Thursday, June 27, 2013

සුද්දගෙ බ්ලූ සීඩී එක

 





"කොහෙද බන් උඹ ගිහින් හිටියෙ ආපුවෙලේ ඉදන් මම උඹව හොයනව"

පන්තියෙ මගේ ඩෙස් එක උඩ වාඩි වෙලා හිටපු කුප්ප කෑගැහුවෙ මුලු පන්තියටම ඇහෙන්නත් එක්ක.

"හයට ගියා බන් උන් මිදුල අතුගාල තියෙන්නෙ බාගෙට, ආපහු අතුගෑවෙව්ව, නැත්නම් අපිටනෙ බන් සර්ලගෙන් අනංමනං අහන්න වෙන්නෙ,මොකද කේස් එක? උදෙන්ම ඔෆ් එකක් ද?",


මේ අපි නිල් කොට කලිසමට බායි කියල සුදු දිග කලිසම අලුතින්ම ඇදපු කාලෙ.ඒ කියන්නෙ අයියල උන කාලෙ.

හැමෝටම සුදු දිග කලිසම හම්බ වෙන කොට, මට තවත් දෙයක් හම්බවුනා, ඒ ශිෂ්‍යය නායක පට්ටම.
අලුත් ශිෂ්‍යය නායක සෙට් එකට මුලින්ම දෙන්නෙ පොඩි ළමයි බලාගන්නනෙ, ඉතින්

මට මුලින්ම බාරදුන්නෙ හය වසර.හැබැයි වැඩේ ලේසිමත් නැහැ ඒක ඉතින් දන්නෝ දනිති.



පන්ති හතරක් තිබ්බ හයවසර බලාගන්න ශිෂ්‍යය නායකයො හතරක් හිටිය, කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි.

මේ පන්ති තිබුනෙ සර්ලගෙ ක්වාටස් ලග නිසා පන්ති අවට පිරිසිදුකම ගැන අපි හිටියෙ ලොකු අවදානයකින්.
නැතිනම් උදේ පාන්දර එලියට බහින සර්ල ජාතිය අමතන්නෙ පොඩි උන්ට නෙමේ අපි හතර දෙනාට.
ඒක නිසා පොඩි කොල්ලන්ටයි කෙල්ලන්ටයි ටොකු ඇනල හරි අපි මිදුල හරියට අතු ගාවගත්ත.
ශිෂ්‍යය නායකයො උනහම ඉතින් පොඩ්ඩක් සැරටත් ඉන්න එපැයි.

කුප්ප, මගේ ගජ යාළුව,
මිනිහ මගේ පන්තියෙ නෙමෙයි C එකේ, මම  A එකේ.
ඇගට හිර වෙන්න කලිසමයි කමිසෙයි ඇදල ලාවට ජෙල් පාරක් දාගෙන එන මූ ටවුන් එකේ පොරක්


"උදේම සිංහල බන් ටීච්ර් පරක්කු වෙලානෙ එන්නෙ,ඒක නෙමෙයි පොඩ්ඩක් වරෙන්කො පොඩි වැඩක් තියෙනව"

උදේ පාන්දරම මොකක් හරි බෙල්ල ගහල යන වැඩක් තමා, පන්තිය පිටිපස්සට මාව ඇදන් ගිය කුප්ප අතේ තිබුන ගණිත අච්චු පොතෙන් එලියට ඇදල ගත්තෙ බ්‍රව්න් පේපර් කවරෙක දාල තිබ්බ සීඩි දෙකක්.

"මචං මේ දෙක උඹට තියාගන්න පුළුවන්ද?"

"මොනවද බන් ඇතුලෙ තියෙන්නෙ?"

මොනවද තියෙන්නෙ කියල ලාවට අදහසක් ඔලුවට ආවත් මට අහන්න හිතුනෙ නිකමට වගේ.

"කා‍ටුන් එකක් බන්"

"කා‍ටුන් එකක් අනෙ පලයන් යකෝ යන්න උඹ බලන කා‍ටුන් ඇත්ත කියපන්"

"හරි හරි බන් එකක තියෙන්නෙ කා‍ටුන් එකක්, අනිකෙ තියෙන්නෙ බ්ලූ එකක්"

මොබයිල් ෆෝන්, ඩිවිඩි ,ඉන්ට්ර්නෙට්, එච්චර ජනප්‍රිය නැති ඒකාලෙ ගොඩක් තිබ්බෙ සීඩී.
ඒ දවස් වල සීඩී කඩවල සීඩී විතරක් නෙමෙයි සීඩී ප්ලේයර් පවා කුලියට දුන්නෙ සීඩී ප්ලේයර් එකක් පවා ගෙදරක තිබුනෙ කලාතුරකින් නිසා.

කොල්ලො සෙට් වෙලා ‍ෆිල්ම් බලන එක ඒකාලෙ සොමි වැඩක්, ගොඩක් වෙලාවට මේවැඩේට සෙට් උනේ ටවුන් එකේ ඉන්න කොල්ලො.මම ටවුන් එකේ නෙමේ නිසා මාත් ඒ වෙනකොට කොල්ලො සෙට් එකක් එක්ක සීඩී බලල තිබුනෙ නෑ.


සිංහල,දෙමළ,ඉංගිරීසි ‍ෆිල්ම් වගේම කලාතුරකින් හම්බෙන බ්ලූ සීඩීත් කොල්ලො සෙට් වෙලා බැලුව,හොයාගන්න ගොඩක් අමාරු නිසා අපි ඒ සීඩී පරිස්සම් කරේ නිධන් වගේ, ගත්ත විදිහටම නොදුන්නොත් අපහු නැහැ.

කොහොම උනත් ඉස්කොලෙට සීඩී තහනම්!. හම්බ උනොත් කනේ පාර.ඊට වඩා දරුනු වෙන්නෙ දෙමව්පියන් ගෙන්වන එක.
ඉතින් වැඩේ භයානයි!

"මොකද බන් ඕව මෙහාට ගෙනාවෙ අහු උනොත් ගස්නෙ"
කුප්පයට මම කියුවෙ සීඩී දෙක අතට අරන් කවරෙට දාන ගමන්

"ඒකනෙ බන් උඹ ගාවට ගෙනාවෙ උඹ ගාව තිබුනොත් කවදාවත් මාට්‍ටු වෙන්නෑනෙ"

ඒක ඇත්ත අහු නොවෙන විදිහට බොරු කියන්න, අවුලක් නම් ආද වගේ ලිස්සල යන්න මට හොදට පුලුවන් කියල අපේ උන් හොදට දැනගෙන හිටිය,ඉතින් උන්ගෙ සුරක්ශිතාගාරය උනේ මම.

"හරි දැන් කාටද උඹ මේක ගෙනාවෙ"

"සුද්දට බන් උන්ගෙ ගෙදරට අලුතෙන් ප්ලේයර් එකක් ගෙනල්ල, දැන් දවස් ගානක් ඉදන් බ්ලු ඒකක් ඉල්ලනව , අද උන්ගෙ ගෙදර කවුරුත් නෑලු ඌ පව්නෙ බන්"

එතකොටම අත්දෙකේ දූවිලි පිහද පිහද එතනට අවෙ සුද්ද

"මචං ගෙනාවද?"

සුද්ද කුප්පගෙන් එහෙම ඇහුවෙ සෙල්ලම් බඩුවක් ගෙනාවද අහන පොඩි එකෙක් වගේ


"ගෙනාව යකෝ අපි එහෙම තමා, සිතුමගෙන් හවසට ගමු මූගාව තිබුනොත් මාට්‍ටු වෙන්නෑනෙ"

 ඒ කුප්පගෙ පම්පෝරිය මෙක ඔහොම්මමයි

"අනේ මචං පරිස්සමින් තියගනින් ඕව පොඩ්ඩක් වත් හීරුනොත් වැඩ නෑලුනෙ"

 මගේ අතේ තිබ්බ සීඩී දෙක අතට අරන් අපහු මගේඅ අතට දුන්න සුද්ද ගෙ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තිබුනෙ සතුටට වෙන්න ඇති,

ඒ වෙලාවෙ පන්තියට විද්‍යා ටිච්ර් ආපු නිසා මම පන්තියට ගියෙ ඉස්කොලෙ ඇරුනට පස්සෙ උන් දෙන්නට ගේට්‍ටුව ගාවට එන්න කියන ගමන්,.....

සුද්ද , සුද්ද සුදුයි සුදු කියුවට ඌට තිබුනෙ අමුතු සුදක්,මිනිහ ඉන්නෙ B පන්තියෙ.
ගෙදර තියෙන්නෙ ඉස්කොලෙ කිට්‍ටුව උනාට සුද්ද ඉස්කොලෙට පරක්කු නොවී ආවෙ බොහොම කලාතුරකින්.
එක නිසා ඉස්කොලෙට පරක්කු වෙලා එන අයට සුද්ද කරන්න office එක ඉස්සරහ තියන පොඩි පිට්ටනියෙ හැම උදේකම වගේ සුද්ද වැරදුනේනම් නැහැ.

ඉස්කොලෙ ඇරුනට පස්සෙ හය වසරෙ ළමයි පෝලිමේ යවල මම ගේට්‍ටුව ගාවට යන කොට අරුන් දෙන්නම එතන

"මොකද බන් පරක්කු?"
ඒ සුද්ද

මූට තියන හදීසියක්
මගෙ අතින් සීඩී දාල තිබ්බ බ්‍රවුන් ප්‍රේපර් කවරෙ අතට ගත්ත කුප්ප එකෙ තිබ්බ සීඩි දෙකෙන් එකක් සුද්දට දුන්නෙ බොහොම ප්‍රවේසමින්.

"පරිස්සමින් තියාගනින් මචං, මාට්‍ටු කර ගන්න එපා, හූරගන්නත් එපා, මම ඕක අපහු කඩේ අයියට දෙන්න ඕන, තව වැඩිය බලන්න එපා උඹ තවත් කෙට්‍ටුවෙයි "

"අනේ නෑ දෙයියො මම එහෙම කරන්නෑ,මම උබට මේක හෙට ගෙනත් දෙන්නම්,උබට මම ඕක අතින් ඇල්ලුවද කියල හොයාගන්නත් බැරිවෙයි"

කියපු සුද්ද අපිට යනව කියලවත් නොකිය ගියෙ මූ ඇවිදිනවද දුවනවද කියල කාටවත් හොයන්න බැරි විදිහට

පහුවදා ඉස්කොලෙ ගේට්‍ටුවගාවදි සෙට් උන කුප්පයි මායි පන්තියට ගියෙ එකට,
පන්තිය ඇතුලට යනකොටම අපි දෙන්න දැක්කෙ අතිශය දුබල දර්ශනයක්

සුද්ද හැමෝටම කලින් ඉස්කෝලෙ ඇවිත්!   

ඇ  මූට මොකක් වෙලාද?


"ඔන්න බලපන් අපිම ඉන්න ඔනෙ මුන්ව හදන්න"
කුප්පය කියුවෙ මහ සද්දෙන් හිනාවෙවී

එත් සුද්දගෙ මූනෙ තිබුනෙ අඩන්න වගේ පෙනුමක්



"ඇයි බන් උඹල මට මෙහෙම කරන්නෙ, මම දවස් කීයක් බලන් හිටියද,මම හිතුවෙ උඹල මගෙ යාළුවො කියල ඒත් ඒත් උඹල මහ ජරා සත්තු බන්, ශික් මං කොච්චර ආසාවෙන්ද හිටියෙ වැලක් බලන්න"

සුද්ද කියපු දෙයින් මමයි කුප්පයි ගල් ගැහුනෙ මොකක්ද උනෙ කියල හිතාගන්න බැරිව.

"ඇයි බන් සීඩී එක හීරිලද? වැඩ නැද්ද? මම චෙක් කරලනෙ ගත්තෙ,මම අපහු එක කඩේට දෙන්නත් ඕන බන්,උඹ වැල බැලුවෙ නැද්ද?"

කලබල වෙච්ච කුප්ප කියපු දෙයින් උනේ සුද්ද තවත් ඇවිස්සුන එක,


"හීරිලද? වැඩ නැද්ද? වැල ‍වැල තෝ මට දුන්නෙ වැලක් ද යකෝ එකෙ    තිබ්බෙ            ටොම් ඇන් ජෙරී 
ටොම් ඇන් ජෙරී කියන්නෙ වැලක් ද යකෝ "



 "හුටා සීඩී දෙක මාරු වෙලා"

කුප්ප කිව්වෙ මට විතරක් ඇහෙන්න.


Tuesday, June 25, 2013

අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?

 

 "අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල"

දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති.

පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො කමරේ පුරා කැරකෙන්න ගත්ත නිසා

පෙට්ටි වල උඩින්ම තිබුනෙ පොඩිකාලෙ පාවිච්චි කරපු ලියන පොත්, ඒ ගොඩ අයින් කරහම තිබුනෙ මම පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කියවපු කතා පොත්.ටොම් සෝයර්,රොබින්සන් කෘසෝ,දියමන්ති නිම්නය,මේ පොත් මාව පොත් ගුල්ලෙක් කරා වගේම එක එක පිස්සු වැඩ කරන්නත් පෙලබුව.

ටොම් සෝයර්, මම වැඩිම වාර ගානක් කියවපු පොත වෙන්න ඇති, ඒ පොත ටව්න් එකේ සරසවි පොත් හලින් අප්පච්චි මට අරන් දෙන කොට මම හිටියෙ පහ වසරෙ,

පොත කියවල ඉවර උනහම මටත් ඕන උනේ ටොම් වෙන්න,
රස්තියාදු ගහන්න,පාලු දූපතකට යන්න, නිදන් හොයන්න, බෙකී වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න මට හිතුනත් මට ඒ කාලෙ කරන්න පුලුවන් උනේ නිදන් හොයන්න යන එකයි,ගෑනු ළමයෙක්ට ආදරේ කරන එකයි විතරයි.ඒ පොත කියවපු ඕනම පොඩි කොල්ලෙක්ට එහෙම කරන්න හිතුන් නැති වුනොත් තමා පුදුම වෙන්න ඕනෙ,

ඒ සිද්දි මතක් කර කර පොත් ටික ටික එලියට අදින කොට පෙට්ටියක් අඩියෙ තිබිල එලියට අවෙ මට නුපුරුදු පොත් දෙකක්,

 මොනවද මේ පොත්,


වේයො ගොඩක් කාල තිබුන ලොකු පොත අයින් කරපු මම අතට ගත්තෙ පිට කවරෙ විතරක් වේයො කාල තිබ්බ පොඩි පොත,කොච්චර වේයො හිටියත් ඒ පොතේ එක පි‍ටුවක් වත් වේයො කාල තිබ්බෙ නෑ.

අක්ෂි වෛද්‍ය රත්නය





පරණ නෝට් පොතක් වගේ පේන පොතේ පලවෙනි පි‍ටුවෙ උඩින් තිබුනෙ එහෙම.

ඇස් ලෙඩ , ඒවගෙ රෝග ලක්ෂණ, බෙහෙත් වර්ග ගැන ලියල තියන මේක වෙද පොතක්.

පුදුමයක් නෑ මම මේක කියවල නැති එක, මොකද දැනුත් මේකෙ තියන සමහර වචන මට තේරුම් ගන්න අමාරුයි,බැදි අකුරු වලින් තිබ්බ සමහර වචන මට කොහොමටවත් තේරුනේ නැහැ,ඒ උනාට මේක ලියපු කෙනා ගොඩක් පැහැදිලිව ලියල තිබුන නිසා මම පොත දිගටම ආසවෙන් කියවගෙන ගියා.

පොතේ මැද හරියට වෙනකම් වේගයෙන් කියවගෙන ගිහින් පොතත් අරගෙන මම සියඹලගහ යට තියන බංකුව උඩට ගියේ වෙද කම් ගැන තිබුනු පි‍ටු අතර තිබුනු අමුතු දෙයක් දැකල,

පොළොව යට මැණික් බැලීමට අඳුනක්



අඳුන්!

අඳුන් කියන්නෙ අංජනම් ද?

වෙද පොතක් ඇතුලෙ අඳුන් ගැන ලියල තියෙන්නෙ ඇයි?


 ඒ වෙලාව මගේ ඔලුවට ආවෙ ඔය ප්‍රශ්න
කවුරු හරි මගෙන් ඇහුවොත් මන්තර විශ්වස කරනවද? කියල මට ඒකට දෙන්න හරි උත්තරයක් නෑ.මොකද මම ඒ ගැන දන්නෑ.

කොහොම උනත් මේ පොත් කොහොමද මෙතන්ට ආවෙ, කියල මම හොයන්න ඔනෙ,

අනිත් පි‍ටුවල තියෙන්නෙ මොනවද?
අනිත් පොතේ තියෙන්නෙ මොනවද?

සමහර දේවල් මට තේරුම් ගන්නත් අමරුයි.

මේව බොරු ද? එත්,

මෙච්චර මහන්සි වෙලා කවුරු හරි පොතක බොරු ලියයිද?

ඒ වගේම ඇත්තටම,      අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?

 

 පසුව- මේ මගේ පලවෙනි post එක,වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න පුලුවන්නම් ගොඩක්

ස්තූතියි!