Thursday, July 11, 2013

කොටි කොටි කොටි




1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද....

අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව්
ඇයි අපි මුලින්ම ඉස්කෝලෙ යන්නෙ මේ වයසෙදිනෙ, ඉතින් මාත් ඔන්න ඉස්කෝලෙ යන්න පටන් ගත්ත...

                        ක/ක‍ටුකුරුන්ද ධර්මපාල මහා විද්‍යාලය

මේ මගේ පලවෙනි ඉස්කෝලෙ.,

ඇතුලත් කල දිනය - 1996.01.12                                      අස්වූ දිනය -1996.03.07

මගේ ශිෂ්‍යයන්ගේ කර්ය්‍ය දර්ශනයේ තියෙන්නෙ එහෙම.

නාගොඩ සුදු සීයත් එක්ක පුට්සයිකලේ ධර්මපාලෙ එක වසරට මට යන්න හම්බවුනේ මාස දෙකකටත් අඩු කාලයක්.....



මගේ අප්පච්චි රජයෙ සේවකයෙක්, අම්මත් එහෙමයි, අප්පච්චිට දුෂ්කර සේවයට යන්න උනේ මේ අවුරුද්දෙ.

ඉතින් මාසයක් විතර අම්මවයි, අක්කවයි, මාවයි කළුතර දාල අප්පච්චි ගියේ,අපිට එහෙ ඉන්න ගෙයක් හොයන්නලු, අපිට එහෙදි අළුත් ඉස්කෝලෙකට යන්න හම්බෙනවලු, අප්පච්චි කොහෙද ගියේ කියල අහන වෙලාවට අම්ම මට කිව්වෙ එහෙම.

කොහොමහරි ඇගිලි ගැන ගැන හිටපු ඒ දවස ආව...

පොඩි බඩු ලොරියක අපේ ගෙදර තිබුන බඩුපටවගෙන අපි අපේ අළුත් ජීවිතේ පටන්ගන්න පිටත් වුනා.


බඩු ලොරියෙ ඉස්සරහින් අප්පච්චිත් එක්ක ගිය මට අපේ අළුත් ගමේ හැම දේම ගොඩක් අළුත්....

තල් කොලවලින් වට කරපු පුංචි ගෙවල්, පාර පුරා  බෑ.... බෑ....  කිය කියා...  දුවන එළු රංචු , මොල්ලිය ලොකු විසාල කින්නියා හරක්.., තැන තැන වැවිල තියන තල් ගස්...  මේ මම කවදාවත් දැකපු නැති දේවල්..


මෙහෙ මිනිස්සුත් වෙනස්, ගොඩක් පිරිමි අය හිටියෙ සුදු පාට පොඩි තොප්පියක් දාගෙන, ගෑනු අය ඔලුවෙ ඉදන් සාරියකින් වහගෙන.. ඒත් ඒ හැම දෙනාම අපිදිහා හිනාවෙලා බැලුවෙ අපිව පිලිගන්න වගේ.

කැඩිච්ච තාරපාරක් දිගේ අන්තිමේදි අපි  මුහුද ගාවතිබුන අපේ නැවතුමට ආව.නැගෙනහිර පලාතෙ අළුත්  ආරම්භයක්,

 මේ....
                                 කින්නියාව


කින්නියවෙ බහුතරයක් ඉන්නෙ මුස්ලිම් අය දෙමළ, සිංහල අය නැතුවමත් නෙමෙයි, කොහොම වුනත් පොඩිමට මේ අයගෙ වෙනස තේරුනේ කතාකරන භාෂාවෙන් විතරයි.



අපි මුලින්ම හිටියෙ තොරෙයිඅඩි වල,මුහුදට කිට්‍ටුවෙන් තිබුන ලෑලිවලින් වහන දොරක් තිබුන පොඩි කඩ කාමරයක, මේ කිට්‍ටුවෙන් තිබුනෙ මහතුන් මුදලාලිගෙ කඩේ..
මේ පුංචි ගෙදර අපි හිටියෙගොඩක් සතුටින්.

අප්පච්චියි අම්මයි වැඩ කරේ කින්නියාවෙ නෙමෙයි. සින්න කින්නියාවල ඒ කියන්නෙ පොඩි කින්නියාවෙ, මුහුදෙන් එහා පැත්තෙ ගොඩබිමේ...

දැන් තොරෙයිඅඩි ඉදන් දිග පාලමක් සින්න කින්නියා වලට තිබුනත් ඒ කාලෙ අපිට තිබුනෙ වෙන ක්‍රමයක්, ඇත්තටම අපූරු ක්‍රමයක්, මේකත් පාලමක් හැබැයි වෙනස්
මේක තමා.....
  
පාලම් පාරුව

දැකල තියනවද පාලම් පාරුව, ගිහින් තියෙනවද මුහුද මැදින් පාලම් පාරුවෙන්?, ඒක ජීවිතේ විදින්න ඕන හොද අද්දැකීමක්.

පාලම් පාරුව කියන්නෙ නැවක්..!


අපෝ නෑ , ඒත් ඒකාලෙ කවුරුහරි මගෙන් ඇහුවොත් මම කිව්වෙ එහෙම, පුංචි මට ඇත්තටම ඒක ගොඩක් විසාලයි..

තනිකර යකඩ වලින් හදල තියන පාලම් පාරුවට උස් පහත් කරන්න පුලුවන් යකඩ පාලම් දෙකක් තියෙනව්වා... තව එන්ජින් දෙකකුත් තියෙනව ,


එන්ජින් දෙකක් තියෙන්නෙ මුහුද මැදදි එකක් කැඩුනොත් අනික පාවිච්චි කරන්නලු.
ම්.... එතකොට දෙකම කැඩුනොත්....!

 ඔය තියෙන්නෙ භාන්ඩෙ පහලින්


ගමනට පැය බාගයක් යනව. ඉතින් පාරුව මගහැරුනොත් පැය බාගයක් වෙරලෙ. හදිසිනම් බෝට්‍ටුවෙන් යන්න පුලුවන්, ඒකට ඉතින් සල්ලි ඕනෙ.

වාහන, මිනිස්සු පුරවගෙන පාලම් පාරුව ගොඩට එනකම් මිනිස්සු ඉන්නෙ නොයිවසිල්ලෙන්. දඩස් ගාල පාරුවෙ යකඩ පාලම ගොඩබිමේ වදිනකොට මුලින්ම බහින්නෙ මිනිස්සු, ඊට පස්සෙ පුට් සයිකල්,බයික්,ඊට පස්සෙ ලොකු වාහන.

එතකොට නගිනකොට, නගිනකොට මුලින්ම නගින්නෙ ඉතින් මම..

පොඩි ළමයි මුලින්ම නගිනව ඒ යන්න හදීසියට නෙමෙයි. මුහුද හොදට බලන්න පුලුවන් හොද තැනක් අල්ල ගන්න.

"පුතා, දූ අනේ! පරිස්සමින් බලාගෙන වැටෙයි..!"

"අපි වැටෙන්නෑ.. අම්මෙ"

ඒදන්ඩක් දිගේ එනව වගේ බයෙන් බයෙන් පාරුවට නගින අම්මට අපේ අක්ක කියන්නෙ එහෙම.

පැය බාගෙ ගමන අක්කටයි මට යි කවදාවත් දැනුනෙ නෑ. මොකද බලන්න ගොඩක් දේවල් තියෙනවනෙ.

මොනවද මුහුදෙ මැද ඔච්චර බලන්න  තියෙන්නෙ නේද,

ඇයි දෙයියනේ මාලු.....



ලොකු මාලු රංචු, පොඩි මාලු රංචු පාලම් පාරුව යටින්යන්නෙ අපිට  පෙන්නද කොහෙද,
මෙ අතරෙ... විෂේශ සත්තුත් ඉන්නව,

සුදු පාට ඒත් විනිවිද පේන ඇගක් තියෙන බෝලයක් වගේ සතෙක්

"අප්පච්චි අර මොකාද?"

"ඒ පුතා ජෙලි පිශ් උන් ලස්සනයි තමයි ඒත් ගෑවුනොත් කසනව, ඔය කඩි කඩි කිය කිය මිනිස්සු එන්නෙ උන් ගෑවුනහම"


ඒ මම ජෙලි පිශ් දැකපු මුල්ම දවස, හරි අපූරු සතෙක්

එදා ඉදන් පාරුව යටින් යන මාළු රංචු අතරෙ මායි අක්කයි ජෙලි පිශ්ලව හෙව්වෙ තරගෙට වගේ.


මේ නම් අපූරු පලාතක්...

ඒ වගේම මරු මරු කෑමත් පිරිල, කෑම කියන්නෙ ඉතින් පොඩිකාලෙ ඉදලම මගේ ප්‍රධාන මාතෘකාවනෙ....

උනු උනු ‍තෝසෙ ලාතැඹිලි පාටට හුරු පොඩි දිය ගතියක් තිබුන සම්බෝලත් එක්ක, ම්....එතකොට කවදාවත්ම එපා නොවෙන මස් රොටි... මට්ටි.., කකුළුවො.., අළුත්ම අළුත් මාළු...

අම්මේ... මතක් වෙනකොට කටේ තියන කෙල ඔක්කොම බඩට යනව!

 මම කොච්චර පොඩි උනත් ඒ රස මට තාම මතකයි.

මෙච්චර කල් ලංකාවෙ ඇවිදපු කිසිම තැනකින් මම එච්චර රස කෑම කාල නෑ.



                                  ...ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය...


මේ අක්කගෙයි මගෙයි අළුත් ඉස්කෝලෙ.

අපි දෙන්න ඉස්කෝලෙ ගියේ අප්පච්චි එක්ක , ඒකාලෙ තිබුන මේට් බයික් එකේ, මම ඉස්සරහ, අක්ක පිටිපස්සෙ.

යන අතරමගදිත් බලන්න දෙවල් ගොඩායි.

බඹර හව්ස්,  බඹර ගෙදර

ඒ දවස්වල බඹර හව්ස් කෑම්ප් එකට යන පාර අයිනෙ ඇදල තියෙන්නෙ මී මැස්සෙක් කියල මම හිතුවෙ.. අනේ ඉතින් මම පොඩියිනෙ..

තව මුවොත් මෙහෙ ඉන්නව, පාරට ටිකක් එහායින් කැලේ මායිමෙන් හිටපු ගමන් මුවෝ මතු වෙනව,තිත් වැටිච්ච පොඩි මුව පැටව් අපේ දිහාබලන් ඉන්නෙ, උන්ටත් ඉස්කෝලෙ යන්න ආස හිතිලද කොහෙද.

ඊට පස්සෙ හම්බවෙන්නෙ මම බලන්න ගොඩක් ආස ප්ලේන් එක.



මේ චීන වරායෙ ,නැත්නම් චයින බේ එයාෆෝස් කෑම්ප් එක ඉස්සරහ තියන ප්ලේන් එක. ඒක ස්මාරකයක්ලු ඒත් ඇත්ත එකක් මම හිතන්නෙ.

 කොහොම උනත් සමහර දවස් වස්ලට කෑම්ප් එකට ගොඩබාන ප්ලේන් අපි දකිනව.

මුහුද පේන හරියට ආවහම ඈතට සුදු පාටට පේන්නෙ  ලොකු බිල්ඩින් එකක්, ඒක තම ප්‍රීම එක. දන්නවනෙ ඒක පිටි ෆැක්ටරියක්, සමහර දවස් වලට ඒක වටේ නැව්ත් නවත්තල තියෙනව.



නාලන්දෙ මගෙ දෙවනි ඉස්කෝලෙ......

මේ ඉස්කෝලෙ ගැන මගේ අස්වීම් සහතිකේ තියෙන්නෙ මෙහෙම,

ඇතුලත් කල දිනය -1996.03.12                                                            අස්වූ දිනය -1997.06.11

අන්තිමට සිටි පන්තියේ ඉගෙනගත් කරුනු - දෙවන වසරට නියමිත විශයන් සිංහලෙන්....

අවුරුද්දයි මාස තුනයි, අපහු මාරුවීමක්, ඒත් අපි මෙච්චර ලස්සන මෙච්චර හොද පැත්තක් දාල ඉක්මනටම යන්නෙ ඇයි?


මේ ලස්සන පලාතෙ , සුන්දර මිනිස්සු අතරෙ හිටපු අමනුෂ්‍ය සත්තුන්ගෙ හෙවනැල්ල අපිටත් වැ‍ටුන, ඒ අමනුෂ්‍යයො මරණ භය අපේ ජීවිත වලට ගෙනාව......

        කොටි කොටි කොටි ඒ, අමනුෂ්‍ය දෙපා කොටි!



සටහන - අවුරුදු හයේ මතකය අම්මයි අප්පච්චිගෙයි උදව් ඇතිව අවුස්සද්දි මට තේරුනා මට සිතුම් සයුරෙ ඒ හැම දෙයක්ම ලියන්න බැරි වෙයි කියල.. මොකද කතාව ගොඩක් දිගයි.
දිගකතාවක් කියවන්න ඔයාල කැමති වෙයි කියල මම හිතන්නෑ,

කොහොම උනත් මගේ මුල් සටහනේ , 
අපි ඉගෙනගත්ත නදිරා අක්කගෙ පුංචි පන්තිය, 
පුල්ලෙයාර් දානෙ කාපු කෝවිල,      
අපිව මුහුදෙ මැද තියන ලස්සන පුංචි දූපත් වලට එක්කරගෙන ගිය අතක් නැති මුස්ලිම් මාමගෙ කතාව,      
මට පිං කැටේ කියපු නදිර අක්කගෙ අයිය ගැන,     
අපිට හැම දාම අළුත් මාලු එවපු, ඉස්සර ලොරි හතක් තිබුන සමීර මුදලාලි ගැන,   
කොහු මෝල ගැන , 
ටිකට් සීය ගැන, 
මහතුන් මුදලාලි ගැන මේවගේ තව ගොඩක් දේවල් ගැන අතුරු කතා පිරිල තියෙනව

 ඒහැමෝම ගොඩක් හොද මිනිස්සු..

ඒ නිසා ඒ මිනිස්සු ගැන මට තාම  මතකයි!

ඊලග ලිපියෙන් අපි යුද්දෙට පලමුවෙනි වතාවට කො‍ටු උන හැටි ගැන  කියන්නම් 

42 comments:

  1. මොකද බං මේ කමෙන්ට්වලට කරන්නෙ උඹ, ඔන්න ආයෙත් දානව ඒකම. මේ පාර නම් උඹ අත්හදාබලන්න ගිහින් වැඩේ කන්න එපා ගොයියො.


    ආ ... උඹත් සංචාරක ජීවිතයක්නෙ ගතකරල තියෙන්නෙ. ඒකාලෙදි ඔහොම තැනින් තැන නිතරම අළුත් ඉස්කෝලවලට යන එක වදයක් උනාට දැන් ඒක සුන්දර අත්දැකීමක් කියල හිතෙනව ඇති.

    අර ජෙලි ෆිෂ්ල නම් මේ පැත්තෙ මූදෙත් ඉන්නව කාලෙකට, දිය රැළිත් එක්ක එන එවුන් වෙන්න ඇති.

    යුද්ධයට කලින් යාපනේ සාමාන්‍ය ජන ජීවිතය ගැන තියෙන කතා උනත් කියවද්දි ආස හිතෙනවා. මොනව කරන්නද? කාලකණ්නි යුද්ධයක් නිසා රටට අහිමි උන දේවල්වල කෙළවරක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත DDT තැනින් තැනට යන එක් වදයක් වගේ උනාට ලබපු අදදැකීම් දැන්නම් ගොඩක් වටිනව.

      Delete
  2. සිතුම්ගේ W.W වැඩ නොහොත් වැඩි වැඩ නිසා පෙර දැමූ කොමෙන්‍ටු වලට කෙල විය..

    ඉවාන් පව්ලූශා, DDT , ඇතුළු කොමෙන්ට් කරපු හැමෝම මට සමාවෙන්න

    තාම අළුත්නෙ අත්හදාබැලීම් බොහොමයි!

    ReplyDelete
    Replies
    1. ආ ... අවුලක් නෑ බං. බ්ලොග් නොලිව්වට ඔය වැඩි වැඩ කරන්න ගිහින් තියෙන එකත් නැතිකරගන්න එක නම් මමත් කොරල තියෙනව. ඕව මොනාද බං.

      Delete
  3. SIthumpethum එයත් කොමෙන්ට් කරා සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක...මං බැලුවේ බහිරවය ගිලලද කියලා.



      ඊගාව එක බලනකන් ඉවසිල්ලක් නෑ කියලා නේද මම කිව්වේ

      Delete
  4. තැනින් තැනට ගිය එකෙත් ගතියක් ඇති නේද.... ඒ නිසානේ මෙච්චර සුන්දර කතා තියෙන්නෙත්. දිග ගැන හිතන්න එපා ඔයා කතා ලියන්නකෝ. අපි කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට ලියන්නම්කො සමනළී :D

      Delete
  5. උඹ පොතක් ලිව්වත් වෙහෙසක් නෑ. ඒ තරම් රහයි. ඒත් බ්ලොග් කියන්නේ මාගල් නෙමෙයි.. එක එක දේවල් වෙන වෙනම ලියපන්.. හැමදාම ලියන්නත් දෙයක් තියෙන්න එපාය.. මමත් පුදුම ආස පලාතක් නැගෙනහිර. ඔහේ බරකරත්තෙත් මෙහේ ඒවාට වඩා ලොකුයි නේද?

    ReplyDelete
    Replies
    1. මාත් බ්ලොග් කියවද්දි කෙටියෙන් තියන දේවල් කියවන්න කැමතියි ඒකයි කෙටි කරන්න හිතුවෙ මාතලන්,

      ඔව් ඔව්, ලොකු බරකරත්ත තියෙන්නෙ, දැන්නම් දකින්න ටිකක් අඩුයි, මම ඉන්න ගමේ එකක් තියෙනව, මම දන්න ගෙදරක

      Delete
  6. මල ජම්පින් , අයෙ කොටපන්කෝ දැන්, කොහොම වුනත් නැගෙනහිර මාර පලාතක්, පහුගිය දාවස් ටිකේ කල්ලඩි හිටපු නිසා ටිකක් ඇවිද්දා.

    ReplyDelete
    Replies
    1. කල්ලඩි.... එහෙනම්.. රස කතා ඇතිනේද?... අපිටත් දැනගන්න ලියන්න

      Delete
  7. අඩේ මට ඇඩුනා බං අන්තිම හරියට එනකොට.. මේ වැඩේ හරියන් නෑ....

    ReplyDelete
    Replies
    1. ඇඩුනා හිරු ගොඩක් සංවේදියි වගේ....

      මොකක්ද හරියන්නැත්තෙ අ : )...

      හිනාවෙන්න පුලුවන් දේවලුත් මම ලියන්නම්කො

      Delete
  8. හරි ලස්සනට පින්තූර දාලා ලියලා තියෙනවා.මේ එක් නෙමෙයි කොහොමද ඔය පරණ දේවල් ඔච්චර මතක තියාගන්නෙ. මට නම් උදේට කාපුවත් මොනවද කියලා මතක නැති වෙනවා

    ReplyDelete
    Replies
    1. මට ඒකාලෙ ගොඩක් දේවල් මතකයි. සමහර නම් වගේ ඒව අම්මගෙනුයි අප්පච්චිගෙනුයි අහගත්ත.. කොහොම උනත් මේ කතාව හරියට ලියන්න අපේ පරණ ෆොටෝ ඇල්බම්, සහතික ඒවත් උදව් උනා.. ඒව බල බලා කරුනු හොයන එක මාර ෆන් වැඩක්

      Delete
  9. අපොයි! මම නං මුළු ජීවිතේට ම ගියේ එක ම ඉස්කෝලෙට. කතා ටික නං ලස්සණ යි, අයියණ්ඩි. මම නං වැඩිපුර කැමති අන්තිමට අර දම් පාටින් දාල තිබුණේ කොටසක්. ඒකට :D ඉක්මනට දාන්න හො‍ඳේ.

    ReplyDelete
    Replies
    1. මට නම් ඉස්කෝල පහකට යන්න උනා... ඒකත් නියමයි... විවිද පලාත්... අළුත් යාළුවො
      අනිත් කොටසත් ඉක්මනට දාන්නම්කො ධාරා

      Delete
  10. අර අතුරු කතා ටික කියවන්න ආස හිතුනා ...ඒ ටික කොටස් විධිහට ලියන්නකෝ ...අපිට හෙමින් කියවන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. ම්.. මටත් දැන් හිතෙනව ඒවත් ලිව්වොත් හොදයි කියල රෙහානි..
      ඉස්සරහට බලමු

      Delete
  11. රස වෑහෙනවා බොහොම අපූරුම ශෛලියක් උඹට තියෙන්නේ. මේ රස කතාව කොටස්වලට කඩලා ලියන්න. බොහොම රස බර මෙන්ම දුක්ඛිත කතාත් මේ අතර තියනවා කියලා පේනවා. ඒ සේරටම යටින් උඹේ මනුසත්බව පේන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් අයියෙ.
      මිනිස්සු දිහා බලල මම ගොඩක් දේවල් ඉගෙනගන්නව.. ඒ දේවල් මට ගොඩක් මතක හිටිනව.. ඉතින් ඒ මිනිස්සුන්ව මම කවදාවත් අමතක කරන්නෑ

      Delete
  12. යුද්දේ විකුණන් කන්න එපා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට

      Delete
    2. බ්ලොග්කරුවන්ට බ්ලොග් ලිවීම නිසා ලැබෙන ආර්ථික ප්‍රතිලාභයක් නැහැ, ඇනෝ. අනික හරි තැනක මොළේ තියෙන ඕනෙ ම කෙනෙක්ට තේරෙනවා මෙතන මොනව ද ලියලා තියෙන්නේ කියලා. යුද්දේ විකුණගෙන කෑම සහ අත්දැකීම් බෙදා ගැනීම අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි වුණ එක ගැන හරිම දුක යි!

      Delete
  13. මලයෝ උඹ රස්සාවක් කරන තරමට ඉගෙන ගෙන නැහැනේ,, එක නිසා ඔය බ්ලොග් ලියන වැඩේ ට වඩා එකට මුල් තැන දියන්. උඹට හැමදාම කන්න අදින්න අම්ම අප්පා ජීවත් වෙන්නෙත් නැහැ, එදාට ඔය අන්කල් ල ඇන්ටිලා හොයා ගන්නත් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඉගෙනීමට මුල් තැන. මම ඒක කවදාවත් අමතක කරන්නෑ අයියෙ...
      මේ බ්ලොග් ලියන එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙනගන්නව..

      මම නරක වැඩක් නොකරන නිසා මට කවදාවත් වරදින්නෑ කියලයි මම විශ්වාස කරන්නෙ, බ්ලොග් ලෝකෙ දි මට හයියක් වෙලා ඉන්න අය හැමදාම මගේ ලග ඉදීවි.

      මේකත් මට ලොකු අද්දැකීමක්

      ඔයගෙ කොමෙන්ට් එක මම ගොඩක් අගය කරනව ඇත්තටම

      Delete
  14. මේ පලාතේ සුන්දර මතක ගොඩක් මාගාවත් තියනවා . ඔයාගේ ලිපිය ඒ අතීතය මතක් කලා .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි කින්නියාවෙද හිටියෙ නැත්නම් වෙන නගරයකද?

      Delete
  15. ඔහොම තැනින් තැනට යන එක සමහරුන්ට මහ චාටර් එකක් උනාට බොලාටනං ඒක හොඳ රසවත් දෙයක් වෙලා වගේ තේරෙනව.

    අපි අකමැති වෙන්නෙ නෑ මල්ලියෙ ඔය වගේ කතා කියවන්න. හැබැයි එක දිගටම දාන්න එපා. එතකොට ඒකෙ අගයක් නැති වෙයි. වෙන දේවල් ලියන අතරෙ මේ කතාත් දාන්න.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනව එහෙම හොදයි කියල අයියෙ , ඉස්සරහට හොද විදිහක් කරන්නම්කො

      Delete
  16. හරිම අගෙයි. ඉහලයි.. එක හුස්මට කියවන්න පුළුවන්. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බලාගෙන, හුස්ම හිරවෙයි.

      Delete
  17. කලින් ලිපිත් කියෙව්වා.. සිතුම් ගේ මේ ලියන ශෛලිය නිසා කම්මැලි නැතුව කියවන්න පුළුවන්. ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දිගටම එන්න

      Delete
  18. අර පාරුවෙ යන ගමන නම් හරිම අපූරු අත්දැකීමක් වෙන්න ඇතිනෙ. කියවද්දිත් ආස හිතෙනව...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම නියම අද්දැකීමක්, දැන් පාලම නිසා ඒ අද්දැකීම විදින්න හම්බෙන්නෑ chams

      Delete
  19. ෂා උබ මාර අත්දෑකිම් තියෙන පොරක් නෙ.ඔකත් වාසනාවක් බොලේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත දමිත් බලන් ගියහම ඒකත් වාසනාවක්!

      Delete
  20. ලිව්ව නේද කොල්ලො මේ පාරත් අට්ටි හැලෙන්නම. ඉස්සරහට ලියන ඒව බලන්න ආසවෙන් ඉන්නවා. ඔහොම යමන් මචෝ :D

    ReplyDelete
    Replies
    1. ටික ටික හරි ලියනව අමතක කරන්නෑ

      Delete