Wednesday, July 3, 2013

KFC මල්ලි




මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර.

මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...!

කොහොමින්හරි යුද්දෙ ඉවරවුනාට පස්සෙ අපේ ගමත් ටවුන් එකත් ටික ටික දියුනු වෙනව,
ඉස්කෝලෙ ලොකුවෙනව, පාරවල් කාපට් කරනව, කඩ හැදෙනව කොටින්ම..

දැන් අපිට සුපර් මාකට් එකකුත්තියනව..

ඒත් තවම අපේ ගෙදර ට තියෙන්නෙ එන යන 3G සිග්නල් දෙකයි! ඒකත් මගේ කාමරේ එක කෙලවරකට, මොනව කරන්නද? SLT  අධි වේගී dialup ක්‍රමයෙන් නෙට් ගියපු මට මේ කනු දෙක මාරෙට වටිනව.

කොමින්හරි, ගමේම වැඩිකාලයක් හිටපු කොල්ලෙක් නිසාද කොහෙ ද, රට වටේ ඇවිදින්නයි., එක එක විදිහෙ අමුතු කෑම ජාති කන්නයි මට තිබුනෙ පුදුම ආසාවක්..


රට වටේ යන එක කේසේවෙතත් අනංමනං කෑම ජාති කන එකනම් ගොඩක් වෙලාවට වුනා... පෙරේතය වගේ කනකොට ඉතින් ඒකෙ ආදීනවත් තියනවනෙ.. පෙරේතකම මට්‍ටු වෙන්නෙ බඩේ අමාරුව හැදුනහම..

ඊයෙ කහ පියදාස මාමා ගෙනත් දුන්න පැනි වරකෙට ගොඩාක් පෙම් කරපු නිසාද කොහෙද මගේ බඩ තාමත් රිදෙනව

"ගොඩක් රිදෙනවද පුතේ.... හැමදාම කියනවනෙ කෑමක් හම්බුනහම පෙරේතය වගේ නොකා ටික ටික කන්න කියල ඔය විදිහට කෑවොත් බඩේ අමාරුව හැදෙන්නැතිව තියේද.. ඔහොම ඉන්නකො මම දෙහි ගෙඩියක් මිරිකගෙන එන්නම්"

ඔය වෙලාවට මගේ අම්ම කියන්නෙ ඔහොම.  මගේ චූ....ටි අම්ම...

ඉතින් මේවගේ ආසාවක් තියන එකෙක්ට තනියම සුපිරි නගරයකට යන්න හම්බුනොත් කොහොමද?

O/L ඉවරවෙලා ගියේ දවස් දෙකයි අප්පච්චි මට කතාකරා..

"ඔය කාලෙකකා හිටිය ඇති දැන්..කොහෙහරි ගිහින් මොනවහරි හොද දෙයක් ඉගෙනගන්නව"

ඉතින් හත්තිලව්වෙ, මෙච්චරකල් කොරෙත් ඕකනෙ!

මට දැනුනෙ පුදුම ශෝකයක්..

"කොළඹ British Council එකට යනන ඒකෙ හොදට ඉංග්‍රීසි උගන්වනවලු.. කොළඹ බාප්පත් ඉන්නවනෙ.. බයවෙන්න දෙයක් නෑ... බොරුවට එහෙ මෙහෙ කැරකි කැරකි ඉන්නැතිව කෝස් එක කරන්නෙ කොහමද කියල මේදවස් ටිකේ හොයල බලන්න " 


පට්ට පට පට.. කොළඹ යනව, මම, තනියෙන්, ඕව කලාතුරකින් හම්බ්වෙන චාන්ස්


මුලින්ම British Council එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනෙ, ඊට පස්සෙ ටෙස්ට් එකකට දිනයක් දෙනවලු , ඒක කරාට පස්සෙ තමා කෝස් එක පටන් ගන්නෙ..

ඔය මම හොයාගත්ත විස්තර..

 ඔක්කොටම කලින් කොළඹ යන්න එපැයි

ඉතින්, කොළඹ යන දවසත් ආව...
ගමේ ඉන්න විදිහට කොළඹ යන්න පුලුවන් ද, උදේ දෙකට නැගිට්ට මම ක්‍රීම්, ජෙල්, පව්ඩර් ආධාර කරගෙන යන්තන් නගර ලුක් එකක් ගත්ත, හරියටම හතරට බස් එක.

"අප්පච්චි මාව පාරට ගිහින් දානවද?"

බස් එකේ යනකොට බලන්න ජාති ගොඩයි.. ලොකු ලොකු බිල්ඩින්, අලුත් ජාතියෙ වාහන.. ලංකාවට ආපු සුද්දො, සුද්දියො... ඒ අස්සෙ බස් එකට නැගල සින්දු කියන අය.

කොහොමහරි එකම කැසට් පීස් එක දෙතුන් සැරයක් අහගෙන කොළඹට එනකොට දහයත් පහුවෙලා.

මාව ගන්න කො‍ටුවට ඇවිල්ල හිටිය බාප්පගෙ තුන්සක රියේ නැගල කෙලින්ම ගියේ British Council එකට..




හප්පේ..! ඒක වෙනම ලෝකයක්...

පැය බාගෙන් විතර වැඩේ ඉවරයි. රෙජිස්ටර් වෙන්න විතරනෙ.

බාප්පගෙන් කො‍ටුවට යන හැටි අහගත්ත නිසා මම නැග්ග කො‍ටුව බස් එකකට

ඒත් ඉතින් කොළඹ ඇවිත් මෙහෙම යන්න පුලුවන් ද? කොහේ හරි ඇවිදින්න යන්න ඕනෙ...

පාර දෙපැත්තෙ බල බලා කල්පනා කර කර ගියපු මම දැක්කෙ Majestic City එක



ඔය තියෙන්නෙ බලන්න යන්න මරු තැනක්..

ගත්ත බෑග් එක කරට බැස්ස ඊලග හෝල්ට් එකෙන්


බුදු අම්මෝ මේකෙ තියන දේවල්, ලොකු LCD ටීවි , Laptop, ඔරලෝසු, ඇදුම් , සපත්තු , ඇපල්  ෆෝන් ,බ්ලැක් බෙරි ෆෝන්......

වීදුරු වලින් වටකරල තියන කඩවල් ඇතුලෙ තිබ්බඒව මම බලන් හිටියෙ කන්න වගේ .. නැතුව ගන්නන ඇ..

පැයක් විතර සිරි නරඹපු මම කැරකෙන පඩිපෙලකින් පහලට බැස්සෙ යකෙක් කන්න තරම් බඩගින්නෙන්..

මෙන්න බොලේ KFC එකක් තියනව, මේක මම කලින් දැක්කෙ නැනෙ..



කවද කාපු KFC ද, ඒත් ඉතින් අම්ම හදීසියක් උනොත් පාව්ච්චි කරන්න දුන්න දාහත් තියන නිසා මාත් ගියා KFC එක ඇතුලට.

කෑම දෙනතැන උඩින් ගහල තියන බොඩ් එක දැක්කහම මගෙ කට ඉබේම ඇරුන.. යකෝ මේ එක වේලකට යන ගානින් මට වේල් හතරක් කන්න පුලුවන්නෙ...

කමක් නෑ හැමදාම කන්නෑනෙ..

පොඩ්ඩක් වටපිටාව සෝදිසි කරල, ගන්නෙ මොනවද කියල හිතල, මාත් පෝලිමක පිටිපස්සට ගියා..

එතනට ගියහම එතන තව කෙලියයි! පෝලිමේ හොදට සිංහල කතා කර කර ඉන්න අය ඕඩර් එක දෙන්නෙ කඩ්ඩෙන්........

අපි කඩු ලග තියාගත්තට ඒව පාවිච්චි කරල තියනව යැ...

මේ ගැන කල්පනා කර කර ඉන්න කොට දැක්ක අති සුන්දර දර්ශනයෙන් මගේ හදවත කුල්මත්වුනා.. ඇග හිරිවැටිල ගියා....

සුරංගනාවියො තුන්දෙනෙක් KFC එක ඇතුලට එනව....

එතන හිටපු ලස්සනම සුරංගනාවි මගේ දිහා ලාවට බලල .. මට එහා පැත්තැ පෝලිමේ හිටගත්ත....



හප්පේ..... තියන සුදක්..... තියන ලස්සනක්... මේවගේ ගෑනු ළමයි ලංකාවෙ ඉන්නවද? දෙයියෝ..!

මට කෙදිරිත් ගෑවුනා

හිතේ තියන් හිටපු ගමේ රූප සුන්දරියන්ගෙ ඉටි රූප මේ සුරංගනාවිගෙ ලස්සන දැකල එක තප්පරෙන දියවෙලා ගියා

දැන් ඉතින් සිංහලින් කතාකරන්න බෑ එංගලන්තෙන් ආව වගේ ඉන්න ඕනෙ,..

ඔලුව කෙලින් කරගෙන, ගත්ත එංගලන්ත පෙනුමක්.

සිතුම්.... බිම නොබලන්.... ගව්ම කොටයි..! ඒ මගේ පිරිසිදු අවංක සිත..

ඒත් මගේ වල් හිත කිව්වෙ වෙන දෙයක්.ඒව කොහොමද දෙයියනේ මේකෙ ලියන්නෙ...!

තුන් හතර සැරයක් බිම බලපු මම නොදැනිම පොලිමේ එක වෙලා.....

මගේ ඕඩර් එක ගන්න හිටියෙ.. අධික කාර්ය බහුලත්වය නිසා මූනත මැලවිලා තිබුන අක්ක කෙනෙක්,

"what do you want sir? "

දැන් වැඩ පෙන්වීමේ වේලාවයි.......




"I want one zinger burger and a couk"

"medium couk"

"yes.. medium"
හප්පේ.... මට දැනුන සතුට.. ඇඩෙන්න වගේ..

මගේ රබර් ඇහැ ගියේ පුංචි සුරංගනාවි දිහාට....

අනේ...!  චූටි මගේ දිහා බලන්නකො....



මෙච්චර වෙලා කොම්පියුටර් ස්ක්‍රීන් එකට ඇගිල්ලෙන් ඇන ඇන හිටපුපහු  KFC  අක්ක මගේ දිහාට ආපහු හැරුන..

"Do..sjfi dfiia diuidp- ;podpo?"

මොකකක්.....?

"Sorry"

"Do..sjifiu iasfiu isudi -doa ddo?"

අක්ක කට ඇතුලෙ තියාගෙන කියපු හරුපෙ මට පොඩ්ඩක්වත් තේරුනේ නෑ..,ඇත්තටම ඇහුනෙ නෑ

"Sorry i can't hear you"

ටිකක් වෙලා සද්ද නැතුව හිටපු අක්ක ,

" මල්ලි ඔයාට මේව මෙතන තියන් කන්න ඕනෙද ? නැත් නම් ගෙදර ගිහින් කන්න ඕනෙද? "

කියල අහපි.

අයියෝ..! ඔය කොරේ ඉතින්,

කන ගාවට ආපු රොස පාට තොල් දෙක සුදුපාට ලස්සන අත් දෙකෙන් වහගන්න සුරංගනාවිව ඇස් කොනින් දැක්ක මට පොලොව පලාගෙන යන්න හිතුන..

"මෙ.. මෙතන, , ,නෑ ගෙදර .,, Take away"   කියල කිව්වෙත් ගොත ගහ ගහ.

 ලැජ්ජාවෙන් පිරිච්ච මගේ හිත කෑ ගැහුව....



   ඇයි දෙයියනේ... මටම මෙහෙම කරන්නෙ!



94 comments:

  1. එළ බන් එළ ..මාතලන් ගොයියට කියලා මේකට සප් එකක් දෙන්න ඕනේ..එලම කිරි පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. හ හා.. දැම්ම ගමන් ආව නේද.... එක අ...
      ස්තූතියි SilentSahan

      Delete
  2. "Do..sjifiu iasfiu isudi -doa ddo" මේ උඹට ඇහුන හැටි නේද....?

    ගොඩක් ඉංගිරීසි ෆිලුම් බලනකොට මට ඇහෙන්නෙත් ඔහොම.. :D

    අයියෝ ගර්ල්ස් කිව්වලු... සර්, මල්ලි වෙලා..හෙක්ස්

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ Do කියන එක විතරයි, ඔක්කොම කටේ හිර කරන්නෙ කියුවෙ.

      Delete
  3. "Do..sjifiu iasfiu isudi -doa ddo?"
    පස්ට කතාව!

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ කඩ්ඩට කැපුනට දැන් මතක් කරනකොට පස්ට සිද්දියක් තමා රාජ්.

      Delete
  4. මොනවා කරන්න ද බං ඔහොම තමයි ජීවිතේ . . .

    ReplyDelete
    Replies
    1. ඒත් ධාරා මටමමනෙ වෙන්නෙ.

      Delete
  5. මචෝ රස වෑහෙනවා කොල්ලෝ මේ ලියැවිල්ලේ. උපරිමයි. උපහාසයත් එක්ක යෞවනත්වය වෑහෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියෙ.. මට දැනිච්ච දේවල් පුලුවන් තරම් හොදට ලියන්න උත්සහ ගන්නෙ. කොමෙන්ට්ස් දැක්කහම ගොඩක් සතු‍ටු හිතෙනව.

      Delete
  6. හරිම නෝටි අක්කියෙක්! ඔහොමත් අහනවද මම කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාව ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රකරා.

      Delete
  7. මට මැවිල පෙනුන.තෝ ආපු ගමන් අපිව මරන් කන්නද යකෝ හදන්නෙ.
    හැමදාටම එක ගානකට තියාගෙන යමු පුතෝ.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැහැනෙ : (
      මම වැ‍රැද්දක්වත් කරාද? කෙන්ජි

      Delete
    2. මම කිව්වෙ ලියල තියෙන විදිය පට්ට කියල.
      ඔය ඉට්ටයිල් එක කඩන්න එපා.
      හිනා ගස්සල නාකි එව්වො මරන්න එපා.

      Delete
    3. ආ.. ඒකද මේ..
      හිනා වෙන තරමට තරුණ වෙනවලුනෙ..
      ඉතින් එන්නෝනෙ දිගටම....

      Delete
  8. හෙ හෙ.....

    මුල ඉදන්ම සිංහලෙන්ම ගේම ගැහුවා නම් ඉවරයිනේ.....විහිලුවටයි කිව්වේ....කඩ්ඩෙන්ම් කොටන්න.....

    ReplyDelete
    Replies
    1. සිංහලින් ගේම ගහන්න හිතන් හිටියෙ Mayya, කොහෙද කෙල්ලෙක් ආවනෙ : )

      Delete
  9. හිනා කාලා මැරුණා බන්. කේ ඇෆ් සී වගේම රහයි.. කුණුහබ්බ ලියන්න ඕන නෑ. අපිට තේරෙනවා උඹේ දුක. බොරු කියන්න එපා.. ඇත්ත කියපන්.. අර කෑල්ල, ඊට පස්සෙ උඹේ කාමරේටම ආවා නේද, යට ලීයෙන්..

    මෙන්න බ්ලොග්... යකෝ,, හිටපු හොඳම එකත් නැගෙනහිර අම්පාරේ.. සඳරූ..

    දැන් සප් ඕන නෑ. මම හිතන්නේ 400 විතර ආවා. මගේ මුල් කාලේ පෝස්ට් කියෙව්වේ, 20-30 යි..

    ඒත් සින්ඩියේ දාන්න ඕන නම් කියපන්..

    ReplyDelete
    Replies
    1. මාතලන් එනකන් මග බලන් හිටියෙ. [ මාතලන් අයියෙ කියන්නද? ප්‍රියන්ත අයියෙ කියන්නද? : ) ]

      මුලින්ම බ්ලොග් එක පටන්ගන්න දවසෙ හිතුවෙ නැහැ. මෙච්චර අය මම ලියන ඒව කියවයි කියල. මේ දවස් අටට , මේ වෙනකොට, හත්සිය හැට හය දෙනෙක් මගේ බ්ලොග් පි‍ටුව බලල, ගොඩක් අය කොමෙන්ට් කරල..

      ආපු බහුතරයක් ආවෙ මාතලන් සින්ඩිය හරහ.. මාතලන් කියපු නිසා..

      ඇත්තටම මට ස්තූති කරන්න වචන නෑ.... හැම තිස්සෙම කියනව වගේ, බොහෝම ස්තූතියි!

      මට හදාගන්න වැ‍රැද්දක් තියනවනම් පෙන්නල දෙන්න.

      Delete
  10. මොකද උනේ සයිට් එකට ...? අපි හිතුවේ ගියා තමයි කියලා..

    ReplyDelete
    Replies
    1. එක පාරටම නැතිවෙලා ගියා.. මට පිස්සු හැදිල හිටියෙ.. කොහොමහරි යන්තම් හදා ගත්ත..මොකක් උනාද මන්ද

      Delete
    2. මාත් හිතුවා කෙල උනා තමයි කියලා. පපුව දාලා ගියා....

      Delete
    3. ඔයා දාපු කමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩර් එකේද බලන්න ...?

      Delete
    4. මේකව බ්ලොග් දේවාලෙට එක්ක ගිහින් ඇස් වහ ටිකක් පුච්චන්න වෙනවා මාතලන්..නැත්නම් මූ එක එක ඒවා ඔබන්න ගිහින් වඳුරා කරගත්ත එක කරගන්නවා..මොනවා උනත් පොර බය උනා සෑහෙන්න ..:D

      Delete
    5. ඔව්, spam එකේ තමා ගොඩක් කොමෙන්ට්ස්.. මොකක්ද මේ spam folder එක, ඇයි මෙහෙම වෙන්නෙ.

      Delete
    6. වැඩේ හරි දැන් තේරෙනව.

      Delete
    7. ස්පෑම් එකෙන් ගොඩ ගන්න කමෙන්ට් එක ඉස්සරහ tik කරලා not spam කරන්න..ස්පෑම් එකට යනවා ඔයාගේ IP එක වෙන අය බ්ලැක් ලිස්ට් හරි රිපෝර්ට් කලොත් හරි...එක්කෝ ඔයා මොනවා හරි අනවශ්‍ය වැඩක් කරලා තියෙනවා..ඒකයි සයිට් එක පිටින්ම රිමූව් උනේ..

      ඔයින් ගියා ඇති සදාකාලිකවමරිමූව් උනා නම් ආයේ ගන්න බැහැ ..( අපි ළඟ offline පේජ් එක නොතිබ්බොත් ඇරෙන්න )

      මල්ලිට පුළුවන් නම් මට ස්කයිප් වලින් කෝල් එකක් ගන්න... silentsahan තමයි ID එක..

      Delete
    8. උදව් වලට ගොඩක් ස්තූතියි අය්යෙ

      Delete
  11. හි හි ....අනේ කොල්ලෝ හොඳේ

    ReplyDelete
    Replies
    1. කොල්ල චාට්ර් උනා... දුකේ බැරුවා

      Delete
  12. "Do..sjifiu iasfiu isudi -doa ddo?"

    ඒකනම් මරු බං.

    අපි ඉතිං රන් හැන්ද කටේ ගහන් කොළඹ 7 ඉපදිච්ච එවුන් නෙවිනේ බං. ඉස්සෙල්ලම දවස්වල තනියෙන් කොළඹ ඇවිත් ඇවිදිනවය කියන්නෙත් මාර අත්දැකීමක්.

    මාතලන්ගෙ බ්ලොගේ සහන්ගෙ කමෙන්ට් එක දැකල ආවෙ, ස්තූතියි සහන් ඔබටත්.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ප්‍රජාසත්කාර වලට මනාපයි නෙව DDT ..:D

      Delete
    2. පලවෙනි වතාවට තනියම කොළඹ ඇවිදපු විදිහනම් මට ජීවිතේට අමතක වෙන්නෑ DDT මෙහෙම දේවල් වෙනකොට කොහොම අමතක වෙයි ද.

      Delete
  13. සහනට පින් සිද්ධ වෙන්න තමා මාත් කඩං පාත් උනේ.. කම්මැලි නැතිව ලිව්වොත්නං උඹ තමයි පුතයා... අද ඉදන් ඕං මාත් කියෝනවා.. දන්න උන්ට කියවන්නත් දෙනවා...

    මට මේකේ පෝස්ට් 4යි පෙන්නන්නේ.. ඒ ගාන හරිද නැත්තං තව තියේද..?

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටින් පිලිගන්නව..! තාම පෝස්ට් හතරයි....

      බ්ලොග් එකේ පොඩි අව්ලක් වුනා සහන් අයිය තමා හදාගන්න උදව් කරේ, මාත් පින් දෙන්න ඕනෙ!

      දිගටම මේ පැත්තෙ එන්න..

      Delete
  14. පව් නේ .. ටේක් අවේ කොහේ තියන්ද කෑවේ..

    ගණන් ගන්න එපා ඔය කවුන්ටර් වල ඉන්න අක්කල අය්යලත් දන්නේ වචන ටිකක් විතරයි . බ්‍රිටිෂ් කවුන්සිල් ගියාට පස්සේ බැරිය කඩ්ඩ වනන්න.

    ජය

    ReplyDelete
    Replies
    1. කො‍ටුවට ගිහින් බස් එකේ දි පොඩ්ඩක් රහ බැලුව බින්දි.. ඉතුරු ටික ගෙදරදි.. එතකොටනම් චප්ප වෙලා තිබ්බෙ..

      ඔව් , කඩ්ඩ වනන්න හොදට පුරුදු වෙන්න ඕනෙ.

      ඔබටත් ජය, දිගටම එන්න.

      Delete
  15. තව ටික දවසකින් උඹට රිටන් එක දෙන්න පුළුවන් වෙයි.. එදාටත් අර වගේම කට්ටිය ඉඳියි.

    ReplyDelete
    Replies
    1. රිටන් එක දෙන්න ඕනෙ අනිවාරයෙන්ම... ඇත්තටම එදාටත් ඒවගේ කට්ටිය ඉදියිද?

      Delete
  16. බුකියෙදි මාරයා දුන්න ඔත්තුවකට කඩා පාත් වුනේ. අම්මපා සතයක්වත් පාඩු නෑ.

    උඹ මුලින්ම අකුරු තුනේ කඩේට රිංගන කොට තනියෙන් රිංගන්නවත් ගටක් තිබ්බා. ඒ හොදටම මදෑ. ඔය මුලින් කිව්ව ටික ගොතා ගන්න තියා තනියෙන් ඕකට යන්නවත් අපි භය වුනානේ.

    තව ටිකක් අමුවෙන් ලිව්වත් කමක් නෑ මලේ. මං කිව්වේ කාලෙකින් කොළඹ පාත්වුන එහෙකුට කරකෝලා අතෑරපු ගතිය මිටත් වඩා වැඩි ඇති කියල හිතෙන නිසා.

    උඹ සදරුවට වඩා ටිකක් වෙනස් වුනාට, බ්ලොග් ලොකේ සදරුවෙක් වෙන්න කියල සුබ පතනවා. හැබැයි ඌ වගේ මැදින් අපිව කරකෝලා දාල යන්න නෙමේ.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නව සිතුම් සයුරට....!

      මේ පෝස්ට් එක ලියන්න කලින් මම සීආර් පොතක පොඩි නෝට් එකක් හැදුව මොන විදිහටද පෙලගස්සන්නෙ කියල.. ඒක පි‍ටු හතරක් තරම් දිගයි..
      ඉතින් මට සිද්ද වුනා සමහර සිද්ධි අයින් කරල කතාව පොඩි කරන්න....
      දිග වැඩිවුනහම කියවන්න එපාවෙයි කියල මට හිතුන..
      නැත්නම් මේ අතරෙ සිද්ද වෙච්ච මට දැනිච්ච දේවල් ගොඩයි !

      දිගටම මේ පැත්තෙ එන්න The Modern Patriot...........

      Delete
  17. සිතුම්ගේ මුල් ලිපියේ සිට සියලුම ලිපි කියවලා කමෙන්ට් එකක් දාන්න ආවේ . සරළ සිත් ගන්නා
    …සුළු භාෂා විලාශය නිසා ලිපි වල මුල සිටන් අවසානෙට යනකම්ම අපහසුවක් නැතිව කියෙව්වා .
    …දැන් ඉතින් කොළඹට සේන්දු වෙලා ඉන්න නිසා ප්‍රවේසමෙන් කල්පනාවෙන් ජීවත් වෙන්න .
    …අත්දැකීම් ඔබව පරිණත කරාවි .
    …දිගටම ලියන්න . ජය පතනවා !

    ReplyDelete
    Replies
    1. ඇගයීමට බොහොම ස්තූතියි ගිම්හානි....

      අත්දැකීම් වලින් අපි ඉගෙන ගන්න දේවල් කවදාවත් අමතක වෙන්නෑ...... නේද
      අනිත් අය ජීවිතේ විදින අත්දැකීම් වලිනුත් අපිට ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ.....

      හැම බ්ලොග් පි‍ටුවක්ම ගොඩක් වටින්නෙ ඒ නිසා.........

      දිගටම මේ පැත්තට එන්න... ඔබටත් ජය!

      Delete
  18. මචං උබට ඔය වෙච්ච දේ පොඩි කිනිසි පාරක් වගේ වෙයි British council එකේ Machine කියත් පාරවල් දෙක තුනක් වැදුනම, මොනවා උනත් උත්සාහය වටිනවා මල්ලී, හැබැයි උබ British council එකේ කරක් ගහල අපිට කඩ්ඩෙන් කොටන්න එනවා එහෙම නෙවෙයි hikz........

    ReplyDelete
    Replies
    1. හ.. හා.. ඇත්ත ඇත්ත...

      British Council එක මට වෙනම ලෝකයක් වගේ උනා...
      ඉගෙනගන්න දේවල් වගේම.. බලන්න තිබ්බ දේවලුත් ගොඩා...........යි : )

      Delete
  19. //ඉතින් හත්තිලව්වෙ, මෙච්චරකල් කොරෙත් ඕනකෙ!//
    ඕනකෙ නෙවෙ ඕකනෙ.එච්චරයි වැරැද්දකට දැක්කේ.අනිත් දේවල් නම් සුපිරි.ඉදිරිපත් කිරීම ,පින්තුර යෙදීම , ඇහැට ප්‍රිය විදිහට වාක්කය අතර ඉඩක් තැබීම වගේ දේවල්.බ්ලොග් එකට එන කෙනෙක් කතාව කියවන්නැතුව යන්නෑ ඉදිරිපත් කිරීම හොඳ නිසා. අමාරුම දේ මෙවිදිහට දිගටම ගෙනියන එක.සුබ පතනවා ඔබට.

    ReplyDelete
    Replies
    1. අප්පේ.... මම කීසැරයක් මේක කියෙව්වද, ඒත් මම ඔය වැ‍රැද්ද දැක්කෙ නෑනෙ....
      වැ‍රැද්ද හැදුව ගොඩාක් ස්තූතියි!

      පුලුවන්තරම් හොදට වැඩේ කරගෙන යන්න ඕනෙ..
      ඔයාලගෙ සහයෝගය අත්‍යාවශ්‍යයි....

      දිගටම එන්න...

      Delete
  20. බොලාට කියන්න මමත් KFC එකකකට කියල ඉස්සෙල්ලම ගියේ ඔය MC එකේ තියන එකටනෙ.
    දෙතුං පාරක්ම දොර ගාවයින් එහාට මෙහාට ඇවිදල තමයි ඇතුලට ගියේ. හැබැයි ඔය කෑලි දිහා බැලුවෙ නැති හින්දද මංද මංනං කතාකලේ සිංහලෙන්මයි. එතකොට ඔය Do..sjfi dfiia diuidp- ;podpo? වගේ වචන දාන්න උංට බෑනෙ. :D

    සුපිරි ලියවිල්ලක්, මේ වගේ ලියන්න පුලුවං එවුවො ඔක්කොම ඉන්නෙ නැගෙනහිර පැත්තෙද මංද?

    මේ ගැන සඳහනක් කළ 'මාරයා' මහතාට ස්තුතිය !

    ReplyDelete
    Replies
    1. අපේ ලොකු අම්ම කියනව වගේ වයසෙ වැ‍රැද්ද ද කොහෙද, ප්‍රසන්න අයියෙ..
      මාරයට මාත් ස්තූති කරන්න ඕනෙ...

      එන්න ආපහු මේ පැත්තෙ..

      Delete
  21. හප්පා.. මතක ගොඩයි මේක අස්සේ.. අපේ හිටියනේ ඔය වගේම නැගෙනහිරෙන් ආපු සිංහලත් බැරි ඉංග්‍රිසිත් බැරි එකෙක්.. ඒ හැබැයි ඇක්වයිනාස් එකේ... එතකොට MC එකේ තමයි ඒ දවස්වල සෙකන්ඩ් පීරියඩ් එක කට් කරලා රස්තියාදු ගැහුව්... ඒකේ KFC එකේ ඉඳන් තමයි පවුල් ප්‍රශ්න වලට සාමානදාන විනිශ්චයකාර වැඩ කළේ.. වලි දාගෙන අඩාගෙන එන උන් සාමදාන කරන්නත් එපැයි... හැබැයි ඕකෙන් කන්න නම් කිසිම කැමැත්තක් නෑ.. කෝක් එකක් බීලා එනවා මිසක්... අපිට කොහෙද එච්චර සල්ලි... හි හි...

    ඔය ලොක්කෝ සෙට් එකම ඇවිල්ලා තියෙන්නේ.. දැන් ඉතිං ලියන එකයි පටං ගත්තනං ඉතිං... හි හි...

    ReplyDelete
    Replies
    1. අ.. දැනුත් සාමදාන විනිශ්යකාර වැඩ කරනවද? ... කරනවනම් හොදයි හොදයි.... : )

      ලොක්කො ඔක්කොමල මට ගොඩක් උදව් කරනව...

      දිගටම මේ පැත්තෙ එන්න හිරු

      Delete
  22. හපොයි කොල්ලටත් වෙලා තියෙන වැඩක්..... ඔව්වා ඔහොම තමා අප්පා ගනන් ගන්න එපෝ.....

    ReplyDelete
    Replies
    1. ඕවත් ඉතින් වෙන්න එපෑයැ නේද..

      Delete
  23. අඩේ.. කාලෙකින් කියෙව්ව මරු ලිපියක් ඈ.. සඳරු ලිව්ව ලිපි වගේ. උඹ කියන්නේ මලේ මමත් උඹ එක්ක මැජෙස්ටික් එකට රිංගල ඇස්දෙක ලොකු කරගෙන ඇවිද්ද වගේ :) එල එල දිගටම ලියපන්. වෙලා තියන හැමවෙලේම ඇවිත් කියවල යන්නං.

    ක්සැන්ඩර් | Xander

    ReplyDelete
    Replies
    1. සඳරු... හිස් අහස... මට ගුරුවරයෙක් වගේ ක්සැන්ඩර්...
      ඒකෙ තිබුන සමහර ලිපි මම දෙතුන් සැරේ කියවල තියෙනව..
      අවාසනාවට මට හිස් අහසෙ අලුතින් දාපු පෝස්ට් කියල කියවන්න හම්බුනේ එකම එක ලිපියක් විතරයි.

      නිතර මේ පැත්තෙ එන්න....

      Delete
  24. උබට කියන්න තිබුනේ මේත න "කවූන්ටෙර්" උඩ තියාගෙන කන්න බැහැනේ අක්කේ එක නිසා අර "ටේබල්" එකකට අරගෙන් ගිහින් කානම් කියලා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපෝ.. අර කෙල්ල හිනාවුන හැටි දැක්කහම මට කෑම එපා..කියල එලියට දුවන්න හිතුන.. සංජීව

      Delete
  25. ඔන්න අපිත් අවා පදිංචිත් උනා හැබැයි පුතෝ දිගටම ලියන්න ඕන

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව.... Itnishantha
      දිගටම ලියන්නම්කො.

      Delete
  26. සරල භාෂා විලාසය අපූරුයි පුතා, දිගටම ලියන්න .. මගෙත් රාජකාරි ජීවිතෙන් තුනෙන් එකක්ම ගෙවුනේ නැගෙනහිර ..

    ReplyDelete
    Replies
    1. සිතුම් සයුරට ගොඩවුනාට ස්තූතියි..!
      නැගෙනහිර දුෂ්කරයි.. ඒත් මෙහෙ ගෙවෙන සරල ජීවිතේ ගොඩක් සුන්දරයි.. එහෙම නේද?

      Delete
  27. වැඩේ පට්ටයි මලයා.දිගටම කරගෙන යන්න :D

    ReplyDelete
    Replies
    1. හ හා.. කරගෙන යන්නම්.. දිගටම එන්නඕනෙ මේ පැත්තෙ.

      Delete
  28. මල්ලි... උඹේ ලිවිල්ල දැක්කම සඳරු කියන බ්ලොග් කරුවව මතක් වෙන එක නවත්තන්න බෑ... ඒත් උඹේ ස්ටයිල් එක යුනික්... දිගටම ලියපන්... මාරය තමා පාර කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. හිස් අහස මම වැඩි වාර ගානක් කියවපු බ්ලොග් අඩවියක්.. ඒ ආභාශය මේ ලිපි වල තිබුනොත් ඒක පුදුමයක් නෙමෙයි සපතේරු උන්නැහේ..
      ආපහු ඇවිත් යන්න එන්න..

      Delete
  29. මාරයා මුනු පොතේ දාලා තිබුන ලින්ක් එකකින් අවේ. හිස් අහස ලීයන සඳරු මලයව මතක් උනා. සේරම ලිපි කියෙව්වා. සුබ පතනවා . . .

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව..
      සුබ පැතුමට බොහොම ස්තුතියි.

      Delete
  30. මේ කතාවෙන් සිද්දි කිහිපයක්ම මතකයට ආවා. ඕනෑම තැනකට මුලින්ම ගියාම ආධුනික ගතියක් දැනෙනවා. මටත් මේ වගේම සිද්දියක් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක ඇත්ත, ඒ ආධුනික ගතිය මග ඇරගෙන ඉන්න පුලුවන්නම් ඒක තම ජයග්‍රහනෙ

      Delete
  31. වහ කන්න හිතෙන වැඩක්නෙ වෙලා තියෙන්නෙ.. උබට තිබුනෙ හිනියට අක්කටත් කින්ඩියක් දාගෙනම යන්න..

    පොස්ට් ඔක්කොම කියෙව්වා නියමයි ඩිගටම ලියමු එහෙනම් හොදෙ

    ReplyDelete
    Replies
    1. අපෝ තවත් නෝන්ඩි වෙන්න උනොත්.... ඇත්තටම වහ කන්න වෙනව.

      Delete
  32. මාරයාගේ ලින්කුවෙන් ආවේ පට්ට ලිපි පෙළ .. මාරයා තුමාට වරදින්ඩ් විදිහක් නෑ ..! හිස් අහස සදරුව තමා මතක් උනේ ... හැබැයි වෙනසක් තියනවා .. දිගටම ලියන්ඩ අපිත් දිගටම කියවනවා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සමීර, මාරය තුමා සිතුම් සයුරට ගොඩක් උදව් කරනව....
      ආපහු මේ පැත්තෙ එන්න

      Delete
  33. මම මේ කොමෙන්ට් එක ලියන්නෙ ලොකු සතුටකුත් , පොඩි දුකකුත් හිතේ තියාගෙන...

    ගොඩාක් සතු‍ටු වෙන්න හේතු ගොඩයි...

    මට හිතෙනව මගේ බ්ලොග් එක සාර්ථකයි කියල.. ඒ වගේම සිංහල බ්ලොග් කරුවන් සියලු දෙනාම වගේ මගේ බ්ලොග් අඩවියට උදව් කරනව... තව මම මගේ දෙයක් ගොඩ නගන කොට තියෙන සතුට මට තියෙනව..

    තවත් ලොකුම සතුටක් තමයි..

    බ්ලොග් අඩවියෙ මගෙ වීරයෙක් වුන සඳරුව මගේ ලියවිල්ල දැක්කහම මතක් වෙනව කියන එක.... ඒක මට ලොකු ගෞරවයක්...

    පොඩි දුකක් තියෙනව...

    සිතුම් සයුර ගැන තියන ප්‍රතිචාර හොයල බලන්න නෙට් එකේ හැම තැනම බලන කොට,

    මම දැක්ක.. "සිතුම් සයුර .. හිස් අහස කොපි කරල ලියන එකක් වගේ කියල" ලියල තියන අදහසක්

    ඕනම කෙනෙකුට ඕනෙම අදහසක් මගේ බ්ලොග් පි‍ටුව ගැන දක්වන්න පුලුවන්... ඒක මට කරන ලොකු උපකාරයක්...

    ඒත් මම මේකට උත්තර දෙන්න ඕනෙ කියල හිතුනෙ... සඳරුගෙ හිස් අහසට ගෞරවයක් විදිහට..

    සඳරු ගෙයි මගෙයි ජීවිත වල පොඩි සමාන කමක් තියෙනව, ඒ උනාට ලොකු වෙනස් කම් තියෙනව,

    ඔයාල දන්න සමාන කම අපි දෙන්නම නැගෙනහිර කියන එක, ඔව් අපි දෙන්න ඉන්නෙ ටිකක් සමාන පරිසරයක.. මම සඳරු විදල තියන සමහර අදැකීම් විදල තියෙනව..
    ඒත් අපි දෙන්නගෙ ජීවිත හාත්පසින්ම වෙනස්...

    මට හිතෙන විදිහට මම ලියන විදිහට ගඩාක් බලපාල තියෙන්නෙ මේ කරුනු..

    තුංමංහංදිය කතාපොත
    ටොම් සෝයර් කතාපොත
    හිස් අහස

    මේ මම ලියන විදිහ...

    මම මගේ ගැන හංගගෙන ඉන්න.. ඒක ඇත්ත.. මම ලියන්න ඉන්න සමහර ලිපි වලට ඒක බාදාවක්..

    විශේෂම දේ.. මම මගේ බ්ලොග් එක අනිසි විදිහට ප්‍රමෝට් කරගෙන ඒකෙන් සල්ලි හොයන කෙනෙක් නෙමෙයිකියන එක........

    මේ බ්ලොග් එකට මම මහන්සිවෙලා ලිපි ලියන්නෙ සල්ලි හොයන්න නෙමෙයි... මේකෙ එක ඇඩ් එකක් වත් නැහැ... ඉස්සරහට දාන්නෙත් නෑ..

    ඉස්සරහට ලියන ලිපි තව මගේ කරගෙන ලියන්න මම උත්සහ කරන්නම්..

    යෝජනා , චෝදනා මම සතුටින් බාර ගන්නව...

    මාත් එක්ක ඉන්න හැම දෙනාටම ගොඩාක් ස්තූතියි..!

    .......සිතුම් සයුර.........

    ReplyDelete
    Replies
    1. මෙළෝ දෙයක් ලියන්න බැරි ගොබ්බ ගෝපයි කියන කිසි දෙයක් ගනන් ගන්න එපා බං. අනික ඔය මතයේ කවදාවත් ඉන්නත් එපා. උඹ තුලින් හොඳ ලේඛකයෙක් දකිනවා මම. සමහර විට උඹටත් සඳරු වගේ මාකට් එකක් ආවොත් ඒක අත අරින එක මෝඩ කමක්. අනික ඒක උබ උඹේ රසිකයාට කරන අසාධාරණයක්. මෙහෙම පසුගාමී මානසිකත්වයකට කවදාවත් යන්න එපා. අභිමානය කියන දේ හිතේ තියා ගනින් හැම තිස්සෙම.

      Delete
    2. පිස්සුද කොල්ලො උඹ ලියහං උඹට ඕන විදියට ඔය දෙකයි පනහෙ එවුවො කියන ඒව ගණන් ගන්නෙ නැතුව.

      Delete
    3. ගොඩක් දුක හිතුන අයියෙ.. මහන්සි වෙලා බ්ලොග් එක ලියන්නෙ මොකටද කියල හිතුන..

      ඉස්සර උදේ හතට අටට නැගිටින මම දැන් උදෙන්ම නැගිටල බ්ලොග් එක දිහා බලන්නෙ..
      අද කීදෙනෙක් බලල තියනවද? කොමෙන්ට්ස් කීයක් තියනවද? ඒ අය මොනව කියල තියෙන්නෙ කියල.

      සල්ලි වලට වඩා ඒ සතුට ගොඩක් වටිනව...

      ලියන එක අතඅරින් නෑ.. ඒත් ලියන දේවල් ගැන තව හිතන්න ඕනෙ!

      Delete
    4. කොහේද බං ඔය කියන කතාව තිබුනේ..?

      ඔහොම කතා වලට ලියන එක නැවැත්තුවනං මේ වෙද්දි සිංහල බ්ලොග් ලියන්නේ බොහෝම ස්වල්පයයි.. එව්වත් ඉතිං බල්ලෙක්වත් නොබලන බ්ලොග් වෙන්න ඕන.. මොකද බයින තරමක් බයින්නේ හරි වැරදි කියන්නේ හරි කට්ටිය කියවන එහෙකට මිස කවුරුවත් නොදන්න ඒවට නෙවෙයිනේ... පිගන් බිදෙන්නේ හෝදන එක අතින් මිස බලං ඉන්න එකා අතින් නෙවෙයි නෙව...

      Delete
    5. හිස් අහස " සදරු ත් " අම්පාරේ උබත් ඒ කිට්ටුවම වෙන්ඩ ඇති . ඉතින් උබල දෙන්නගෙම භාෂාව ට්කක් ලගින් යන ගතියක් තියනෝ .. එහෙම උනා කියලා එකම විදිහට නිර්මාණයක් කරන්ඩ පුළුවන් කාටද ? අත්දැකීම් භාෂා ව්‍යවහාරය නිසා පොඩි සමාන කමක් තිබුනත් මේ ස්ටයිල් එක බ්ලොග් වල කවුරුවත් කලින් කරලත් නෑ ආයේ කරන්ඩත් බෑ ... , මාරයා / සදරු / නලිනි / හැලප කඩේ ... මේ හැම කෙනකුටම තමන්ගේ ආරයක් තියනවා ඉතින් සිතුම් සයුර වෙන කොපියක් වෙන්නේ කොමද ? සිතුම් සයුර .. සිතුම් සයුර ම තමා ......

      Delete
    6. සිතුම් එකක් මතක තියා ගනින් කොල්ලො,මේකෙ චන්ඩි,බන්ඩි,හාමුල,ලමාතැනිලා නැහැ.මොකෙක් හරි ඔබගෙ ගමනට බාධාවක් කරන්න හදනවා නම් වහාම අපව දැනුවත් කරන්න.
      හැකියාව තියෙන දක්ෂයන්ට කවුරුත් අත හිත දෙනව.
      මම සිතුම්ගෙ KFC මේ ලිපිය මතක් වෙලා නැවත කියවන්න ආපු වෙලාවෙයි දැක්කෙ.
      ගට ගනින් පපුවට
      අප සමග යමු පෙරට.

      Delete
  34. මම ඔබට කමෙන්ට් එකක් දාන්න ආවේ ඔබේ ලිපි සියල්ලම කියවලා . මමනම් ඔබ තුලින් සඳරූ
    …දුටුවෙ නෑ . ඔබ ඊට වෙනස් කෙනෙක් කියල හිතෙනවා . සඳරූ වගේ ලියනවා කියල හිතනවානම් ඒකත් ඔබේ ලොකු දක්ෂතාවක් . මෙවැනි කතා නිසා මන්දගාමී නොවී ඉදිරියට යන්න .

    ReplyDelete
    Replies
    1. මන්දගාමී වෙලාද..
      නෑ නෑ .. ඉස්සරහට පෝස්ට් එනව..
      බලන් ඉන්නකො.

      Delete
  35. උබ කවුරුවගෙ ලියනවද කියන්න මම දන්නෙ නෑ.හෑබෑයි උබ කම්මලි නෑතිව කියවන්න, උබෙ අත්දෑකිම අපෙ කියල දෑනෙන්න ලියන්න පුලුවන්.එකනිසා දිගටම ලියපන්.ගොඩ දෙනෙක් ඉන්නව කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් ගොඩක් අය ඉන්නව... මම හිතුවෙවත් නැති තරමට....
      වේලාව තියෙන හැම වෙලේම ලියනව... නවත්තන් නෑ

      Delete
  36. මචෝ....
    පරක්කු වෙලා හොඳටම මම එනකොට අදනම්, සොරි හොඳේ,

    උඹ ලියන විදිහ කතාව ගලපන විදිහ ගැන ආයේ කියන්න දෙයක් නෑ , සුපිරිම, මාතලන්ගේ තවත් සුපිරි සොයා ගැනීමක්,

    හැබැයි පුතෝ එක එක බයිලා වලින් හිත රිදවා ගන්න එපා,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්...

      Delete
  37. බලපන්කො ඉතිං මෙහෙව් ලස්සනට ගලපන උඹලටත් රට්ටු කියන කතා! ගණන් ගන්න එපා බං! දිගටම ලියාගෙන යමු! එල~

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනව නවත්තන් නෑ..

      Delete
  38. තැන්කු මචන්ලා කියල ඒ ඔය ලියන විදියටම ලියල දාපන්,, ඒ කියපු එකට කියහන් ඇවිත් බලන්නය කියල හරිද කියල, වැරදි කියයි..උඹ තව ලිපියක් ලියහන් උඹ ලියන විදියටම, ලියල ඇවිත් බලන්න කියහන්....

    ඔහොම කරගෙන යමු.. උඹේනේ හිට් වැඩි වෙන්නේ බනින්න හරි කියවන්න එපයි....
    අර කකා කරනවා වගේ.ඌට බැන්නද දැම්ම ලින්ක් එකක්... කකා නිකම්ම ප්‍රොමෝට් ....

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි..
      මම මේ විදිහටම හරි, මීටත් වඩා හොදටහරි ලියනව..

      Delete
  39. …ඇත්තටම දෙගිඩියාවෙන් කියවන්න ගත්ත බ්ලොගක්. ඉදිරියනම් පැහැදිලියි . සුබ ගමනක් !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ලොකු ජෝන්..
      මම මුලින්ම කියවපු බ්ලොග් අතරෙ ඔයාගෙ බ්ලොග් එකත් තියනව..
      ඒකියන්නෙ සිතුම් සයුර ඔයාලගෙ නිර්මාණයක්

      Delete
    2. අහන්නත් සතුටුයි

      Delete