කැබැල්ලකට අසුවී අපේ රථයේ ඉදිරිපස රෝදය පුපුරායාම නිසා මට සිදුවුනේ බහින්ට,


රෝදෙ හුලං බින්දුවයි, වාහනේ කදු පල්ලමක නතර උන නිසා, ජැක් එක ගහන එක මාර අමරුයි, ඉස්සරහින් වාහන පස්සෙන් වාහන අපි මැද, 

කොහොමින් කොහොමින් හරි අපි නිසා එතනින් යන්න බැරි උන සියලු දෙනාගෙ උපදෙස් සහ යෝජ්නා බැහැර හැරල අපි අපිට පුලුවන් විදිහට රෝදෙ ගලවන් ස්පෙයාර් වීල් එක දාගත,

නැවතත් දුකයි සහෝදර වරුනි ඒකෙත් හුලං ස්වල්පයයි, 

මොනා.. කරන්නද ඉතින්

ලග තියන මැටි වලින් හදපු ගෙදරක මිදුලට වාහනේ දාපු අපිට දෙවියො බැලුව වගේ උදව්වට ආවෙ රාජ අයිය, 

“මල්ලිල දැන් හවස් වෙලානෙ හෙට උදේට මෙහෙන් යන වෑන් එකෙ ගිහින් රෝද දෙකම හදන් එන්න දැන් යන්න හදන්න එපා”,

ඒ රාජ අයිය, 

"එතකොට අයියෙ අපිට අපේ ටෙන්ට් එක ගහ ගන්න මේ හරියෙ තැනක් තියනවද?"

සිටුවේශන් එකේ හැටියට මිදුලෙ හරි ටෙන්ට් එක ගහගන්න හිටිය අපිට රජ අයියගෙ නංගිගෙ පොඩි එකා රොශාන් කියුවෙ පට්ට කතාවක් 

“පල්ලෙහා ගග ගාව කෑම්ප් කරන තැනක් තියනව අයියෙ එතනට යමු”,

මේ වෙද්දි කෑම්පිං සිහිනය බොදවේලා තිබුන අපිට මේක ගුඩ් නිවුස් එකක්, 

රාජ අයිය අපිට කෑම උයල දෙන්නම්ලු, අපිට කෑම්ප් ගහන තැන පෙන්නන්නම්ලු ,ඇත්තටම මේ හොද මනුස්සයයි ඒ අපිට උදවුන හැමෝමයි අපිට කරේ ලොකුම ලොකු උදව්වක්,

රෝෂාන් මල්ලිත් එක්ක ගිය අපි ගියා අපේ කෑම්පිං සයිට් එකට 

යකෝ මේක එල පොට් එකක්නෙ,

ගගෙං එගොඩ පුන්චිං නාන තටාකයක් ඉදිරිපිට මල්ලිගෙත් උපදෙස් පරිදි අපේ කුඩාරම සහ ගිනිමැලය ඉදි උනා,

මිනිස්සුන්ගෙ ජීවිතේ නොමැකෙන සුන්දර මතක සටහන් තියෙනව , හැමදාම උනත මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ මතකයන් අපිව මහා සුන්දර ලෝකෙකට ගෙනියනව,

රෑමද, මද සීතලේ , ගගක් අයිනෙ, ගිනිමැලයක් ඉස්සරහ, කුඩාරමක් අටවගෙන පට්ට කොල්ලො සෙට් එකක් එක්ක සතුටින් ඉන්නකොට දැනෙනෙ දේ අය කවදාවත් අමතක වෙන්නෑ,

සිංදු , කතා, කාඩ් සෙල්ලං, ශ්ෆිට් එකට කදවුරෙ මුර කිරිම් මේ අපි වැඩ, 



"මචං... මේව දෙවියංගෙ අඩවි"

රාජ අයිය කෑම ගෙනාපු භාජනේක තිබුන ඇනෙයි අගුරු කෑල්ලයි ගැන , කතා කරන කොට පබිල කතාවක් පටන් ගතෙ එහෙම, අපෙන් හතර දෙනෙක් නිදි අනිත් අය , කදවුර ආරක්ශා කිරීමට නිදිමරනව,

"මචං හොල්මන් කියල දෙයක් තියනව, අඩෝ එක දවසක්... 

මේ එක්තරා හොල්මන් කතාවක් කොහොමින් හරි ඇත්ත උනත් බොරු උනත් මේ හොල්මන් කතා සීරිස් එක ඇහුවම හිතට ආවෙ පොඩි බයක් , 

රැ දොලහත් පහු වෙලා, දෙවියනේ මූට වෙන කතා තිබුනෙම නැද්ද කියන්න,

අපි ඇහැරෙනකොට,කයියයි ,සුපුනුයි රෝදෙ හදන්න ගිහින් , අපේ අනිත් ආරක්ශකයො හොදට කුඩාරම ඇතුලෙ දොයි, අනෙ අම්මප මුන්නං....

උදෑසන ජංගල් බොකක් සහ හොද කූල් බාත් එක්කට පස්සෙ ,හදාගත වෑන් එකෙන් අපි අපේ පුංචි ගයිඩ්ල වෙච්චි රොෂාන් මල්ලියි අජිත් මල්ලි එක්ක ගියේ මීමුරේ ගමයි, සූරිය අරන ෆිල්ම් ලොකේශන් එකයි බලන්න,



ලංකාවෙ සුන්දර ගමක සුන්දරත්වය විදිනගමන් අපි ලංවුනා අපෙ ගමනේ අවසාන ස්ථානයට මෙතන ගලේ ලිස්සන්න පුලුවන් ඒත් කොහොමෙයි, දහ අතේ කල්පනාකරකර ඉන්නකොට පැත්තක හිටපු, රා වලින් නාලාගිරි බඩවල් පුරවගන්න සෙට් එකක් එක්ක ආව ගයිඩ් පොර වැඩට බැස්ස,


හප්පේ මෙහෙම ආතල් එකක්,ඒක කොහොමද දෙවියනේ විස්තර කරන්නෙ....

ලිස්සන්න ලිස්සන්න ආසහිතෙනව අප්පා…

ආතල් ගොඩක මතකයන් ගැන කතාකරකර අපි ආපහු ගෙදර එන්න පිටත් උනේ පුදුම සතුටින් .....


ඇත්ත හොදටම මහන්සියි, ගමනක් යන එක ලේසි නැහැ,
ඒත් අපි ජීවිතේ කවදහරි දවසක නැවතිල හැරිල බලාවි අපි මොනවද අපේ ජීවිතේ කරල තියෙන්නෙ කියල ඉතින් ඒ දවසට මේ ලස්සනට ගතකරපු දවස් මතක්වෙල ඉබේටම අපේ මූනට හිනාවක් ඒවී,
ඒ මතකයන් අපිව හැමදාම සතුටින් ජීවත් කරාවි
ඉතින් සහෝදර වරුනි 
ඊලගට යන්නෙ කොහෙද?



ප.ලි - ඹුහුනු පොත නිසා වල් වැදුන මාගේ බ්ලොගයට සාධාරනයක් ඉස්ට කිරීම උදෙසා



Monday, November 17, 2014

පළමු වෙඩිල්ල


"අඩේ... අන්න රයිඩර්ස්ල එනව"

ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්.

සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන.

මේ යුද්ධෙ කාලෙ

මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්...


පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්

මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ.වෙඩි සද්ද බෝම්බ සද්ද, අරෙහෙ  බෝම්බයක් පිපුරුනා , මෙච්චර ගානක් මැරුනා..මෙච්චරකට තුවාලයි..

මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ.

"මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට්‍රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ.ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු.
අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං, ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං"

පාරෙ වේගෙන් යන ආමි ට්‍රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු, ඇහුන කතා කියන්නෙ, හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන.මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත්, හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන.



ක්ලේමෝ, ආර්.පි.ජී ,ග්‍රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන,අපි ආයුධ ගැන කතා කරන්න, ඒව අතගාන්න මාර ආසයි,කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන

ඒ ටී56

ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු, පිස්තෝල, තව ලස්සන නානාප්‍රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක,

කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ ? එතකොට,
ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් ?
සිවිල් අයට බැරිද?

අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප්‍රසිද්ධ රහසක් තිබුන...

ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක, පාවිච්චි කරල තියනව කියන එක.

එතකොට මම.........

කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ. මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක්.

මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක්...


ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ..මට වෙඩිතියන්න අකැපද?


ඒ උනත් වැඩි කල් ගියේ නෑ, මටත් ආව චාන්ස් එකක්.


ජිනේ අයිය., ජිනේ අයිය කවුද,මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින්, මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා

"මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ?"

ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු.

 "නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද?"

මේවෙද්දි  ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න්, ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි...

තුවක්කුව හතරවටේටම ඒම් කරනව, දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව..අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි..

"මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට "

වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ..

"මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද? ඒක කොහොමද කරන්නෙ අමාරුද?"

"නෑ මල්ලි එච්චර අමාරු නෑ  ඉන්න මම කියල දෙන්නම්"

ඔන්න චාන්ස් එක මෙන්න අයියල.

ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ, අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක, හිතුවතරම් වැඩේ අමාරු නෑ,වැඩේ ලේසියි.

මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද,ඒම් කරන්නෙ කොහොමද,ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම්,

ඊට පස්සෙ තමා ආසම පාඩම, වෙඩි තැබීම...



හූ...රේ....

ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ, අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි! ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ.

" අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො...."

සෑහෙන ගේමකින් පසු

"ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් "

අම්මෙ හිතට දැනුන සතුට.. පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ.



අපි ෂුට් කරන්න ‍තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ

"මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු"

ඈ ඒ මොන වැඩක්ද..

මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට්‍ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න.

ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ,

හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක්..

"මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට.. මෙතන ඉදන් තියන්න බලන.."

ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි..

"මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු"

"නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද"

කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම,

 ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක.

"හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම්, ටිගර් එකට අත තියන්න එපා හරිද, තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද"

මොකක්, මට ලෝඩ් කරන්න දෙන්නැද්ද?

මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ

ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම්,

"මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි"



ඈ..... නොදකින්

"හා කමක්නෑ අයියෙ"

කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ.

මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ

මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග..

ඒත්... ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා

හිතට දැනුනෙ මහා පුදුම හැගීමක්, ඇත්තටම ඒක බයක්.....

මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව.මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම්.

සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල.ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව,

හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි, අක්ක හරි එලියට ආවොත්,

මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත්,

හිතට ආවෙ ලොකු බරක්

මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද

ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද,

හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක්

හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක,

ඒම් එක හරි,   හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ.



ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු.

තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක්,

"මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල"

හිතට සතු‍ටුයි, ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන,ඒක විස්තර කරන්න අමාරු දෙයක්,
.................................................................................................................................

ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව,


ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප්‍රශ්නයක් ඉතිරි කරා

ඇත්තටම වෙඩි තියන එක ලේසිද?




Friday, October 24, 2014

අන්ඩර්ටේකර් vs රතූ




දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද.  මේ වගේ කට්ටියක් හම්බවෙන්න  කොච්චර පිං කරල තියෙන්න ඕනෙද....

කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම.

බය වෙන්න එපා කියනව,  subject combination  ගැන කියල දෙනව,   අපේ විස්තර අහනව,  කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව

දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි

ඉතින්, මොකට බය වෙන්නද ,

අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,

මේක සුපිරි තැනක්.....




"අප්පච්චි අපිටනම්  ‍රැග් තියෙන එකක් නෑ මේ අයියල මාර හොදයි..මෙයල අපිට මොකුත් කරන එකක් නෑ.."

අලුත් යාලුවොත් එක්ක 2කෙ කාමරේ සෙට්වෙලා අස්පස් එහෙම කරල ෆෝන් එක අතට අරන් හවස පහට විතර අප්පච්චිට  කියනකොට අප්පච්චි කියුවෙ මාර කතාවක්

"එහෙමද එහෙනම් අද ‍රැට බලපන්කො හොද අයියල ටික මල්ලිල බලන්න එයි,කල්පනවෙන් පරිස්සමින්  හිටපන්"

අප්පච්චි ඉතින් කැම්පස් ගිහින් හොදට සල්ලන් වෙච්චි කොල්ලනෙ.තර්ක විතර්ක අනවශ්‍යයි,මටත් ඉතින් ඔනෙ බම්බුවක්,..අවුලක් වෙන එකක් නෑ.ඒත් ටිකක් බයයිද මන්ද.



වෙලාව රෑ අටයි..

අපේ කාමරේ එක රූමෙක් ඇදේ හතරගාතෙ දාල දොයි.

තව එකේක් ඇද යට

ඌ ඇද යට තියෙන තියෙන රෙදි මල්ලක් අදිනව,

මම පු‍ටුවක් උඩ,


දඩාස් ගාල ඇරුන අපේ කාමරේ දොරෙන් ආවෙ අපේ සීනියර් අයියල ටිකක්.


"ආ අයියෙ මොකද මේ පැත්තෙ.."

"අයියෙ.... නැගිටපිය පර බ#*&#@*$#*#*%$%*^*"

කරන්ට් වැදිල වගේ එක පාරටම සීරුවෙන් හිට ගත්ත අපිට මුකුත් හිතාගන්න බැරි උනා

මොකක්ද බොලේ ඇතටම මේ වෙන්නෙ.......

අයියලගෙ සහෝදර ප්‍රේමය දෝරෙ ගලනකොට අපේ කාමරේ ඉන්න අසරණ ජුන්ඩො වන අපේ සියොලගම දාඩියෙන් තෙත් උනේ ප්‍රේමයේ උනුසුමටද කොඉන්ද..

මෝලේ ගිනියම් වෙන තෙල් බෙදිල්ලකින් පස්සෙ අපි තේරුම්ගත්තෙ අපේ දුක්කදායක ඉදිරිය ගැන.......



අපි ජුන්ඩොය අපිට නීති ඇත.ඉංග්‍රීසි අකැපය.අයියලා නම් නැත,ජේෂ්ඨ උත්තමයන් ඇත,ඔවුන්ට ඇත්තේ කාඩ් නොහොත් කේත නාම පමණි.පාවාදීම අකැපය .දුන්නොත් ඉවරය.සරසවියේ බිත්ති වලට පවා කන් ඇත කට පරිස්සම් කර ගැනීම කෝකටත් හොදය.

ඉතින් මේ වගේ කැම්පස් එකේ උප සංස්කෘතියට සහ සමාජගතවීම සදහා අපේ වටිනා කාලය කැප කරන්න ගත්තෙ අපේම කැමැත්තෙන්.

උත්තමයො සහ උත්තමාවියො අපිව බලන්න හරි කැමතියි,

තව... අපි, අපි හැමෝගෙම නම් දැන ගන්න ඕනෙ ,

තව ජේෂ්ඨ උත්තමයන් ගෙත් නම් ගම් දැනගන්න ඕනෙ.

හරි සෝයි!!!

අපි ඉතින් හවසට  ජේෂ්ඨඋත්තම උත්තමාවියන් හම්බෙන්නයන්නෙ හරිම ආසාවෙන් හරි කැමැත්තෙන්.

ඒ සියලු හමුවීම් අපි අපේ විවිධාකාරවු දක්ශතා පෙන්වීමට සුදුසු ‍තෝතැන්නක් කර ගන්නෙ ඉතින් අපේ කැමැත්තෙන්.....

අනේ ! මොනවා...ට කියනවද ඉතින්...



ඉතින් ඔන්න, මට හිතුන නිසා මගේ ගෑනු ළමය කියල හිතන්,තැනින් තැන මැලියම් වැහෙන  කොහොඹ ගහකට උම්ම දිදී හිටපු මම, මගේ රබර් ඇහැ දැම්මෙ අනිත් සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා බලන්ට

අප්පේ.... දැක්කහම ආ..ස හිතෙනව

එක තැනෙක උද්ඝෝෂනයක්...




 " හිරු ඇහුවොත් ............  ලබ්බ තමයි!!!

හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!


        හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!"

සහෝදර සහෝදරියො හිරුට විරුද්ධවෙලා

තවත් තැනක තොරන් විරිදු තාලයට ක්‍රිකට් විස්තර විචාරයක්...

"ඔන්න ලසිත් මාලිංග රා බී මත් වූ නාලාගිරි හසිති රා...ජයාවගේ දුවගේන ඇවිත් ලාරට පන්දුවක් යොමු කරනව..."

තවත් තැනක සහෝදරියො කොල අතු ඇදන් වැදි නැ‍ටුමක් ප්‍රදර්ශනය කරනව,

ගායනය සහෝදර කැකුළන්ගෙන්

ඒඅස්සෙ ජනාදිපතිතුමයි විපක්ෂ නායකතුමයි අතර මහා වාග් හබයක් 



මුන් දෙන්න ගහගනියිද මන්ද...

තවත් සමහරු හිතින් මාවාගත්තු පු‍ටු වල නොහොත් මනෝ පු‍ටුවල වාඩිවෙලා මූන දෙක කරගෙන ඉන්නව , ඔය පු‍ටුවෙ ඉදගෙනම බලන්න ඕනෙ තියෙන සැප, 

අපෙන් වරදක් උනහම අපි හිතලමයිනෙ ඔය පු‍ටුවෙ වාඩි වෙන්නෙ

බලන්න අපේ කැපවීම ,



සීනියස්ලගෙ නම් මතක තබාගැනීම අනිවාර්යයි!!!! 

ඕක තමා එපාකරපුම වැඩේ කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවනෙ...

"ඒ කවුද බන් අර තට්ටෙ තියෙන උතුමානාන්"

" අ.. ඒ කොන්ඩය උතුමානන් බන්..."

"කොන්ඩය, කො බන් කොන්ඩෙ "

" අඩේ අර සුදු... කොට පට්ට උත්තමාවිය කවුද යකෝ බලපන්කො හැඩ...."

ලෙක්චස් වලට පෝලිමේ යනකොට හම්බවෙන ජේෂ්ඨ උත්තමයො සහ උත්තමාවියන්ට 

" සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමයානණි!! "

" සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමාවියණි!! "

 කියන එක ඇරෙන්න අපිට තියෙන්නෙ ඔය වැඩ..

ඒ අස්සේ සමහරු  කාර්ඩ් කුප්පියක්

"අර පිංකි උත්තමාවිය, අර ලෙටී උත්තමාවිය, අර ජෙසා...."

"යකෝ කෙල්ලොන්ට විතරක් කියල දෙන්නැතිව අපිටත් කියලදීපන්කො...."



කොච්චර උත්සාහ කරත් නම් පාඩම් කරගැනීමට සමහර සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ අඩු හැකියාවක්,

ඒහෙම වුනහම වෙන්නෙ හැමෝටම දඩුවම් විදින්ට වෙන එක...

අ හ්! නෑ අපි අපිටම දඩුවම් කරගන්න එක...

"අනේ !! මට සමාවෙයන් බන් මට කොහොමකරත් මතක හිටින්නෑ බන්.."

ඒ රතූ මගේ සහොදර බැජියෙක්,

මේකට නම් පාඩම් හිටින්නෑ, ඒ කියන්නෙ ඉතින්, බඩුම තමා.

ඔන්න තවත් එක සුන්දර වාත කරන, වාතවන වේලාවේදි නොහොත් ‍රැග් එකේදි, මාත් ඉතා සැප  පහසු මනෝ පු‍ටුවක ඉදගත්ත,    

මටත් ඉතින් සමහර වෙලාවට නම් අමතක වෙනවනෙ..!!

කොහෙහිටියත් කොහොම හිටියත් මගේ පුරුද්ද වට පිට සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් පසුවීම,
ඔන්න ඉතින් මං මාත් සමග අසුන් ගෙන සිටින අනිත් සහෝදරයන් එක්ක වටපිට ඇහැ යොමු කෙරුව,

අන්ඩර්ටේකර්, 





අන්ඩර්ටේකර් කියන්නෙ අඩි හයක් විතර උස ,යෝධ ඇගක් තියෙන, කොන්ඩෙ වවාගෙන ඉන්න අපේ ජේෂ්ඨඋත්තමයෙක්. වැඩිය කතා නැති වුනාට වාත කරන්න ගත්තාම අනිත් අය පරාදයි, 

කියන්න දෙයකුත් නෙමේ නෙ මේ උත්තමයට අපි පට්ටම පට්ට බයයි!!! 

මේ වෙනකොට මගේ දර්ශනපතයට අහුවෙච්චි අන්ඩර්ටේකර්ගෙ දර්ශනපතයට අහු වුනේ රතූ සහෝදරයව..

හරි අද මූට වෙන්නෙ ඇට තලා ගන්න 

ඒ මගේ හිත

මෙය සිදුවියහැකි ආකාර කිහිපයක් ක්ෂණ්කයෙන් හිතට ආවත් මං බලන් හිටියෙ ඊලග ජවනිකාවෙ මොකක්ද වෙන්නෙ කියල.

"ඒ මෙහෙ වරෙන්"

බයට නිල් වෙච්චි රතූ අන්ඩර්ටේකර් ලගට ගියේ අඩාගෙන වගේ.


"කෙලින් හිටපන් යකෝ!!!  "

"තොට සීනියස්ලගෙ කාර්ඩ් ඔක්කොම මතකද..."

තරහෙන් රතු වෙච්චි අන්ඩර්ටේකර්ගෙ ඇස් ගෙඩි දකිද්දි රතූගෙ කට ඇරුනෙත් නෑ.

"තොට කියනදේ ඇහෙන් නැද්ද"

"ඇහෙනව උතුමානනි .. මට පුළුවන් උතුමානනි"

"අ එහෙමද තොට මතකයිනෙ. හැබැයි එකක්හරි බැරි උනොත් බලපන් මම තොට කරන දේ"

තව ස්වල්ප මොහොතකින් රතූට අත්වෙන සෝචනීය ඉරණම සිතින් මැවෙනකොට කකුල් දෙකට දැනුන අමාරුවත් කොහෙන් ගියාද මන්ද
 
 "කියපන් අර කවුද?"

"ඒ..ඒ පැටී උතුමානන් උතුමානණි"

"පැටී උතුමානන්, ඒ පැටීද යකෝ...‍තෝ කියුව නේද කාඩ් පුළුවන් කියල"

"අර කවුද කියපන්..."

"ක.. ක. ට්ටි උත්තමාවිය උතුමානණි..."

චූටි උත්තමාවියට මූකියපි කට්ටි කියල..

දැන්  ඉවරයි !!...
 
රතුවෙලා තියෙන අන්ඩර්ටේකර්ගෙ අතපය කියාපෑවෙ රතූගෙ අවාසනාවන්ත අනාගතය..



මේ අස්සෙ ෂෝ එක බලන පිරිස එන්න එන්නම වැඩි වෙනව.මාත් එක්ක මනෝ පු‍ටුගහන ගමන් කටත් ඇරන් ෂෝ එක බලන සහෝදරයො ඇරුනහම වට පිටාවෙ ඉන්න සින්නොත් දැන් ෂෝ එක බලනව

පව්! , අසරණ රතූ

"හරි මන් තොට එකම එක චාන්ස් එකක් දෙනව එකම එකක් අර ජේෂ්ඨඋත්තමය කව්ද කියපන්...."

ඒ අන්ඩර්ටේකර්ගෙන් රතූට හම්බ වුන ලාස්ට් චාන්ස් එක...

අන්ඩර්ටේකර් පෙන්නුවෙ  ඈතින් එන ඉබ්බ ජේෂ්ඨඋතුමානන් ,



රතුපාට කැප් එකක් දාගෙන අත් දිග ශර්ට් එකක් කොටට නමාගෙන හැමදාම වගේ එන ඉබ්බ උතුමානන් අපට පට්ට මිටර්..

ඉබ්බ යකෝ ඉබ්බ.. 

අපි හොරෙන් කටින් අකුරු පෙන්නුවෙ රතූට පේන්න..

ඉබ්බ යකෝ කියපන් ඉබ්බ

"තොට කියන්න පුළුවන්ද කියපන් පරයා.."

"පුළුවන් උතුමානනි මන් දන්නව උතුමානනි"

හනේ රතූට අපි කියපු එක තේරිලාද කොහෙද...

කියපන් දෙයියෝ කියපන්....ඉබ්බ කියල කියපාන්...


මැච් එකේ තීරනාත්මක අවසන් පන්දුව සියල්ලෝම නිශ්ෂබ්දයි...........!


"පුළුවන්.. එහෙනම් කියපන් ඒ කවුද?"




              "ගෙම්බා උතුමානනි ඒ ගෙම්බ..."





"ගෙම්බ ‍තෝ සීනියස්ලට කාඩ් දානවද යකෝ හිටපන් තොට මම...."



අන්ඩර්ටේකර්ගෙ වියරුවෙන් සංත්‍රාසය ට පත්වෙලා ඉන්න රතූ දැක්කහම මට හිතා ගන්න බැරි උනේ අඩන්නද හිනාවෙන්නද කියල..

කොහොම උනත් රෑ 12ට විතර හොස්ටල් එකේ දවසේ රස කතා කිය කිය හිනා වෙනකොට රතූ ගෙ කටින් පිට වුනේ උගේ සුපුරුදු වචන සෙට් එක

                                "අනේ... මටනම් එපා......වෙනව බන්!!!"