කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම.
බය වෙන්න එපා කියනව, subject combination ගැන කියල දෙනව, අපේ විස්තර අහනව, කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව
දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි
ඉතින්, මොකට බය වෙන්නද ,
අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,
මේක සුපිරි තැනක්.....
"අප්පච්චි අපිටනම් රැග් තියෙන එකක් නෑ මේ අයියල මාර හොදයි..මෙයල අපිට මොකුත් කරන එකක් නෑ.."
අලුත් යාලුවොත් එක්ක 2කෙ කාමරේ සෙට්වෙලා අස්පස් එහෙම කරල ෆෝන් එක අතට අරන් හවස පහට විතර අප්පච්චිට කියනකොට අප්පච්චි කියුවෙ මාර කතාවක්
"එහෙමද එහෙනම් අද රැට බලපන්කො හොද අයියල ටික මල්ලිල බලන්න එයි,කල්පනවෙන් පරිස්සමින් හිටපන්"
අප්පච්චි ඉතින් කැම්පස් ගිහින් හොදට සල්ලන් වෙච්චි කොල්ලනෙ.තර්ක විතර්ක අනවශ්‍යයි,මටත් ඉතින් ඔනෙ බම්බුවක්,..අවුලක් වෙන එකක් නෑ.ඒත් ටිකක් බයයිද මන්ද.
අපේ කාමරේ එක රූමෙක් ඇදේ හතරගාතෙ දාල දොයි.
තව එකේක් ඇද යට
ඌ ඇද යට තියෙන තියෙන රෙදි මල්ලක් අදිනව,
මම පුටුවක් උඩ,
"ආ අයියෙ මොකද මේ පැත්තෙ.."
"අයියෙ.... නැගිටපිය පර බ#*&#@*$#*#*%$%*^*"
කරන්ට් වැදිල වගේ එක පාරටම සීරුවෙන් හිට ගත්ත අපිට මුකුත් හිතාගන්න බැරි උනා
මොකක්ද බොලේ ඇතටම මේ වෙන්නෙ.......
අයියලගෙ සහෝදර ප්‍රේමය දෝරෙ ගලනකොට අපේ කාමරේ ඉන්න අසරණ ජුන්ඩො වන අපේ සියොලගම දාඩියෙන් තෙත් උනේ ප්‍රේමයේ උනුසුමටද කොඉන්ද..
මෝලේ ගිනියම් වෙන තෙල් බෙදිල්ලකින් පස්සෙ අපි තේරුම්ගත්තෙ අපේ දුක්කදායක ඉදිරිය ගැන.......
අපි ජුන්ඩොය අපිට නීති ඇත.ඉංග්‍රීසි අකැපය.අයියලා නම් නැත,ජේෂ්ඨ උත්තමයන් ඇත,ඔවුන්ට ඇත්තේ කාඩ් නොහොත් කේත නාම පමණි.පාවාදීම අකැපය .දුන්නොත් ඉවරය.සරසවියේ බිත්ති වලට පවා කන් ඇත කට පරිස්සම් කර ගැනීම කෝකටත් හොදය.
ඉතින් මේ වගේ කැම්පස් එකේ උප සංස්කෘතියට සහ සමාජගතවීම සදහා අපේ වටිනා කාලය කැප කරන්න ගත්තෙ අපේම කැමැත්තෙන්.
උත්තමයො සහ උත්තමාවියො අපිව බලන්න හරි කැමතියි,
තව... අපි, අපි හැමෝගෙම නම් දැන ගන්න ඕනෙ ,
තව ජේෂ්ඨ උත්තමයන් ගෙත් නම් ගම් දැනගන්න ඕනෙ.
හරි සෝයි!!!
අපි ඉතින් හවසට ජේෂ්ඨඋත්තම උත්තමාවියන් හම්බෙන්නයන්නෙ හරිම ආසාවෙන් හරි කැමැත්තෙන්.
ඒ සියලු හමුවීම් අපි අපේ විවිධාකාරවු දක්ශතා පෙන්වීමට සුදුසු තෝතැන්නක් කර ගන්නෙ ඉතින් අපේ කැමැත්තෙන්.....
අනේ ! මොනවා...ට කියනවද ඉතින්...
ඉතින් ඔන්න, මට හිතුන නිසා මගේ ගෑනු ළමය කියල හිතන්,තැනින් තැන මැලියම් වැහෙන කොහොඹ ගහකට උම්ම දිදී හිටපු මම, මගේ රබර් ඇහැ දැම්මෙ අනිත් සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා බලන්ට
අප්පේ.... දැක්කහම ආ..ස හිතෙනව
එක තැනෙක උද්ඝෝෂනයක්...
" හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!
හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!
හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!"
සහෝදර සහෝදරියො හිරුට විරුද්ධවෙලා
තවත් තැනක තොරන් විරිදු තාලයට ක්‍රිකට් විස්තර විචාරයක්...
"ඔන්න ලසිත් මාලිංග රා බී මත් වූ නාලාගිරි හසිති රා...ජයාවගේ දුවගේන ඇවිත් ලාරට පන්දුවක් යොමු කරනව..."
තවත් තැනක සහෝදරියො කොල අතු ඇදන් වැදි නැටුමක් ප්‍රදර්ශනය කරනව,
ගායනය සහෝදර කැකුළන්ගෙන්
ඒඅස්සෙ ජනාදිපතිතුමයි විපක්ෂ නායකතුමයි අතර මහා වාග් හබයක්
මුන් දෙන්න ගහගනියිද මන්ද...
තවත් සමහරු හිතින් මාවාගත්තු පුටු වල නොහොත් මනෝ පුටුවල වාඩිවෙලා මූන දෙක කරගෙන ඉන්නව , ඔය පුටුවෙ ඉදගෙනම බලන්න ඕනෙ තියෙන සැප,
අපෙන් වරදක් උනහම අපි හිතලමයිනෙ ඔය පුටුවෙ වාඩි වෙන්නෙ
බලන්න අපේ කැපවීම ,
සීනියස්ලගෙ නම් මතක තබාගැනීම අනිවාර්යයි!!!!
ඕක තමා එපාකරපුම වැඩේ කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවනෙ...
" අ.. ඒ කොන්ඩය උතුමානන් බන්..."
"කොන්ඩය, කො බන් කොන්ඩෙ "
" අඩේ අර සුදු... කොට පට්ට උත්තමාවිය කවුද යකෝ බලපන්කො හැඩ...."
ලෙක්චස් වලට පෝලිමේ යනකොට හම්බවෙන ජේෂ්ඨ උත්තමයො සහ උත්තමාවියන්ට
" සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමයානණි!! "
" සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමාවියණි!! "
කියන එක ඇරෙන්න අපිට තියෙන්නෙ ඔය වැඩ..
ඒ අස්සේ සමහරු කාර්ඩ් කුප්පියක්
"අර පිංකි උත්තමාවිය, අර ලෙටී උත්තමාවිය, අර ජෙසා...."
"යකෝ කෙල්ලොන්ට විතරක් කියල දෙන්නැතිව අපිටත් කියලදීපන්කො...."
කොච්චර උත්සාහ කරත් නම් පාඩම් කරගැනීමට සමහර සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ අඩු හැකියාවක්,
ඒහෙම වුනහම වෙන්නෙ හැමෝටම දඩුවම් විදින්ට වෙන එක...
අ හ්! නෑ අපි අපිටම දඩුවම් කරගන්න එක...
"අනේ !! මට සමාවෙයන් බන් මට කොහොමකරත් මතක හිටින්නෑ බන්.."
ඒ රතූ මගේ සහොදර බැජියෙක්,
මේකට නම් පාඩම් හිටින්නෑ, ඒ කියන්නෙ ඉතින්, බඩුම තමා.
ඔන්න තවත් එක සුන්දර වාත කරන, වාතවන වේලාවේදි නොහොත් රැග් එකේදි, මාත් ඉතා සැප පහසු මනෝ පුටුවක ඉදගත්ත,
මටත් ඉතින් සමහර වෙලාවට නම් අමතක වෙනවනෙ..!!
කොහෙහිටියත් කොහොම හිටියත් මගේ පුරුද්ද වට පිට සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් පසුවීම,
ඔන්න ඉතින් මං මාත් සමග අසුන් ගෙන සිටින අනිත් සහෝදරයන් එක්ක වටපිට ඇහැ යොමු කෙරුව,
අන්ඩර්ටේකර්,
අන්ඩර්ටේකර් කියන්නෙ අඩි හයක් විතර උස ,යෝධ ඇගක් තියෙන, කොන්ඩෙ වවාගෙන ඉන්න අපේ ජේෂ්ඨඋත්තමයෙක්. වැඩිය කතා නැති වුනාට වාත කරන්න ගත්තාම අනිත් අය පරාදයි,
කියන්න දෙයකුත් නෙමේ නෙ මේ උත්තමයට අපි පට්ටම පට්ට බයයි!!!
මේ වෙනකොට මගේ දර්ශනපතයට අහුවෙච්චි අන්ඩර්ටේකර්ගෙ දර්ශනපතයට අහු වුනේ රතූ සහෝදරයව..
හරි අද මූට වෙන්නෙ ඇට තලා ගන්න
ඒ මගේ හිත
මෙය සිදුවියහැකි ආකාර කිහිපයක් ක්ෂණ්කයෙන් හිතට ආවත් මං බලන් හිටියෙ ඊලග ජවනිකාවෙ මොකක්ද වෙන්නෙ කියල.
"ඒ මෙහෙ වරෙන්"
බයට නිල් වෙච්චි රතූ අන්ඩර්ටේකර් ලගට ගියේ අඩාගෙන වගේ.
"කෙලින් හිටපන් යකෝ!!! "
"තොට සීනියස්ලගෙ කාර්ඩ් ඔක්කොම මතකද..."
තරහෙන් රතු වෙච්චි අන්ඩර්ටේකර්ගෙ ඇස් ගෙඩි දකිද්දි රතූගෙ කට ඇරුනෙත් නෑ.
"තොට කියනදේ ඇහෙන් නැද්ද"
"ඇහෙනව උතුමානනි .. මට පුළුවන් උතුමානනි"
"අ එහෙමද තොට මතකයිනෙ. හැබැයි එකක්හරි බැරි උනොත් බලපන් මම තොට කරන දේ"
තව ස්වල්ප මොහොතකින් රතූට අත්වෙන සෝචනීය ඉරණම සිතින් මැවෙනකොට කකුල් දෙකට දැනුන අමාරුවත් කොහෙන් ගියාද මන්ද
"කියපන් අර කවුද?"
"ඒ..ඒ පැටී උතුමානන් උතුමානණි"
"පැටී උතුමානන්, ඒ පැටීද යකෝ...තෝ කියුව නේද කාඩ් පුළුවන් කියල"
"අර කවුද කියපන්..."
"ක.. ක. කට්ටි උත්තමාවිය උතුමානණි..."
චූටි උත්තමාවියට මූකියපි කට්ටි කියල..
දැන් ඉවරයි !!...
රතුවෙලා තියෙන අන්ඩර්ටේකර්ගෙ අතපය කියාපෑවෙ රතූගෙ අවාසනාවන්ත අනාගතය..
මේ අස්සෙ ෂෝ එක බලන පිරිස එන්න එන්නම වැඩි වෙනව.මාත් එක්ක මනෝ පුටුගහන ගමන් කටත් ඇරන් ෂෝ එක බලන සහෝදරයො ඇරුනහම වට පිටාවෙ ඉන්න සින්නොත් දැන් ෂෝ එක බලනව
පව්! , අසරණ රතූ
"හරි මන් තොට එකම එක චාන්ස් එකක් දෙනව එකම එකක් අර ජේෂ්ඨඋත්තමය කව්ද කියපන්...."
ඒ අන්ඩර්ටේකර්ගෙන් රතූට හම්බ වුන ලාස්ට් චාන්ස් එක...
අන්ඩර්ටේකර් පෙන්නුවෙ ඈතින් එන ඉබ්බ ජේෂ්ඨඋතුමානන් ,
රතුපාට කැප් එකක් දාගෙන අත් දිග ශර්ට් එකක් කොටට නමාගෙන හැමදාම වගේ එන ඉබ්බ උතුමානන් අපට පට්ට මිටර්..
ඉබ්බ යකෝ ඉබ්බ..
අපි හොරෙන් කටින් අකුරු පෙන්නුවෙ රතූට පේන්න..
ඉබ්බ යකෝ කියපන් ඉබ්බ
"තොට කියන්න පුළුවන්ද කියපන් පරයා.."
"පුළුවන් උතුමානනි මන් දන්නව උතුමානනි"
හනේ රතූට අපි කියපු එක තේරිලාද කොහෙද...
කියපන් දෙයියෝ කියපන්....ඉබ්බ කියල කියපාන්...
මැච් එකේ තීරනාත්මක අවසන් පන්දුව සියල්ලෝම නිශ්ෂබ්දයි...........!
"පුළුවන්.. එහෙනම් කියපන් ඒ කවුද?"
"ගෙම්බා උතුමානනි ඒ ගෙම්බ..."
"ගෙම්බ තෝ සීනියස්ලට කාඩ් දානවද යකෝ හිටපන් තොට මම...."
අන්ඩර්ටේකර්ගෙ වියරුවෙන් සංත්‍රාසය ට පත්වෙලා ඉන්න රතූ දැක්කහම මට හිතා ගන්න බැරි උනේ අඩන්නද හිනාවෙන්නද කියල..
කොහොම උනත් රෑ 12ට විතර හොස්ටල් එකේ දවසේ රස කතා කිය කිය හිනා වෙනකොට රතූ ගෙ කටින් පිට වුනේ උගේ සුපුරුදු වචන සෙට් එක
"අනේ... මටනම් එපා......වෙනව බන්!!!"
නියමයි !!! ජය වේවා රතූ ට :D :D අපරාදේ වැරදිලාවත් මට ඔය එක සීනියර්කෙනෙකුට වත් මූනට 'ගෙම්බා ' කියල කියාගන්න බැරිඋනානේ . :D අපිටත් කාලයක් තිබ්බ ඔහොම නම් පාඩම් කරන් දවල් දොළහට බැජ් මීටින් තියෙද්දී නිකන් කරන්ට් වැදුන වගේ බයේ ගැහි ගැහි කට්ට කාපු කාලයක් වාසනාවට ඒ බිහිසුණු අවදිය දැන් නම් ඉවරයි :P
ReplyDeleteඒකනම් ඇත්ත ඒ වෙලාවට හොදට හිතේ පාඩම් කරන් ඉන්න නමුත් අමතක වෙනව නේද?
Deleteහැබැයි රැග් එක ගොඩක් අසුන්දරයි කියල ඒකාලෙ හිතුනත් ..
රැග් කාලෙදි සිද්ධ වෙච්චි දේවල්වල ගොඩක් සුන්දර බඩ පැලෙනකන් හිනාවෙන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනව.....
කොහෙද යකෝ හැංගිලා ඉන්නේ
ReplyDeleteඅම්මේ කොමෙන්‍ටුව දැක්කහම තියෙන සතුට :)
Deleteආපහු හැන්ගෙන්නෑ දිගටම ලියන්ට ඕනෙ ඉවාන්..
කොහොමහරි වෙලාවක් හොයාගන්න ඕනෙ බ්ලොග් එක ආපහු ලියනකොට දැනෙන්නෙ මාර සතුටක්!!! ඉතින් කොහොම නවත්තන්නද
චැහැ...ඉස්කෝලේ යනකාලේ උඔගේ බොලග් එක කියවන්න ලැබුනානම් මම කොහම හරි කැම්පස් යනවා ඒ තරම් එල ද බ්‍රා.
ReplyDeleteමම කියන්න ආපු එක උඹ කියලා. එල ද බ්‍රා
Deleteකැම්පස් යන එකයි ගිහින් ඉන්න එකයි අමු කට්ටක් සහෝ ඒත් ඒකෙ ආතල් ලෝකයයි
Deleteඒ ආතල් කන කටු ඔක්කොම අමතක කරනව
පට්ටයි බොල. පවු බං රතූ. :)
ReplyDeleteඌනම් පව් තමා හැබැයි ඕක මම මේ සිද්දිය බ්ලොගේ ලියුව කියල දැන ගත්තහම මගේ ඔලුව කයි!!!
Deleteඇඩෙනවා තනි ඇහැට........................
ReplyDeleteරතුවා නියම පොරක්.... ගැලපෙන පොරක්....
ඇඩෙනව නේන්නම්, හෝස්ටල් එකේ රැග් කාලෙ රස කතා කියන්න පටන්ගත්තොත් මේ කතාව කොහොමහරි උඩට එනව,
Deleteඇත්තටම රතූ නියම පොරක් එලකිරි කොල්ලෙක්.
ඔන්න ඕකයි මම කැම්පස් යන්න බෑ කියලා අපේ අම්මට කියලා ආණ්ඩුවේ අෆ්ෆා...............
ReplyDelete*)
අම්මේ.. ඒකාලෙ ගොඩක් දුර දිග හිතල වගේ
Deleteඅඩේ පට්ට මචෝ පට්ට.. උඹව කියවපු මුල් වතාව. මුල් වතාවෙන්ම වැදුනා නියමෙටම. ආසාවෙන් කියවන්න පුලුවන් බං උඹේ මේ ලිවීමේ ශෛලිය. මං කැමතිම ඉස්ටයිල් එක.
ReplyDeleteඔන්න ඕකනේ බං මං කැම්පස් නොගියේ..නැත්නම් බැරිකමකට එහෙම නෙවෙයි!!
ගොඩක් ස්තූතියි මචෝ, දිගටම වරෙන් මේ පැත්තෙ
Deleteසමහර වෙලාවට රැග් එකත් පට්ට ආතල් බන්
පට්ට පට පට යකෝ හම්මේ පටං ගත්ත වෙලේ ඉදල් හිනා කෝච්චියයි...
ReplyDeleteඅපරාදෙ පරක්කු වෙලා ආවෙ කමන්නෑ මීට පස්සෙ මාත් එන්නංකො දිගට....
ජයවේවා
බොහොම ස්තූතියි මචෝ, පරක්කු වෙලා ආවත් කමක්නෑ දිගටම එන්න මේ පැත්තෙ. :)
Deleteජයවේවා
හෙහ් හෙහ්........උඹත් දැං ලොකු එකෙක් ඈ! කාලෙකට පස්සෙ ආවෙ මේපැත්තෙ
ReplyDeleteඅම්මේ දැක්කහම තියන සතුටක්, මංඒ ත් බැළුව මාව අමතක වෙලාදෝ කියලා,
Deleteඕව පස්සෙ මතක් කරන කොට තමයි හිනා ඩබල් වෙන්නෙ. ලස්සන ලියවිල්ල. :)
ReplyDeleteගොඩක් ස්තූතියි!, ඒක නම් ඇත්ත තමයි. චන්දන, හිනා වෙවී මෙව බ්ලොග් එකේ ලියනකොට මාර සතුටුයි
Deleteඅපිට නම් ඔය වගේ කැම්පස් මතක නැහැ බන්...
ReplyDeleteඑත් ඉතින් උඹල ඔය වගේ අතීත මතක අවුස්සනකොට බොහොම ආසාවෙන් කියෝගෙන යන්න පුළුවන්..
මට හිතෙන විදිහට මේ මතක තමා අන්තිමේට ඉතිරි වෙන්නෙ විභීෂණ
Delete