මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්සලාවට වරම් ලැබුනත්,
කොහොම උනත් මේ ගෙවුන කාලයේ දි මගෙ ජීවිතේට ලැබුන දේවල් බොහෝමයි.
ඒ දේවල් වලින් දෙකක් තමයි මේ ,
පලවෙනි එක , උසස් පෙල යනු ඉතා භයංකාර විහිලුවක් බව, හොඳින් තේරුම් යෑම.
දෙවනි එක , අන්තර්ජාලයේ බ්ලොග් අඩවි නමින් අපූරු දෙයක් තියෙන බව දැන ගැනීම.
පලවෙනි එක කෙසේ වෙතත්, දෙවනි එක ඒ කියන්නෙ බ්ලොග්, මගේ ජීවිතේට ගෙනාව දේවල්නම් ගොඩක් තියෙනව ,
ඉතින් එතකොට , කොටස් වෙළෙඳපොළ කොහොමද මෙතනට ගෑවුනේ?
ඔව්, හොද ප්‍රශ්නයක්.
කොටස් වෙළෙඳපොළ ගැන හොයන්න ගිහින් තමා මට මුලින්ම බ්ලොග් අඩවියකට ගොඩවෙන්න
හම්බවුනේ.
ඒ දවස්වල විශ්ව විද්‍යාලෙ මැනේජ්මන්ට් ඩිග්රි එක කරපු වීරසූරිය අයිය හා හා පූරා කියල ජොබ් කට්ටක් හොයාගත්තෙ අවුරුදු තුනේ ඩිග්‍රිය, ස්ට්‍රයික් නිසා අවුරුදු හතරකට ඇදුන නිසා.
ඒ ජොබ් එක තමා Investment Adviser ඒ කියන්නෙ ආයෝජන උපදේශක, මේ ජොබ් එක තිබ්බෙ කොටස් වෙළෙඳපොළේ තැරැව්කාර සමාගමක,
දවසක් මළ ගෙදරකදි හම්බවුන වීරසූරිය අයිය මගේ ඔලුවට කොටස් වෙළෙඳපොළ නොහොත් CSE (colombo stock exchange) ගැන දැම්මෙ ඔය වගේ දේවල් වලට මම උනන්දු නිසා වෙන්නෝනෙ.
"කොටස් වෙළෙඳපොළ ! අපෝ අපිට පුලුවන් ද ඕවට සෙට් වෙන්න?"
මම වීරසූරිය අයියගෙන් ඇහුව පලවෙනි ප්‍රශ්නෙ ඒක,
උත්තරේට මට හම්බ උනේ පැය බාගෙක විතර ලෙක්චර් එකක් එයා ඉතින් ආයෝජන උපදේශකනෙ : )
කියපු දේවල් වලින් ගොඩක් නොතේරුනාට මේ වැඩේ මටත් කරන්න පුලුවන් කියල අන්තිමේදි මට තේරුනා.
ඒත් ඉතින් වලට බහින්න කලින් වලේ මොනවද තියෙන්නෙ කියල හරියට දැනන් ඉන්න එපැයි,
කව්ද මේ වෙලාවෙ අපේ පිහිටට ඉන්නෙ..., කියන්න බලන්න.
ඔව් , Google දෙයියො තමා.වෙන කවුරුද?
සෙව්ම් යන්තරේ සැරිසරනකොට තමා මට හම්බ උනේ Guide to CSE බ්ලොග් එක,
මේ සුපිරි බ්ලොග් එක කියෙව්වහම මට කොටස් වෙළෙඳපොළ ගැන පුදුම ආසාවක් ඇති උනේ, ගොඩක් විස්තර හෙව්ව, ගොඩක් මහන්සි උනා,
කොටින්ම කියුවොත්, හැමදාම පිළිවෙලට වැඩ කරන්නෑ කියල අම්මගෙන් බැනුම් අහන මම මේ වෙනුවෙන් වෙනම file හැදුව වෙනම notes හැදුව.
කොහොමහරි මම පොඩි කාලෙකින් CSE එක ගැන ලොකු දැනුමක් ලබාගත්ත, මේ ගැන වීරසූරිය අයියත් හිටියෙ පුදුමෙන්!
ඊලගට තිබුනෙ CDS Account එකක් open කරල වැඩේ පටන්ගන්න.
මේ හැම වැඩේටම උපදෙස් දුන්නෙ වීරසූරිය අයිය, මිනිහ මොනව හරි කියල CSE එකට එන්ටර් වෙන්න තිබ්බ මගෙ ආසාව වැඩිකරා.
මේ මිනිහ දවසක් කියුව කතාවක්,
"මල්ලි අහල තියනවද වෝරන් බුෆට් ගැන, මිනිහ ලෝකෙ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්, මල්ලි දන්නවද මිනිහ කොහොමද සල්ලි හම්බකරේ කියල, ආයෝජනේ කරල .. , එයා stock ගන්න මුලින්ම පටන් අරන් තියෙන්නෙ අවුරුදු එකොලහේදි , ඒත් එයා ලගදි කියල තියනව අපරාදෙ ඊටත් කලින් වැඩේ පරන්ගන්න තිබ්බෙ කියල, ඉතින් බලන්න මල්ලි ... අපි කොච්චර පරක්කුද කියල, හැබැයි කොහොමහරි වැඩේ හරියට අල්ල ගත්තොත් ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන්"
එයා අහපු ප්‍රශ්න වලට එයාම උත්තර දිදී කියපු කතාව අහපු මාත් හිතාගත්ත බුෆට් වගේ වෙනව කියල ඊට පස්සෙ Hugh Hefner වගේ පොරක් වෙන්න බැරි යෑ.
Hugh Hefner කියන්නෙ play boy සගරාවෙ අයිතිකාරය මේ ඉන්නෙ පල්ලෙහායින් ශොය් නෙ
ඉතින් කොහොමහරි....,
CDS Account එකත් හැදුව,
කොටස් වෙළෙඳපොළේ online කොටස් ගන්න පුලුවන්, බලන්න පුලුවන් software එකත් දාගත්ත,
හා හා පුරාකියල පලවෙනි වතාවට සොෆ්ට්වෙයර් එකෙන් Main Bord එක බලපු දවසෙ මට හිතුනෙ මාත් දැන් බුෆට් කෙනෙක් කියල.
දවස් දෙක තුනක සොෆ්ට්වෙයර් අධ්‍යයනයෙන් පස්සෙ තමා කොටස් ගන්න ඕනෙ,
ඒත් කොටස් ගන්න සල්ලි ඕනනනෙ,
ඒකට ඉතින් අප්පච්චිගෙ සරණ තමා, දෙදාහක් විතර ඉල්ල ගන්නව දෙදහට විසිදාහක් දෙන්න බැරියැ.
ඔන්න බුෆට් කෙනෙක් වීමේ සිහිනයේ මුල් පියවරේ අවසන් අදියරයි මේ,
"අප්පච්චි මේ.. මට සල්ලි වගයක් ඔනෙ, දෙන්න පුලුවන්ද?"
"සල්ලි, කීයක්ද දැන් ඕනෙ?"
"දෙ..දෙදාහක් විතර දෙන්නකො, මම ආපහු දෙන්නම්"
"දෙදාහක් ! දෙදාහක් මොකටද උබට, අනික කොහොමද අපහු මට සල්ලි දෙන්නෙ කියපන් බලන්න"
මෙන්න මගේ චාන්ස් එක ගත්ත ගට කරට
"අප්පච්චි.. මම ඔය සල්ලි කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න හදන්නෙ දැන් මමත් CSE එකේ..............."
මගේ අදහස් දැක්වීම පටන් ගන්නකොටම අප්පච්චි පැනපි මැද්දට
"කොටස් වෙළෙඳපොළ...! අනේ පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ , ඒ සැරේ සූදුවට යන්නද හදන්නෙ....."
"නෑ අප්පච්චි, ...මේක..."
"පලයං ගිහින් ප්‍රයෝජනවත් වැඩක් කරපන්,...කොටස් වෙළෙඳපොළ..., කොටස් වෙළෙඳපොළ , උඹට ඕනෙ නෑ, හොදට ඉගෙනගනින් එතකොට සල්ලි හොයන්න පුලුවන්, ආපහු ඔය ගැන කතා කරන්න බෑ හරි ද,"
හිත ඇතුලෙ හිටපු අනාගත වෝරන් බුෆට් අප්පච්චිගෙ වචන වලට කොහේගියාද මන්ද?
ඔලුවත් බිමට පහත් කරගෙන එලියට ගිය මට මතක් උනේ උදේ බලපු ප්ලේබෝයි අයිති කාරය හිටපු
පිංතූරේ,
මුන් හිනාවෙන්නෙ මට ද?
නියම අත්දැකීම. මමත් උසස් පෙළට කරේ කොමස්. හැබැයි මට යන්න වුණ සබරගමුව කැම්පස් එක දුර වැඩි වුණ නිසා මං සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය කරන්න කැළණියට ගියා. ඒකෙන් මගේ කොමස් ජීවිතය මාර විදිහට වෙනස් වුණා. මං වෙනම පාරකට වැටුණා. මං මාර ආතල් එකේ මේ ජීවිතේ ගෙවනවා. ඒකෙන් ඔයා යන්න ඉන්න ගමන ගැන මුකුත් කියන්න උත්සහ කරා කියලා හිතන්න එපා.
ReplyDeleteඉතිං ඉතිං කොටස් වෙළදපොළ එතනින් ම කොටස් වෙලා ගියා ද ?
බ්ලොග් එක කියෙව්වා. නියමයි. ආසයි ඔය වයසේ කොල්ලෙක්ගේ අදහස් කියවන්න.
තුෂාර විතාරණ
කුරැටු ගෑ ගී පවුර බ්ලොග් එකේ කෙනෙක්
ජීවිතේ එක බලාපොරොත්තුවක් නැති වෙනකොට තව එකක් ඉබේම උපදිනව කියල මට හිතෙන්නෙ,
Deleteකොටස් වෙළදපොළ ගැන අපහු හිතන්න ඕන හැබැයි මම ඊට කලින් රස්සාවක් කරල සල්ලි හම්බ කරල ඉන්න ඕන.
ගොඩක් ස්තූතියි මාව දිරි ගැන්නුවාට, ආපහු මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.
බොහොම රසවත්. ඇත්තටම හොඳට ඉගෙනගෙන සහතික පුළුවන් තරම් ගන්න. තමන්ගේ දෙයක් නොකරනවනම්, අනාගතේ සහතික නැතුව මුකුත් කරන්න බැරෙවෙයි. මම ඒ කට්ට අදත් කනවා.
ReplyDeleteබ්ලොග් එක නම් සුපිරියි. පින්තූර එහෙම නියමෙටම මැච් වෙනවා. කියවන්න කිසිම කම්මැලි කමක් නෑ. අනිත් අයගේ ඒවටත් කොමෙන්ට් කරලා කොහොම හරි ජනප්‍රිය කර ගන්න. මම දැක්ක සුපිරිම පෝස්ට් එකක් කියන්න පුළුවන් කිසිම ලෝභ කමක් නැතුව.
කියාගන්න බැරි තරම් සතුටුයි! ගොඩක් සතුටුයි මාතලන් මගේ පුංචි බ්ලොග් පිටුවට ඇවිත් ගොඩාක් ලොකු සුපිරි කොමන්ටුවක් දාල,
Deleteකියන්නද රහසක්,
මගේ මේ පුංචි බ්ලොග් පිටුව ගහක් නම්, මම ලියන ලිපි ඒගහේ මල් වගේ..
ලැබෙන හැම කොමෙන්ටුවක්ම මේ ගහට පොහොරක්..
හැබැයි,
මේ ගහ පැල කරේ මම නෙමෙයි..
මාතලන් ඔයා වගේ සිංහල බ්ලොග් ලියපු බ්ලොග් කාරයො...
ඉතින් මට ලැබෙන හැම පැසසුමක්ම ඔය හැම දෙනාටම අයිතියි!
මෙයාගෙන් මේ වගේ කොමෙන්ට් එකක් ගන්න කොච්චර අමාරුද කියලා ඔයා දන්නවද ? :D මෙයා මෙහෙම කියනවා කියන්නේ අපිට කියන්න දෙයක් නෑ වගේ තමයි .ඇත්තටම පොස්ට් එක නියමයි මල්ලෝ ..ආසාවෙන් කියෙව්වා
Deleteඅප්පේ ඇත්තද?.. මේ කොමෙන්ට්ස් දැක්කහම පුදුම සතුටක් දැනෙන්නෙ. බ්ලොග්කාරියක් විදිහට රෙහානි ඔයාටත් ඒක දැනිල ඇති.
Deleteනොවරදවාම මේ පැත්තෙ එන්න..
ඇත්තටම කිසිම කම්මැලිකමක් නැතුව කියෙව්වා ඔයාගෙ පෝස්ට් එක.ඔයාගෙ අත්දැකීම විස්තර කරල තියෙන විදිහ නියමයි. දිගටම ලියන්න :)
ReplyDeleteපරණ සිද්ධි මතක් කර කර ලියනකොට මාර සතුටක් දැනෙන්නෙ,ඒ වෙලාවෙ කොච්චර දුක හිතුනත් දැන් ඒක සුන්දර මතකයක්,
Deleteමේ අගය කිරීම් මට ගොඩක් වටිනව chams ස්තූතියි!
ඇත්තටම උබ මරු කොල්ලෙක් මටත් ඉන්නේ උබට ඉන්න ජාතියම තාත්තෙක් ........ උබ වැඩේ හොදට පටන් අරන් තියෙනවා, මට උබවගේ හැදියන් කියල මගේ අලුත් තාත්තලාගෙන එකෙක් වෙන මාතලන් ගොයියා මගේ බ්ලොගේ කෝම්මෙන්ට් කරලා...... (මගේ බ්ලෝග වල වටේ රිව්ව කක්කුසිසියක් වගේලු .... සෝ සැඩ් ......)මම මෙතනට ආවේ අපි නොදන්නා චෙස් කියන්න බලාගෙන එත් උබ දල තියෙන ආලවට්ටන් ටික හොයාගෙන දාන්න මට හව කාලයක් යයි. නිවාඩු වෙලාවක ඒ පැත්තෙත් ඇවිත් යන්න ......අලුත් බ්ලොගට හා උබට ජය
ReplyDeletehttp://onemalaysiasinhala.blogspot.com/
තැන්කියු...තැන්කියු...Maley Rala ,මාතලන් බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනව, මටත් තව ගොඩක් තියනව ඉගෙනගන්න,
Deleteඅනිවාරයෙන් ඔයාගෙ බ්ලොග පැත්තෙ එනවාමයි
සුන්දර විදියට ලියලා තියනවා මලයා. ඒ වගේම තමයි මට අදටත් ඔය කොටස් වෙළෙදපලේ වැඩ කටයුතු තේරෙන්නේ නැනේ.
ReplyDeleteබොහොම ස්තුතියි Naleen අයියෙ. (කමක් නෑනෙ අයිය කිව්වට :) )
Deleteමටත් මුලින්ම කිසිදෙයක් තේරුනේ නැහැ. ඒත් අතාරින්නැතිව ඒ ගැනම විස්තර හොය හොය ඉන්නකොට තමා තේරුනේ මේකෙ පොඩි රටාවක් තියනව කියල, ඔලුව කොටස් වෙළෙදපොලේම තියෙන්න ඕනෙ..නැත්නම් අවුල්
හෙහ් හෙහ්.... තාත්තා මරු උත්තරේ දීලා තියෙන්නෙ... :)
ReplyDeleteහැබැයි මලේ (මම හිතනව උඹ මට වඩා බාලයි කියල) ඉතිං කොටස් වෙලඳ පල සූදු පිටියක් කරගන්න එක හරි ආයෝජනය කරන තැනක් හරි කරගන්න පුළුවන් තමන්ටම තමයි... ඔය සූදූ කතාව එන්නෙ මිනිස්සු වැඩිපුර කතා කරන්නෙ ලේසියට හොයන සල්ලි ගැන හින්දා... අනිත් කාරණාව දැනුම නැති කම...
ඒක හරියටම හරි සාතන්, මොනව කරන්නද, ගොඩක් මිනිස්සු කොටස් වෙළෙදපොල ගැන හරියට දන්නෙ නෑ, දන්නෙ කලු සල්ලි සුදු කරන්න ලොක්කො කියන ජාතිය පාව්චි කරන තැනක් විදිහට, ඒ කතාවත් ඇත්ත තමා.. ඒ උනාට මේකෙ හොද පැත්තකුත් තියනවනෙ.
Deleteමාතලන්ගේ මග පෙන්වීමෙන් ආවේ. මමත් මේ වෙනකොට කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරලා තියෙනවා. පාඩු වුනේ නෑ. හැබැයි ඔබේ පියා කරපු දේ ගැන මම දුක් වෙනවා. බ්ලොග් ලෝකේ දිගු ගමනක් යන්න අවස්ථාව උදා වෙන්න කියලා පතනවා.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව සුදීක, දිගටම මේ පැත්තෙ එන්න, මගේ බ්ලොග් පිටුවෙ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න.
Deleteකොටස් වෙළදපොල අතහැරියෙ නෑ, තව ටිකක් ඉවසන්න ඔනෙ.
එක්තරා විදියක සූදුවක් තමයි! ලක් එකයි චාන්ස් එකයි එක්ක වැඩේ ගැන අයිඩියා එකක් තියෙනවා නම් ගොඩේ ගොඩ. හැබැයි ලොකු ලොකු ගනන් ආයෝජනය කරනකොට සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන! ඕවයිත් මාෆියා තියෙනවා කියනවනේ! ඉන්සයිඩ් ට්‍රේඩින්!
ReplyDeleteමාත් ඔය කතාව අහල තියනව.. එ අවදානමට මුහුන දෙන්න වෙනව.
Deleteමේ පැත්තෙ දිගටම එන්න Sabith
මාතලන් කියපු පාරෙන් තමයි මාත් ආවේ.
ReplyDeleteවොරන් බෆට් කොටස් ආයෝජනය කළේ සහ කරන්නේ ඒ ඒ කොම්පැණියක වැඩ කරන ලොකු කුඩා අය බැහැ දැකලා කතාබස් කරලා, අයවැය වාර්තා කියවලා එහෙම. අයවැය දෙපාර්තමේන්තුවට පෙන්වන පොත් සහ කොම්පැණිය ගෙනියන පොත් කියලා දෙකක් තියන රටවල් වල වොරන් බෆට් ලා බිහිවෙනවා වැඩිය දකින්න බැහැ. සාබීත් කියනවා වගේ ඕවයෙ දැන් වැඩියෙන් තියෙන්නෙ මාෆියා. අවසානයේ දී බෆට් පවා ඔබාමාට පක්ෂව වචනයක් දෙකක් ප්‍රසිද්ධියේ කියලා එයාගෙ බඩු ප්‍රවාහන කෝච්චි වලට වාසි වෙන්න නීති හදාගත්ත.
තාත්තාට සවන් දෙන්න. හොඳින් ඉගෙන ගන්න, කොටස් වෙළඳපොල ගැනත් තව ඉගෙන ගන්න. එතකොට ඕනෑම ඕනෑ නම් තව වැඩි කලක් යන්න කළින් අන්තිම පහළට කඩා වැටෙන ඇමෙරිකන් කොටස්වෙළඳපොලේ වුනත් ආයෝජනය කරන්නත් පුලුවන් වේවි!!!!
ඔබතුමිය මේ පැත්තෙ ආපු එක මට ලොකු සතුටක්,
Deleteමේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තහම මම වෝරන් බෆට් ගැන තව විස්තර හෙව්ව, බලන් ගියහම උත්සහ වන්තකම දියුණු වෙන්න ඔනෙ..ඒ තත්වෙ රැක ගන්න පන්දමත් ඔනෙ, එකට කියන්නෙ මොලේ පාවිච්චි කරනව කියන එකද දන්නෑ.
දිගටම මේ පැත්තෙ ගොඩ වෙලා යන්න එන්න.
sithum sayura,
Delete//ඒ තත්වෙ රැක ගන්න පන්දමත් ඔනෙ, එකට කියන්නෙ මොලේ පාවිච්චි කරනව කියන එකද දන්නෑ.//
පන්දම නැතිව තත්වය රැකගැනීමටයි මොලේ පාවිච්චි කරනවා කියන්නෙ.
ඒක ඇත්ත.., ඒත් ගොඩක් අය පන්දම් ඇල්ලුවට පස්සෙ ලැජ්ජාව වහගන්න කියන්නෙ මොලේ පාවිච්චි කරා කියල.
Deleteසධාරන කොටස් වෙළදපොලක් පවතින් රටක නම් කොටස් වෙළදපෝලේ ආයෝජයකයෙක් වීමේ වරදක් මමත් දකින්නේ නෑ.....ඒත් ලංකාවේ කොටස් වෙළදපොල සූදු අන්තුවන් අරක්ගත් කූට ජාවාරමක් වෙලා....කොටස් වෙළදපොලනියාමනයේ කලින් හිටියේ...ප්රසින්ඩන්ට් සෙකටරි ලලිත් චීරතුඔංගගේ නෝනා....රෙද්ද ඇදන් කොටස් වෙළදපොලේ ජාවරම් වලට සම්භන්දවෙන්න බැරි නිසා ඒ නෝනා තමන්ගේ තත්වය තියා ගෙන අයින් උනා..ඊලගට ආවේ තිලක් කරුණාරත්න..ඒයා ඒතැන සුද්ද කරගන්න හදන කොට ප්රසිඩන්ට්ම් කියලා එයාට අයින් වෙන තැනට කටයුහු සිද්ද උනා..දැන් ඉන්නේ අයෝජන චෝදනා සහිත සමාගමකම කොටස් තිවු ආචාර්්‍ය කෙකෙන්ක්...දැන් වැඩේ තියෙන්නෙ සාමාන්‍ය සුළු ආයොජකයන් කොටස් වෙලදපොලට ආකර්ශනය කර ගැනීමයි..මොකද මේ ජාවාරම්කාරයන්ගේ ගොදුරු වෙන්නේ මේ සාපෙක්ශව අඩු දැනීමක් සාහිත සාමන්‍ය සුලු අයෝජයකයන් වීම නිසයි....මට නම් කොටස් වෙළද ප්පොල කලු සල්ලි සුදු කරගන්න හොර තිප්පලක්...මං කථා කරන්නේ ලංකාවේ කොටස් වෙලදපොල ගැන...
ReplyDeleteඔබගේ බ්ලොග් ආරම්භයට මගේ සුභ්පැතුම් පිලිගන්න....
ඇත්ත කතාව මයියා සම්පූර්ණ ඇත්ත...
Deleteලගදි කොටස් වෙළදපොලේ සිද්දවුන වෙනස්වීම්, කඩාවැටිම්, දිහා බලද්දි හිතෙන්නෙ,
කොටස් වෙළදපොල,දේශපාලකයොයි, කුඩු බිස්නස් කාරයොයි පාලනය කරනව කියල.
සමහර කොටස් වල මිල බොරුව පුම්බගෙන ගිහින් එකපාරටම පහලට දාන්නෙ, සුලු ආයෝජකයොන්ගෙ සල්ලි ගරාගන්න,
සුභ පැතුමට බොහම ස්තූතියි!
නිතර ඇවිත් යන්න එන්න.
මාතලන්ගේ පාරදිගේ ආවේ, ඇත්තටම සුපිරි වැඩක්, සුබපැතුම්.
ReplyDeleteගොඩක් ස්තූතියි! ඉවාන් පව්ලූශා මේ දිරිගැන්වීම් මට ලොකු හයියක්.
Deleteමාත් මාතලන්ගේ පාර දිගේ ආවේ. දිගට ම ලියාගෙන යමුකෝ. අපිත් එන්නංකෝ ඇවිත් යන්න. පෝස්ට් එක නං ඇත්තට ම මරු තමා! කියවන්න ආස හිතෙනවා පින්තූර එහෙම ලස්සණ දාල තියෙන නිසා! සුභ පැතුම්!
ReplyDeleteගොඩක් ස්තූතියි! ධාරා හොද නරක දැන ගත්තොත් තමා හැදෙන්න පුලුවන්..
Deleteමාතලන්ගෙ පාර දිගේ ගොඩාක් අය ඇවිත්,.. ගොඩක් සතුටුයි...
දිගටම එන්න.
මාත් කාලයක් ඔය වැඩේ කළා.රුපියල් 10,000ක් විතර දාලා 15,000ක් විතර හොයාගෙන ගිටාර් එකක් ගත්තා.දැං ඉතිං ඒවා කෙරෙන්නෑ.එළ එළ ඔහොම යං ඈ....
ReplyDeleteඅයියෝ... ඇයි නැවැත්තුවෙ! 5000 ක ලාභයකුත් හම්බෙලානෙ..
Deleteආපහු කරන්න අදහසක් නැද්ද?
දිගටම මේ පැත්තෙ එන්න දිනුක.
හොද බ්ලොග් එකක් , පොස්ට් එකත් හොදයි ලියන විදියත් ලස්සනයි.. දිගටම ලියමු එහෙනම් අපි එනවා කියවන්න,
ReplyDeleteජය වේවා !!!!
(මාතලන් තමයි පාර කිව්වේ ඈ ..)
ගොඩක් ස්තූතියි චමී 4යූ, දිගටම එන්න.
Deleteහම්බෝ මට මෙලෝ සබ්බ සකලමනාවක් නොතේරෙන තැනක් තමයි කොටස් වෙළඳපොල. හෙහ් හෙහ්.. මම නම් කියන්නේ තාත්තා එහෙන් කොසු බාල්දි දැම්මට ලාවට වගේ පටන් ගන්න කියල. පේනවනේ ප්ලේ බෝයි අයියා ඉන්න හැටි...ඉරිසියාවේ බැරුවා.
ReplyDeleteලුතෙන් පටන් ගත්ත බ්ලොගක්නේ ඔක්කොම මුල ඉඳන් කියවන්න පුළුවන් වෙයි.
අප්පච්චි එපා කිව්වට ඒව කනකට නොගෙන කරපු ගොඩක් වැඩ වලදි උනේ මට බාල්දි පෙරලෙන එක...හැබැයි ඒවගේ හිතුවක්කාර වැඩ නොකෙරුවනම් ජීවිතේ කිසි ජොලියකුත් නෑ.
Deleteබ්ලොගට සාදරයෙන් පිලිගන්නව පැතුම්, දිගටම එන්න
Wonderful
ReplyDeleteThanks.. Thanks
Deleteඊට පස්සෙ?
ReplyDeleteඊට පස්සෙ කොල්ල අතගැහුව තවත් වැඩකට.. වැටිල බෑනෙ. : )
Deleteඅනතර්ගතයෙ දක්වලා තියෙන කොටස් වෙළදපොල ගැනනම් මම දන්නෙ නැ ඇත්තටම එත් ඔබේ කතා ශෛලිය නම් හරිම ලස්සනයි. හැමදාම ලියමු
ReplyDeleteබොහොම ස්තූතියි! අනිවාරයෙන් ලියනව. දිගටම එන්න.
Deleteනියමයි මල්ලි... හරිම රසවත් පෝස්ට් එකක්....
ReplyDeleteඅහ්.. සමනළී අක්කත් ඇවිත්! බොහෝම ස්තූති අගය කරනවට.. ආපහු එන්න.
Deleteනියමයි සිතුම්.ලියවිල්ල වගේම ගැලපෙන පින්තුර පෙල ගැස්මත් ඉතාමත් උසස්.
ReplyDeleteමාතලන් සිංහල බ්ලොග් ලෝකයෙ කරන සේවය අපි අගය කල යුතුයි.නවකයින්ට දෙන තල්ලුව කියල වැඩක් නැහැ.
සිතුම් සයුරට සාදරයෙන් පිලිගන්නව කෙන්ජි!
Deleteපැසසුම් වලටත් බොහෝම ස්තූතියි.
මාතලන් කරන සේවය විශිෂ්ඨයි! අති විශිෂ්ඨයි!
මාතලන්ගෙ සින්ඩියෙ මගේ බ්ලොග් පිටුව ගැන විශේෂයෙන් ලිපියක් පලවේවි කියල මට හීනෙකින වත් හිතුනෙ නෑ..
ඒක මම වගේ නවකයින්ට දෙන තල්ලුවක් වගේම,
අලුතින් බ්ලොග් ලියන්න හිතන අයට ලොකු හයියක්!
කවුරු හරි අලුතින් බ්ලොග් පිටුවක් ලියන්න යනවනම් කියන්න තියෙන්නෙ,
එන්න ඇවිත් හොද දෙයක් ලියන්න....
අපිට උදව්කරන්න සිංහල බ්ලොග් අවකාෂයේ ගොඩක් අය ඉන්නව...
තනිවෙන්නෑ කවදාවත්ම.....
ඔන්න මමට් ආවා මටලාන් ගේ සින්ඩිය හරහා. දිගටම එනන්කෝ අවිට් යන්න
ReplyDeleteජයවේවා
දිගටම එන්න .... : )
Deleteonna mamath aawa mathalange para ahan..digatama liyanna malli..mama dakka oya mage blog ekatath aawa..suba pathum digatama liyanna...
ReplyDeleteස්තූති අයියෙ.. මේ පැත්තෙ දිගටම එන්න
Deleteමාතලන් කිව්ව පාරදිගේ ආවෙ..!
ReplyDeleteඇත්තටම සිත් ඇදගන්නා කතා විලාශය,බ්ලොග් පසුබිම..ආදී දේ බොහෝයි..!ලෝබ නැතිව කියන්නේ..!
ජය වේවා මචං..!
බොහෝම ස්තූතියි ! වීපොකුර වීයා.. අගය කිරීම ගොඩක් වටිනව.
Deleteදිගටම මේ පැත්තෙ එන්න.
මතලන් ගොයිය මෑලෙ රාලට බෑනපු තෑනකින් දෑකල අවෙ.සුපිරියට ලියල.සුබ පෑතුම් දිගටම එන්නම්
ReplyDeleteසිතුම් සයුරට සාදරයෙන පිළිගන්නව දමිත්...
Deleteමාත් ටෙලිකොම් එකේ කොටස් දාපු දවස්වල අරගෙන අවුරුදු ගානක් තියාගෙන ඉඳල විකුණල දැම්ම. ඊටපස්සෙනං ඔය ගැන හෙව්වෙ නෑ. මේ තියෙන වැඩත් එක්ක ඕකෙ පදිංචි වෙලා ඉන්න වෙලාවක් නෑනෙ.
ReplyDeleteපදිංචි නොවී හිට්යොත් කෙලවෙනවතමා :D
Delete