Friday, July 5, 2013

කුමාරයා මං


" සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න "

පන්තියට ආපු නංගිල දෙන්නෙක් කියපු පනිවිඩය රේනුකා ටිචර් මට කියුවෙ එහෙම.

ලියලියා හිටිය නෝට් පොත පැත්තකින් තියල නැගිටින ගමන් මම හිතුවෙ කුමුදු ටීච්ර් මට මේ වෙලාවෙ මොකට එන්න කියනවද කියල.

මේ මම නමයෙ පන්තියෙ ඉන්න කාලෙ.

නමය පන්තිය තිබුනෙ, ඉස්කෝලෙ තිබුන තට්‍ටු දෙකේ බිල්ඩින් දෙකෙන් එකක. දැන්නම් බිල්ඩින් තුනක් තියනව එත් ඉස්සර තිබුනෙ දෙකයි.

මම හිටියෙ කොම්පියුටර් රූම් එක තිබුන බිල්ඩින් එකේ, උඩ තට්‍ටුවෙ කෙලවර තිබුන නවය A පන්තියෙ.

කුමුදු ටිචර්, කුමුදු ටිචර්තමා අපිට ඉංග්‍රීසි උගන්වන්නෙ.

ඉතින් ඉංගිරීසි උගන්වන ටීචර් කෙනෙක් කතාකරනව කියන්නෙ ලෙඩක් තමා...

" ආ... මේ.. එන්නෙ ප්‍රින්ස් "

ඉස්කෝලෙ පිටිපස්සටම වෙන්න තිබුන මේන් හෝල් එක ඇතුලට ආපු මාව පෙන්නල කුමුදු ටීච්ර් කියුවෙ හැමෝටම ඇහෙන්න..

කර කර හිටපු කතාබස් නවත්තපු ඔක්කොම අය, මගේ සපත්තු දෙකේ ඉදන් හිස් මුදුන වෙනකම් බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ..

මේ මොකක්ද යකෝ වෙන්න යන්නෙ..! මගේ හිත හිතන කොටම කුමුදු ටීචර් කතා කරා.

"සිතුම් පුතා.. මේ සැරේ ඉංග්ලිශ් කොම්පෙටිශන් වලට අපි ඩ්‍රාම එකක් දානව... අට වසරින් තමා ඔක්කොමල ගන්න හිටියෙ, ඒත් පුතා... ප්‍රින්ස්ගෙ කැ‍රැක්ටර් එකට හොද කෙනෙක් හිටියෙ නෑ, ඔයාට පුළුවන් නේද ඒක කරන්න"

කිසිදෙයක් හිතාගන්න බැරිව හිටිය මට ඇහුනෙ,..ඉංග්ලිශ්, කොම්පෙටිශන්,...,ඩ්‍රාම,...ප්‍රින්ස්.. කියන වචන විතරයි.

"පුළුවන් ටීචර්... මම කරන්නම්.."   මගේ කට මටත් නොදැනිම කිව්ව.

රගපාන්න,උඹ .. මොකක්ද සිතුමො  කර ගත්තෙ.. දැන් ඉතින් ස්ටේජ් එක උඩට නැගල චාටර් වෙයන්

හිත කියුවදේට මට හීන් දාඩිය දාගන ආව...

"පුතා මේ වසන්ති ටීචර්, වසන්ති ටීචර් තමා ඩ්‍රාම එක ප්‍රැක්ටිස් කරවන්නෙ.. හැමදාම හවසට ප්‍රැක්ටිස් තියනව පුතාට එන්න පුළුවන්ද?.."

"පුළුවන් ටීචර් මම එන්නම්..."

කොච්චර පුළුවන් කියුවත් මගේ හිත කියුවෙම පැනල පලයන්..... කියලමයි.

වසන්ති ටීචත් උගන්නන්නෙත් ඉංග්‍රීසි,
හැබැයි අපිට නෙමෙයි, එකොලහ, දොලහ, දහතුන , පන්තිවලට, ඉතින් ඒ නිසා වසන්ති ටිචර්ව අපිට හම්බවුනේ බොහොම කලාතුරකින්.

ලොකු රවුම් මූනක් තිබ්බ ටීචර් දාගෙන හිටපු රවුම් කන්නඩි කුට්ටම නිසා මට ටීචර්ව පෙනුනෙ කන්නාඩිකුට්ටමක් දාගෙන හිටිය ලොකු බස්සෙක් වගේ.....


"සිතුම් පුතා.. ඔයා මීට ඉස්සර ඇක්ට් කරල තියනවද?"

වසන්ති ටීච්ර් මගෙන් මුලින්ම ඇහුවෙ එහෙම..

"නෑ ටිචර්"

"කමක් නෑ, නළු පෙනුමක් තියෙනවනෙ, අපි කරල බලමු. කො.. හැමෝම එන්න.... ප්‍රින්ස්ව අදුන ගන්න.."

මෙච්චර වෙලා හොරෙන් වගේ අපි කතාකරන දේවල් අහන් හිටිය කෙල්ලො සෙට් එක ටිචර් ලගට ආව..

"පුතා අපි මේ සැරේ කරන්නෙ ස්ලීපින් ප්‍රින්සස්, අහල තියනවනෙ නිදි කුමාරි කතාව, මේ තමා ඩ්‍රාම එකේ විච්" 
වසන්ති ටීචර් එහෙම කියුවෙ ලග හිටපු කළු නංගි කෙනෙක් පෙන්නන ගමන්

විච්.., කව්ද  යකෝ විච් කියන්නෙ ...

"එතකොට.... මේ කුවින් , මේ කිං "

කොල්ලෙකුත් ඉදලනෙ මේකව දැක්කෙ දැන්

"එතකොට... කෝ ප්‍රින්සස්.. සොනාලි.දූ ...."

"එනව ටීචර්...."




මේන් හොල් එකේ දොරින් ඇතුලට ආවෙ පුංචි ගෑනු ළමයෙක්..ලස්සන පුංචි නංගියෙක්..
මේ මම ඒවෙනකොට දැකපු, කෙට්‍ටුම ගෑනු ළමය,
ඒත් දගකාර දිලිසෙන ඇස් දෙකක් තිබුන සොනාලි නංගි, ඇත්තටම ගොඩාක්.. ලස්සනයි..!

"දූ මේ සිතුම් අයිය තමා ප්‍රින්ස්ට ඇක්ට් කරන්නෙ.., එතකොට පුතා මේ තමා ප්‍රින්සස්"

මං දිහා චුට්ටක් බලල හිනාවුනු සොනාලි නංගි බිම බලාගත්තෙ ලැජ්ජාවෙන් වගේ

"එතකොට අපිට සෝල්ජර් කෙනෙක් අඩුයි නේද?"

" ගිහාන් එන්නම් කිව්ව ටිචර්" ඒ විච්

" හොදයි.. එහෙනම් ඒ කියන්නෙ සිතුම් විතරයි නවය වසරෙන්..... එහෙනම් ඉතින් නංගිල මල්ලිල එක්ක ඩ්‍රාම එක හොදට කරමු කැමතියි නෙ "

එතකොට මේ නංගිල ගොඩට මම විතරයි නේද අයිය!


  අනේ! මේ වගේ ටීචර්ලට මල් තියන වදින්න ඕනෙ අප්ප...

 මෙච්චර වෙලා අකමැත්තෙන් හිටපු හිත එක පාරම වැඩේට කැමැත්ත දුන්න

ටිචර් දුන්න ඩයලොග්ස් ටිකත් අරගෙන.. මම පන්තියට අවෙ හෙට හවස ඉස්කෝලෙ මොනව වෙයිද කියල හිතන ගමන්..

"Oh.. My Little Daughter... she's very Beautiful"

තොටිල්ලක් කියල හිතාගෙන,කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් ගත්ත හුනු කොට්ටෙ ක්වීන් ආදරෙන් ඉම්බ..

අහ්..! අපි ප්‍රැක්ටිස් පටන්ගත්තනෙ, මේ පලවෙනි දවස.

ඔන්න ඉතින් රජ ගෙදර දූ ඒ කියන්නෙ මගේ පුංචි කුමාරි ඉපදෙනව..., විච් ට කිව්වෙනැති නිසා විච් නොහොත් මන්තරකාරි තරහ වෙනව, තාත්තට හොරෙන් මාලිගාවෙ ඇවිදින්න යන ලස්සන කුමාරි මන්තරකාරිගෙ උගුලකට අහුවෙලා ඉදි කට්ටක් ඇන ගෙන දොයිය ගන්නව....

දැන් තමා කුමාරයගෙ වාරෙ,ඒ කියන්නෙ මගේ වාරය.

"කෝ ප්‍රින්ස්.., අ සිතුම් පුතා, දැන් ඔයා අස්සය පිටේ එන්න ඕනෙ, සෝල්ජර් ඔයත් අස්සය පිටේ නැගල ප්‍රින්ස් පිටිපස්සෙන් එන්න...ඔයාල යන්නෙ කැලේකට හරිද "

මදැයි කොරා දැන් පලයන්කො අස්සය පිටේ..

ටිකක් වෙලා කල්පනා කරපු අපි දෙන්න දැන් අස්සය පිටේ යනව

" මයි ගෝඩ්....! ගෙම්බෙක් වගේ පැන පැන එන්න එපා පුතා , අස්සයෙක්  උඩ යන්නෙ ගෙම්බෙක් උඩ නෙමෙයි......"

කොල්ලො දෙන්න ගෙම්බො පනිනව දැක්ක ටිචර් කිව්වෙ ඔලුව අත ගහගෙන.

" දූල ඔය කොසු දෙකකක් ගෙන්න... දැන් පුතාල ඔය කොස්ස කකුල් දෙක අස්සෙ හිරකරගෙන, පොඩිකාලෙ අස්සය ගෝන් ගියා වගේ යන්නකො"

අස්සය ගොන් කෙසේ වෙතත් , කටවල් තදකරන් හිනාවෙන නංගිල ටික දැක්කහම මට හිතුනෙ අස්සය පිටේම ගෙදර දුවන්න.

හොද වෙලාවට ප්‍රින්සස්ට ගානක් නෑ,.. චූටි නංගි නිදි,    නංගිට ඇත්තටම නින්ද ගිහින්වත් ද?

කොහොමහරි, කැලේ අස්සෙන් අස්සය පිටේ යන කුමාරයට රජ මාලිගයක් හම්බවෙනව, සෝල්ජර් එක්ක ඇතුලට යන කුමාරය නොහොත් ප්‍රින්ස් සිතුම් දකින්නෙ, උඩු අතට, ගුරු මේසෙ උඩ නිදිය ගෙන ඉන්න පුංචි කුමාරිව....

"හරි පුතා දැන්... හිමිහිට ලගට  ගිහින්, ප්‍රින්සස්ව කිස් කරන්න.."

මම මොකක්...

\

ටීචර් කියපු දේට ප්‍රින්සස් කුමාරිත් උඩ ගිහින් ඇහැරුනා

"නැ නැ.. ඇත්තම කිස් එකක් නෙමෙයි.. හෙමිහිට ලගට ගිහින් ඔලුව පාත් කරන්න...... එතකොට ඔන්න ප්‍රින්සස්  ඇහැරෙන්න ඕනෙ.."

සීතල වෙලා තිබුන අත පය, ටික ටික උනුසුම් වෙනව දැනුනෙ එතකොට..

කට ඇරන් බලන් හිටපු අපේ පුංචි ඕඩියන්ස් එක සුන්වූ බලාපොරොත්තු ඇතුව කට වහ ගත්ත..

ඉතින්, අඩි කිහිපයක පරතරය ඇතිව හාද්දක් දුන්නහම දැන් ප්‍රින්සස් නැගිටිනව....

ප්‍රින්සස් විතරක් නෙමෙයි කිං, කුයින්..ඔක්කොමල නැගිටිනව...

 ඊට පස්සෙ ඉතින් වෙඩින් එක..


ඒක වෙන්නෙ මෙහෙම කිං විවාහ වෙන්න අවසර දුන්නහම.. කුමාරයයි කුමාරියි අත් දෙක අල්ලගන්න ඕනෙ..

අත් දෙක අල්ලගන්න, අපෝ මට බෑ....

ඒ කාලෙදි, ඒ වයසෙදි..කෙල්ලෙක්ගෙ අතින් අල්ලන එක අපිට පෙනුනෙ මහා පාප කර්මයක් වගේ..ඇත්තටම මාර ලැජ්ජයි., අනික මේ ප්‍රසිද්ධියෙ කොහොමද දෙයියනේ ඕව කරන්නෙ..!

ප්‍රින්සස්ටත් ඒකම හිතිලද කොහෙද..අපි දෙන්නම ඇගිලි ටික විතරක් අල්ලල ෂේප් උනා.
ඊට පස්සෙ තිබ්බෙ හැමෝටම ගී ගයා විසිරයන්න..

අම්මෝ..එක දිගට ප්‍රැක්ටිස්....

මේ වෙනකොට මගේ වෙඩින් එක දැන ගත්ත මගේ මිතුරු කැල.. නව යුවල ගැන සැමට ප්‍රසිද්ධ කිරීමේ නියලුනා.

" ආ සිතූම් අපිට හොරෙන් බැන්ද නේද?"

" ආ... සොනාලී...."

 මේ අස්සෙ සමහරු සීරියස් අරන්,

" මචං ඇත්ත කියපන් බං.. ඇත්තටම හවසට උඹල දෙන්න මොනවද කරන්නෙ, උඹල දෙන්න සෙට් නේද?."

මේව ඒ දවස් වල  නිතර ඇහුන දේවල්..

ඉතින් මටත් මොකෝ , කෙල්ලත් හොදයි නෙ!

මේ කියන කතා නිසා දෝ..අමන්ද, සමහර දවස්වල පුංචි කුමාරියි මායි හීන ලෝක වල පුංචි පුංචි නාට්‍යත් රග පෑව..


රංගජීව සර් එනවලු අපේ නාට්‍ය බලන්න.....

රංගජීව සර් කියන්නෙ රාජ්‍ය සම්මාන දිනපු නාට්‍යකාරයෙන්, සර් එන්නෙ අපේ නාට්‍ය බලල අඩුපාඩු හදන්න..

"හෙට එද්දි ඔක්කොමල කොස්ටියුම් අරන් එන්න ඕනෙ.. අපි හෙට කොම්පෙටිශන් එක කියල හිතගෙන මේක කරන්නෙ.. උදෙන්ම එන්න ඕනෙ හැමෝම"

හවස ගෙදර යද්දි ටිචර් කියුවෙ එහෙම.

උදෙන්ම ඇවිත් මිත්තරයන්ගෙ සහයෝගය ඇතිව කුමාර ඇදුම දාගත්ත මම, සෝල්ජ්ර් මල්ලිත් එක්ක මේන් හෝල් එකෙ ඉස්සරහ බංකුවක වාඩි උනේ අස්පයගෙ පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න..

දහය , එකොලහ පන්ති මේන් හෝල් එක ඇතුලෙ ඩ්‍රාම එක බලන්න .. ඒ අපේ ඕඩියන්ස් එකලු...


"කොහෙද මනුස්සයො ප්‍රින්සස්"
 නාලාගිරි ඇතා වගේ කඩාගෙන බිදගෙන ආපු වසන්ති ටිච්ර් මගෙන් ඇහුව..

"ම .. ම.. මම ගත්තෙ නෑ ටීච්ර්..."

" ගත්තෙ නෑ.."

"නැ.. ම.. මම දන්නෑ ටිචර්"

"සර්රුත් ඇවිත් කොහෙද මනුස්සයො මේ කෙල්ල, ඒකි නැතිව පටන්ගන්නත් බෑනෙ.."

"එයා ගෙදර ඉදන් ලෑස්ති වෙලා එනව කියුව ටිචර්"  අසරණ වෙලා හිටිය මගේ උදව්වට ආවෙ මන්තරකාරි..

මේ වෙලාවෙ පට පට ගාල ආපු සද්දෙ ඇහිල අපි හැමෝම බැලුවෙ ගේට්‍ටුව දිහා..

මගේ කුමාරි එනව... 

සී කුවීන්ස් අල්ලපු, ලස්සන පිම්බුනු ගව්මක් ඇදන්,  සුදු මූන පව්ඩර්වලින් තවත් සුදු කරන්,  සුදු මේස් දෙකක් අත් දෙකට දාල, ලස්සන පුංචි ඊයම් පාට ඔ‍ටුන්නක් ඔලුවෙ දාගෙන..තාත්තගෙ පරණ රතු පාට තැපැල් නයින්ටියෙ ලැගේජ් එකේ ඉදගෙන.., මගේ කුමාරි එනව

කොහොමද පැටියො ටව්න් එක මැද්දෙන් ඔහොම ආවෙ..

 මට ඇඩෙන්න වගේ..

මෙච්චර වෙලා කෝපයෙන් වෙව්ල වෙව්ල හිටිය ටීචර්ගෙ කටත් ඇරිල.

මේ දර්ශනය ඇසිපිය නොහෙලා බලන් හිටිය මාගේ සීලාචාර කටවල් ඇති යහළුවන්ගෙ ඇස් මගේ දිහාට හැරුන නිසා, මං මේන් හෝල් එක ඇතුලට රිංගුවෙ පැත්තකින් හේත්තු කරල තිබුන ලී කඩුවත් අරන්.


ඉක්මනින් පටන් ගත්ත නාට්‍ය දර්ශනය අවසන් උනේ අයියල අක්කල ගෙ අත්පොලොසන් හඩත් එක්ක..

 අපේ වැඩේ හොදයි!

දැන් ඉතින් ගුණ දොස් විචාරය.

හැමෝගෙම ගුණ දොස් නාට්‍යානුසාරයෙන් කියාගෙන ආව රංගජීව සර් අන්තිමට හැරුනෙ කුමාරය දිහාවට, ඒ කියන්නෙ මන් දිහාට.

" මේ බලන්න කුමාරයො ඔයාගෙ රගපෑම හොදයි. ඒත් තව ටිකක් චරිතයට කිදාබහින්න ඕනෙ,
තාත්වික වෙන්න ඕනෙ, ලැජ්ජ වෙලා බෑ....

බලන්න, ඔයාට.. ලස්සන කුමාරියක් දීල තියනව...ඒ කුමාරි ඔයාට බන්දලත් දෙනව.. හ.. කියන්න ඔයා කුමාරිට කැමති නැද්ද? "

"කැ .කැමතියි සර්.."

"එහෙනම් මොකද මනුස්සයෝ ... ඔච්චර ලැජ්ජාවෙන් මේ කෙල්ලගෙ අත අල්ලන්නෙ... අල්ලනවකො හොදට... ඔයවගේ චානස් හම්බෙනවද හැමෝටම.."

සාවදානව අසාසිටි ප්‍රේකෂක යන්ගේ සිනහ හඩ සහ හූ හඩ දසත පැතිරුනේ මගේ හිත සලිත කරමින්
ඒත් ... එකපාරටම මගේ සුපිරි සිතට ආවෙ වෙන දෙයක්,


සර්.. අතින් අල්ලන එකනම් හරි එතකොට..., කිස් එක...

 රතු වෙලා තිබුන පුංචි කුමාරිගෙ සුදුමූන දිහා මට බැලුනෙ ඉබේටම වගේ..

51 comments:

  1. මාරු කතාව! ඇත්තට ම හරි ම ලස්සණ යි, සිතුම් අයියේ . . . කතාව මැවිලා පේනවා වගේ. ඒ අතරේ උඹ ළාවට වගේ කියා ගත්තා නේද "මම හැන්ඩියා" කියලා :D

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ නංගි.. ගොඩක් අය එහෙම කියනව තමා ඒත් ඉතින් මම ඕව ගැන වැඩිය හිතන් නෑ.... :D

      Delete
  2. හයියූ .... ඒ පාර ඇකිලුනේ සර්ගෙ මූනලු. :D

    උඹ ඔය ඉමේජ් දාපු tangled එකේ කොල්ල වගේ හිටිය නම් මරුවට තියෙන්න ඇති, මට මැවිල පෙනුනා උගේ ඇක්ෂන්. හිනාකාල මැරෙනවා ඒ ඇක්ෂන්වලට නම්.

    ReplyDelete
    Replies
    1. Tangled මට කට පාඩම් film එකක්... ෆ්ලින් රයිඩ්ර් ගෙ ඇක්ෂන් මරුතමා...

      Delete
  3. ඉතිං කොල්ල (සොරි ප්‍රින්ස් සිතුම්) කොම්පෙටිෂන් එක දවසෙ කෙල්ලගෙ අත මිරිකල රියල් කිස් එකකුත් දුන්නලු නේද?

    ReplyDelete
    Replies
    1. ශි... මට මතක නෑ අප්ප... : )

      Delete
  4. නියමයි පුතා නියමයි. බලමු ඔබ ගැන මගේ යම් අදහසක් තියනවා. පස්සෙ කියන්නම්, දැනට කල් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මේ පැත්තට පැමිනිය එක මට ලොකු සතුටක්....
      මන් ගැන තියන අදහස දැන ගන්න මම බොහොම කැමතියි....

      ඒ වගේම මම හිතනව ඔබතුමා මම ලියපු අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද ලිපිය කියවන්න ඇති කියල, එතන තිබුන ලොකු පොතේ නම යෝග රත්න කාරකය..

      ඒ පොතේ සම්පූර්ණ යෙන්ම තියෙන්නෙ කවි.. පි‍ටු පන්සිය පනහකටත් වඩා මේ පොතේ තියනව.. මේ පොත ගැන ඔබ ගේ අදහස දැන ගන්න කැමතියි

      Delete
    2. parana kenekwa mathak wenawa neh? ;)

      Delete
  5. අදත් වෙනදා වගේම හොඳයි සිතුම් ..ඇත්තමයි කියවන්න හරිම ආස විදිහට ඔයා ලියනවා ..ප්‍රින්ස් කොහොමහරි ප්රින්සස්ට කිස් එක දෙන්න තමයි ට්‍රයි කලේ නේද ? :D මටත් තියනවා ඔය වගේ පුංචි කාලේ නාට්‍ය මතකයක් !මේක කියවද්දී ඒක මතක් උනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ස්තූතියි!...
      ඒ මතකෙ ගැන අපිටත් දැන ගන්න ලියන්නකො

      Delete
  6. බොහොම හොදයි කතාව ලස්සනට ලියවිලා තියෙනවා ...
    දීර්ග ගමනකට සුභපැතුම් .!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! චමී..

      Delete
  7. ඉස්කෝලේ කාලේ ඔය වගේ සුන්දර මතක තමා ඉතුරු වෙන්නේ.ඉතින් ඊට පස්සේ මුකුත් නැද්ද අතුරු කතාවක් එහෙම.... :D

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත මොරබ්බ.
      ඒ කාලෙ මතක් වෙනකොට මාර සතුටක් දැනෙනව..

      ඊට පස්සෙ විතරක් නෙමෙයි, මේ කතාව ඇතුලෙත් අතුරු කතා ගොඩයි.

      බොහොම අමාරුවෙන් මෙච්චර කොට කරේ

      Delete
  8. දැන් අපිත් ප්‍රින්ස් කියන්න පටන් ගනියි කියලා නේද හිතුවේ.. අපි අහුවෙයි ඕවට... හි හි....

    9 වසරේ දි ඔහොම චාන්ස් එකක් කියන්නේ ඊට වඩා වැඩිමල් අයියලාගේ ඊරිසියාවට ලක් වෙන වැඩක්... ගුට් කන්නත් වෙන ජාතියේ... එහෙම උනේ නැද්ද සිතුම්....

    ReplyDelete
    Replies
    1. ආ ... මේ ඉන්නෙ අත්දැකීම් සපිරි කාන්තාවක්. :)

      ෂුවර් එකටම හිරු හින්ද කවුරු හරි අහිංසකයෙක් දෙන්නෙක් මූණකට සමතලකරවගෙන ඇති ඒ කාලෙ. කොල්ලොන්ගෙ වලිවල කොනක චීත්තයක් ඉන්නවය කියන්නෙ නිකන්යැ, නේහ් ..... :)

      Delete
    2. ඇත්තටම මං ඔය සීන් එක ගැන දුකෙන් ඉන්නේ DDTයෝ... මං හින්දා වලියක් ගිහිල්ලම නෑලුනේ දැන් බලනකොට.... හි හි

      Delete
    3. හිරු ටත් වෙලා තියෙන වැඩ..
      පොඩි පොඩි සිද්ධිවුනා.. ඒව ශේප් : )

      Delete
    4. ඒ කියන්නෙ කොල්ලා ගුටි කාලා

      Delete
  9. අඩේ.... මේකටත් වදින චාන්ස්.... ඇත්ත කියනවා, අන්තිම දවසේ දුන්නා නේද ප්‍රින්සස්ට රියල් කිස් එකක්..... ;)

    ReplyDelete
  10. දැන් මේක මේ පොඩි කාළේ වෙච්ච බොහොම සුළු හිතේ පහල වෙච්ච පෙම් පටලැවිල්ලක්නේ. ඒත් එකෙකුටවත් පුළුවන් උනාද මෙච්චර ලස්සනට මේ දේ කියන්න. මීට වඩා රහ දේවල් උනත් අමුවෙන්වත් කියා ගන්න බැරි උන් වැඩිපුර ඉන්නේ. අනික කතාවට ගැලපෙන පින්තූර.. උඹ නම් හැබෑ දස්සයෙක් පුතා... මල් හතයි බුලත් වට්ටියයි...

    පැහැදිලි අනාගතයක් හිමියි තරුණයා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ! මාතලන්, බොහොම ස්තූතියි !

      Delete
  11. අඩෝ කොපි කැට් කාරයා. ගොන් පාර්ට් දාන්න එපා යකෝ මෝඩ හරක් කතා ලියලා.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනය,තොට ගොන් පාර්ට් වුනාට අපිට රස සාගරයක්.
      තොට කිචි නම් නොකියව ඉදපිය **ස බල්ල.
      අලුතෙන් ආපු වැඩ්ඩෙක් ගෙ ගමන නවත්තන්න ආවොත්,හතර හන්දි කඩල ගිහිල්ල දානව හොරිවිල.

      Delete
  12. මේ වගේම අද්දැකීමක් මටත් තියෙනවා බං !!!! හැබැයි අන්තිමට උනා වගේ දරුණු දෙයක් නං උනේ නෑ !!! සුපිරි ඇ

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිනෙල්කට මේ කතාව හොදට දැනෙන්න ඇති.

      Delete
  13. Tangled එකේ පින්තුර ටික කතාවට ගැලපෙන්න දාල තියෙනව? ඉතින් දෙන්න ඊට පස්සෙ වෙන වෙන නාට්‍යත් රඟ පෑවද ??

    ReplyDelete
    Replies
    1. හ හා.. ඕවට උත්තර දෙන්න බෑ දෙයියනේ!

      Delete
  14. මට අල්ලලා ගියේ ප්‍රින්සස් තැපැල් නයින්ටියේ ටවුම මැදින් අපු හැටි .. මැවිලා පෙනුනා .... " එතකොට කිස් එක " තාත්වික්වම කොලාද ?

    ReplyDelete
    Replies
    1. මොන තාත්විකද සමීර , ප්‍රින්සස් ඊට පස්සෙ මම ලගට එනකොටම නැගිටින්න ගත්ත.. පලාත් ගියට පස්සෙ ටිකක් ෂේප්

      Delete
  15. මේක ලියන විදිය හොදට හුරුයි වගේ.බලමුකෝ ...............කොහොම උනත් ලස්සනට ලියල තියෙනවා.දිගු ගමනක් යන්න ලැබේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇගයුමට ස්තූතියි!

      Delete
  16. එලම එල, පට්ටම පට්ට, සිරාම සිරා.... තව මොනවද තිඉයෙන වචන...ම්..ම්..ම්.. ආ එක නෙවෙයි උඹ කොහොම හැරී උඹට නළු පෙනුමක් තියෙනවා කියලා කියා ගත්තා නේද?

    ReplyDelete
    Replies
    1. ටීචර්නෙ කියුවෙ ප්‍රගීත්, මොනව කරන්නද ඉතින්:D

      Delete
  17. අනෙ හුකෙ උබෙ ඔලුවෙ ඔක තමා දිගටම තිබුනෙ නෙ ????. මම කිවුවෙ කිස් එක.එලටම ලියල ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු :D

      Delete
  18. ලියන විදිය විදියත් ප්‍රයෝගත් ආකර්ෂණීයයි; සිත්ගන්නාසුළුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! සුමිත්
      දිගටම මේ පැත්තට එන්න.

      Delete
  19. ඔයා ලියල තියෙන විදිහ නම් නියමයි සිතුම්. හරියටම කතාවටම ගැලපෙන පින්තූර ටිකකුත් හොයාගෙන. ඇත්තටම ඔයා අර ප්‍රශ්නෙ ඇහුවද සර්ගෙන්???

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ chams, ඒක මට හිතුන විතරයි. ඇහුවනම් එහෙම හොදට කන්න වෙනව :D

      Delete
  20. උඹ ලස්සනට ලියනව. ඒ්ෙක් ෙදකක් නෑ.. ජයම ෙව්වා. ලජ්ජාව පැත්තක දාලා අතිං අැල්ලුව අනිත් වැෙඩත් නිකම්ම හරි යාවි.. ඒක හරිගිෙය් නැද්ද බං..

    ReplyDelete
    Replies
    1. සර් මගේ ලැජ්ජාව නැති කරානෙ.. ගුරුවරු කියනදේ අහන්නත් ඕනනෙ :D

      Delete
  21. awurudu ganakin ban mee blog ekakata comment ekak danne.uba sira liyanawa.atharamaga nawaththanne nathuwa digatama liyapan kollp.sira hode,

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි මහීම. දිගටම ලියන්නම්..
      මේ පැත්තට නොවරදවාම එන්න.

      Delete
  22. ඒල කතාව මෙහෙම හිටියට අපිත් හෙන නලුවො තමා ඉස්කෝලෙ යන කාලෙ මමත් ඔය නාට්‍ය දෙකකම හිටියා. එකක හිටියෙ වලහෙක්ට ඒකෙ තිබ්බේ කතාව ඉවරවෙනකම් ගොරවන්ඩ විතරයි. අනිකෙ හිටිය් මලකට ඒකෙ තිබ්බේ කතාව ඉවරවෙනකම් හෙලවෙන්ඩ.

    ReplyDelete
  23. අඩේ උඹ නියමෙට ලියනවා බං.පිංතූරත් එක්ක ස්ටෝරිය නියමෙට යනවා.කෙල්ලත් ලස්සන නම් කොල්ලෝ නෝන්ඩි දැම්මට හිත ඇතුලේ හෙන ජොලියක් තියෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් කියල වැඩක් නෑ කසුප්

      Delete
  24. ලස්සන පොස්ට් එකක් මල්ලි. මට අපි ඩ්‍රාමා කරපු හැටි මතක් වුනා. හප්පා ඒ වගේ සුන්දර කාලයක්. අපිට නම් ඔය කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අත් අල්ලන එක ප්‍රශ්නයක් වුනේ නෑ. මොකද අපේ ඉස්කොලෙ ගෑල්ලමයින්ගෙ ඉස්කොලයක්. හික්ස්... දිගටම ලියන්න. ජය වේවා

    ReplyDelete