Friday, August 30, 2013
බ්ලොග් දෙවියන් වෙත...........
ඇයි දෙයියනේ මෙහෙම කොරන්නෙ!
බ්ලොග් රෝලෙ නොකියවපු බ්ලොග් ගොඩගැහිල, බාගෙට ලියපු පෝස්ට් සම්පූර්න කරන්නත් විදිහක් නෑ...........
මට ආපහු බ්ලොග් ලියන්න බැරි වෙයි ද?
Friday, August 2, 2013
හදවතේ කැඩපත
O/L
පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ,
හරි නේද?
ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ....
ඇත්තටම මේ කාලෙ කියන්නෙ, ඉස්කොලෙ කාලෙ කරපු නැති ඒ කියන්නෙ, විදපු නැති අද්දැකීම් විදගන්න හදන කාලයක්.
පොත් වලට ඔරවපු එවුන් පොත් දිහා බලන්නෙත් මේකාලෙ, පිට්ටනිය ඇලජික් එවුන් පිට්ටනියට බහින්නෙත් මේ කාලෙ, වලි වලට බය එවුන් චන්ඩි වෙන්නෙත් මේ කාලෙ,
ඒ වගේම පාසල් ප්‍රේමය නොවිදපු ගොඩක් අය ප්‍රේමවන්තයො වෙන්නෙත් මේ කාලෙ.
ඒ අතින් බලනකොට ,සුදු පාට රැලි ගවුමක් ලගින් යනකොට, ඇග හිරිවැටිල යන තරමට O/L ප්‍රේමණියයි..
මේ ආදරේද , කැමැත්තද , ආකර්ෂණයද , ඒව කවුරුත් හිතුවෙ නෑ,
කොහොමහරි, කොල්ලො කෙල්ලො සෙට් කරගන්න වෙහෙසුනා, කටු කෑව, ගුටි කෑව,චාටර් උනා, ඒත් පසුබැස්සෙ නෑ....
ඒ අස්සෙ කොල්ලො සෙට් කරගන්න කෙල්ලො සීතල යුද්දෙක!
අනේ ඉතින් කොහොඹ ගස් වටේ කරවිල වැල් එතෙන හැටි, කොට්ටොරුවො හොට පටලගන්න හැටි,
කුරුළු කිරිලියො ටිචර්ල සර්ලට හොරෙන් තැන තැන පෙම් බස් දොඩ දොඩ ඉන්න හැටි දකින අපේ ගල් හදවත් ආදරෙන් මොලොක් වුනා...
අපි කොච්චර හොදද , සිලි වත්ද,කොච්චර අහිංසකද,
ඒත් , හැමෝටම ගෑනු ළමයි ඉදිද්දි අපි කොහොමද දෙයියනේ මේ කෲර ලෝකෙ තනියම ඉන්නෙ.....!
මොලොක් වෙච්ච හදවත් පසාරු කරන්න ගොඩක් ලේසියි ...
හී පහරක් මටත් වැදුන, නොදැනීම.....
හංසි,
හංසි මගේ පන්තියේ හිටපු කෙල්ලෙක්, මගේ යාළුවෙක්,
ලස්සන හොද ගෑනු ළමයෙක්, මට වඩා ටිකක් උසින් අඩු, එයාට තිබුනෙ කතාකරන ඇස් දෙකක්
මම එයාට කැමතියි.. ඔව්,ගොඩක්.. එයත් මට කැමැත්ත දුන්න..
අපි ආදරේ කරනවද?
ඒ ගැන අපි දෙන්නම හරියට දැනන් හිටියෙ නෑ, ඒත් අපි දෙන්නට දෙන්න කැමැත්තෙන් හිටියෙ ගොඩක්, ....
අපේ සම්බන්දෙ ගැන කවුරුවත් දැනගන්නවට අපි කැමති වුනේ නෑ.. අඩුමගානෙ යාළුවොවත්..
ඒකට ලොකු හේතුවක් තිබුන...
මං ගැන තොරතුරු, මම ගෙදර යන්න ඉස්සල්ල ගෙදරට හම්බෙනව .... ගෙදරට ආරංචි වෙනව කියන්නෙ ඉතින් ලෙඩක්නෙ..
හංසිගෙ ගෙදරට ආරංචි වුනොත් ඉතින් අපි දෙන්නටම වෙන්නෙ මැරුම් කන්න...
ඒ නිසා අපි යාළුවන්ටත්, අපි ගැන නොකිය ඉන්න තීරනයකරා...
ඒ වුනත් අපි දෙන්න හිතුවටත් වඩා ආදරය නිර්භීතයි...!
හැංගි හැංගි කතාකරපු අපිදෙන්න නොදැනිම එලියට ආව..
අපේ යාළුවො අපි දෙන්නව තේරුම් ගත්ත..
ඒඅයත් හරියට නොදන්නව වගේ ඇගෙව්ව... ඒත් ගොඩක් උදව්කරා..
ක්ලාස් එකේ,ලයිබ්‍රි එක ලග ,කෝච්චි ස්ටේශන් එකේ කොනේම තියන කොලපාට බංකු පේලි වල ඉදගෙන අපි ගොඩක් දේවල් කතාකරා..
ඇත්තටම අපි කතානොකරපු දෙයන් නැතිතරම්..ඒ දේවල් කොච්චර බොලඳ වුනත් හරිම සුන්දරයි!
අපි කතාකරන දිහා බලාගෙන, අපි ලගින්යන අයියල අක්කල සමහර වෙලාවට විහිලු කරනකොට , ඇත්තටම අපි බය වෙන්න ඕන උනත්, අපිට දැනුනෙ අමුතු සතුටක්...
මමත් රෝගි උනා..කෑම අරුචිය, නින්ද නොයාම, තනියෙන් කිසිම හේතුවක් නොමැතිව සිනාසීම, මනෝ පාරවල් ගැසීම ඕව තමයි රෝග ලක්ෂණ
මේ රෝගෙ නිසා මම ටික ටික කෙට්‍ටු වෙන්න ගත්තත්,
මේ රෝග ලක්ෂණ තිබුන හංසි එන්න එන්න මහත් වෙනව!
හැම කෙල්ලෙක්ටම මෙහෙම වෙනවද?
හතරවෙනි පීරියඩ් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි
මෙක ඉතින් අපි ආසම පීරියඩ් එකනෙ..මොකට කියනවද
ඇයි ටිචර් අපිට උගන්නන්න මෙච්චර වදවෙන්නෙ? වෙලාවකට ටිචර් ගැන දුකත් හිතෙනව..
"ගුඩ් මෝර්නින්ග් චිල්ඩ්‍රන්......"
"ගුඩ් මෝර්නින්ග් ටිචර්.............."
ටීචර් ගෙ බොදවෙන රූපෙත් එක්ක මගෙ ලගට ආවෙ හංසි
හංසියි මායි ගොඩක් තැන්වල ඇවිද්ද, වැව රවුමෙ,පාර්ක් එකේ, නිලාවැලි බීච් එකේ.... හංසිගෙ අතින් අල්ලගෙන මේ හැම තැනම ඇවිදිනකොට මට දැනුනෙ මේලෝකෙ සතුටින්ම ඉන්න කොල්ල මන් කියල,මේක තමා ජීවිතේ කියන්නෙ....ඔව් මේක තමා
හංසි, ලස්සන හංසි, මගේ ලගල එනව
"සිතූ....ම්.. සිතූ.....ම් සිතුම්..."
එහා පුටුවෙ හිටපු කට්ටගෙ වැලමිටි පාරින් , මගේ සිහින මාලිගය කුඩු වෙලාගියා
"මොකද ය.."
"සිතුම්"
ඒ ඉංග්‍රීසි ටිචර්
"ඇ...ඇයි ටීචර්.."
"මොකද තනියම හිනාවෙන්නෙ..?"
උත්තර සියගානක් ඔලුවට ආවත් එකක්වත් කටින් පිට නොවුනෙ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනා.ටිච්ර් මගේ දිහාබලන් කල්පනා කරනවා,
"සිතුම්පුතා ඔයා දන්නවද හදවතේ කැඩපත කියන්නෙ මොකටද කියල?"
"මූනට තමයි හදවතේ කැඩපත කියන්නෙ
පුතාගෙ හදවතට මේදවස් වල මොනවහරි වෙලාතියෙනව කියල මට පුතාගෙ මූන බැලුවහම කියන්න පුලුවන්
මේකාලෙ ඕව කරල ජිවිතේ නාස්තිකරගන්න එපා පුතා.. ඕව කරන්න හොද කාලයක් එනව එතකන් ඉවසන්න..
මේ දවස්වල විභහගෙ හොදට පාස් කරගන්න එක ගැන විතරක් හිතන්න"
පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනට පස්සෙ ටීච්ර් පන්තියෙන් එලියට යනකන්ම මම හිටියෙ සිහියෙන් නෙමෙයි
ටීච්ර් කිව්වෙ මොකක්ද, කොල්ලො කෙල්ලො මට මොනව කියාවිද, මට මොකක්ද දෙයියනේ මේ උනේ.
හැමෝම මග ඇරල ක්ලාස් එකේ දොරේ උලුඅස්සට මම හේත්තු උනේ මේ දේවල් හිත හිත
ලැජ්ජවෙන් රතු උන මූන බිමට හරවගෙන හංසි මගේ ලගට ආව
"මොනවද අනේ උයා කරන්නෙ, හැමෝම මගේ දිහා බැලුව.."
ලැජ්ජාවෙන් මූන රතුවෙලා තිබුනත් ඒ මූන සතුටෙන් පිරිල
ඇයි ඔයාට ඔච්චර සතුටු හංසි
මට එහෙම හිතුනත් ඊලග මොහොතෙදි මට තව දෙයක් තේරුනා
ඔව්, ටීචර් කිව්වහරි, හදවතේ තියනදේ මූනෙන් කියවන්න පුලුවන්, හංසිගෙ හදවත ආදරෙන් කියනදේ ඒ ලස්සන මූනෙන් මට පෙනුන
"ඔයා මට ගොඩක් ආදරෙයි නේද සිතුම් , මාත් ඔයාට ආදරෙයි පැටියො, ගොඩාක්...."
Subscribe to:
Posts (Atom)