O/L
පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ,
හරි නේද?
ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ....
ඇත්තටම මේ කාලෙ කියන්නෙ, ඉස්කොලෙ කාලෙ කරපු නැති ඒ කියන්නෙ, විදපු නැති අද්දැකීම් විදගන්න හදන කාලයක්.
පොත් වලට ඔරවපු එවුන් පොත් දිහා බලන්නෙත් මේකාලෙ, පිට්ටනිය ඇලජික් එවුන් පිට්ටනියට බහින්නෙත් මේ කාලෙ, වලි වලට බය එවුන් චන්ඩි වෙන්නෙත් මේ කාලෙ,
ඒ වගේම පාසල් ප්‍රේමය නොවිදපු ගොඩක් අය ප්‍රේමවන්තයො වෙන්නෙත් මේ කාලෙ.
ඒ අතින් බලනකොට ,සුදු පාට රැලි ගවුමක් ලගින් යනකොට, ඇග හිරිවැටිල යන තරමට O/L ප්‍රේමණියයි..
මේ ආදරේද , කැමැත්තද , ආකර්ෂණයද , ඒව කවුරුත් හිතුවෙ නෑ,
කොහොමහරි, කොල්ලො කෙල්ලො සෙට් කරගන්න වෙහෙසුනා, කටු කෑව, ගුටි කෑව,චාටර් උනා, ඒත් පසුබැස්සෙ නෑ....
ඒ අස්සෙ කොල්ලො සෙට් කරගන්න කෙල්ලො සීතල යුද්දෙක!
අනේ ඉතින් කොහොඹ ගස් වටේ කරවිල වැල් එතෙන හැටි, කොට්ටොරුවො හොට පටලගන්න හැටි,
කුරුළු කිරිලියො ටිචර්ල සර්ලට හොරෙන් තැන තැන පෙම් බස් දොඩ දොඩ ඉන්න හැටි දකින අපේ ගල් හදවත් ආදරෙන් මොලොක් වුනා...
අපි කොච්චර හොදද , සිලි වත්ද,කොච්චර අහිංසකද,
ඒත් , හැමෝටම ගෑනු ළමයි ඉදිද්දි අපි කොහොමද දෙයියනේ මේ කෲර ලෝකෙ තනියම ඉන්නෙ.....!
මොලොක් වෙච්ච හදවත් පසාරු කරන්න ගොඩක් ලේසියි ...
හී පහරක් මටත් වැදුන, නොදැනීම.....
හංසි,
හංසි මගේ පන්තියේ හිටපු කෙල්ලෙක්, මගේ යාළුවෙක්,
ලස්සන හොද ගෑනු ළමයෙක්, මට වඩා ටිකක් උසින් අඩු, එයාට තිබුනෙ කතාකරන ඇස් දෙකක්
මම එයාට කැමතියි.. ඔව්,ගොඩක්.. එයත් මට කැමැත්ත දුන්න..
අපි ආදරේ කරනවද?
ඒ ගැන අපි දෙන්නම හරියට දැනන් හිටියෙ නෑ, ඒත් අපි දෙන්නට දෙන්න කැමැත්තෙන් හිටියෙ ගොඩක්, ....
අපේ සම්බන්දෙ ගැන කවුරුවත් දැනගන්නවට අපි කැමති වුනේ නෑ.. අඩුමගානෙ යාළුවොවත්..
ඒකට ලොකු හේතුවක් තිබුන...
මං ගැන තොරතුරු, මම ගෙදර යන්න ඉස්සල්ල ගෙදරට හම්බෙනව .... ගෙදරට ආරංචි වෙනව කියන්නෙ ඉතින් ලෙඩක්නෙ..
හංසිගෙ ගෙදරට ආරංචි වුනොත් ඉතින් අපි දෙන්නටම වෙන්නෙ මැරුම් කන්න...
ඒ නිසා අපි යාළුවන්ටත්, අපි ගැන නොකිය ඉන්න තීරනයකරා...
ඒ වුනත් අපි දෙන්න හිතුවටත් වඩා ආදරය නිර්භීතයි...!
හැංගි හැංගි කතාකරපු අපිදෙන්න නොදැනිම එලියට ආව..
අපේ යාළුවො අපි දෙන්නව තේරුම් ගත්ත..
ඒඅයත් හරියට නොදන්නව වගේ ඇගෙව්ව... ඒත් ගොඩක් උදව්කරා..
ක්ලාස් එකේ,ලයිබ්‍රි එක ලග ,කෝච්චි ස්ටේශන් එකේ කොනේම තියන කොලපාට බංකු පේලි වල ඉදගෙන අපි ගොඩක් දේවල් කතාකරා..
ඇත්තටම අපි කතානොකරපු දෙයන් නැතිතරම්..ඒ දේවල් කොච්චර බොලඳ වුනත් හරිම සුන්දරයි!
අපි කතාකරන දිහා බලාගෙන, අපි ලගින්යන අයියල අක්කල සමහර වෙලාවට විහිලු කරනකොට , ඇත්තටම අපි බය වෙන්න ඕන උනත්, අපිට දැනුනෙ අමුතු සතුටක්...
මමත් රෝගි උනා..කෑම අරුචිය, නින්ද නොයාම, තනියෙන් කිසිම හේතුවක් නොමැතිව සිනාසීම, මනෝ පාරවල් ගැසීම ඕව තමයි රෝග ලක්ෂණ
මේ රෝගෙ නිසා මම ටික ටික කෙට්‍ටු වෙන්න ගත්තත්,
මේ රෝග ලක්ෂණ තිබුන හංසි එන්න එන්න මහත් වෙනව!
හැම කෙල්ලෙක්ටම මෙහෙම වෙනවද?
හතරවෙනි පීරියඩ් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි
මෙක ඉතින් අපි ආසම පීරියඩ් එකනෙ..මොකට කියනවද
ඇයි ටිචර් අපිට උගන්නන්න මෙච්චර වදවෙන්නෙ? වෙලාවකට ටිචර් ගැන දුකත් හිතෙනව..
"ගුඩ් මෝර්නින්ග් චිල්ඩ්‍රන්......"
"ගුඩ් මෝර්නින්ග් ටිචර්.............."
ටීචර් ගෙ බොදවෙන රූපෙත් එක්ක මගෙ ලගට ආවෙ හංසි
හංසියි මායි ගොඩක් තැන්වල ඇවිද්ද, වැව රවුමෙ,පාර්ක් එකේ, නිලාවැලි බීච් එකේ.... හංසිගෙ අතින් අල්ලගෙන මේ හැම තැනම ඇවිදිනකොට මට දැනුනෙ මේලෝකෙ සතුටින්ම ඉන්න කොල්ල මන් කියල,මේක තමා ජීවිතේ කියන්නෙ....ඔව් මේක තමා
හංසි, ලස්සන හංසි, මගේ ලගල එනව
"සිතූ....ම්.. සිතූ.....ම් සිතුම්..."
එහා පුටුවෙ හිටපු කට්ටගෙ වැලමිටි පාරින් , මගේ සිහින මාලිගය කුඩු වෙලාගියා
"මොකද ය.."
"සිතුම්"
ඒ ඉංග්‍රීසි ටිචර්
"ඇ...ඇයි ටීචර්.."
"මොකද තනියම හිනාවෙන්නෙ..?"
උත්තර සියගානක් ඔලුවට ආවත් එකක්වත් කටින් පිට නොවුනෙ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනා.ටිච්ර් මගේ දිහාබලන් කල්පනා කරනවා,
"සිතුම්පුතා ඔයා දන්නවද හදවතේ කැඩපත කියන්නෙ මොකටද කියල?"
"මූනට තමයි හදවතේ කැඩපත කියන්නෙ
පුතාගෙ හදවතට මේදවස් වල මොනවහරි වෙලාතියෙනව කියල මට පුතාගෙ මූන බැලුවහම කියන්න පුලුවන්
මේකාලෙ ඕව කරල ජිවිතේ නාස්තිකරගන්න එපා පුතා.. ඕව කරන්න හොද කාලයක් එනව එතකන් ඉවසන්න..
මේ දවස්වල විභහගෙ හොදට පාස් කරගන්න එක ගැන විතරක් හිතන්න"
පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනට පස්සෙ ටීච්ර් පන්තියෙන් එලියට යනකන්ම මම හිටියෙ සිහියෙන් නෙමෙයි
ටීච්ර් කිව්වෙ මොකක්ද, කොල්ලො කෙල්ලො මට මොනව කියාවිද, මට මොකක්ද දෙයියනේ මේ උනේ.
හැමෝම මග ඇරල ක්ලාස් එකේ දොරේ උලුඅස්සට මම හේත්තු උනේ මේ දේවල් හිත හිත
ලැජ්ජවෙන් රතු උන මූන බිමට හරවගෙන හංසි මගේ ලගට ආව
"මොනවද අනේ උයා කරන්නෙ, හැමෝම මගේ දිහා බැලුව.."
ලැජ්ජාවෙන් මූන රතුවෙලා තිබුනත් ඒ මූන සතුටෙන් පිරිල
ඇයි ඔයාට ඔච්චර සතුටු හංසි
මට එහෙම හිතුනත් ඊලග මොහොතෙදි මට තව දෙයක් තේරුනා
ඔව්, ටීචර් කිව්වහරි, හදවතේ තියනදේ මූනෙන් කියවන්න පුලුවන්, හංසිගෙ හදවත ආදරෙන් කියනදේ ඒ ලස්සන මූනෙන් මට පෙනුන
"ඔයා මට ගොඩක් ආදරෙයි නේද සිතුම් , මාත් ඔයාට ආදරෙයි පැටියො, ගොඩාක්...."
ඕලෙවල් කාලේ ප්‍රේම ප්පුරාණේ... හම්බා.... හදවත කීරි ගැහිලා යන අමුතු ගතියක් තිබුනා සුරූපී කෙල්ලෙක් එහෙම හිනා වෙනවා දැක්කාම. ශීෂ්...ආයේ යන්න පුළුවන් නම්.
ReplyDeleteමේක ලියනකොට මට මට ඔය දේ සෑහෙන වතාවක් හිතුන පැතුම්, ආයෙත් යන්න පුළුවන්නම්.. ඒකනම් මාර කාලයක්
Deleteලෙසටම ලියලා තියෙන්නේ, උඹනම් පට්ට ක්‍රියේටිව් ඩයල් එකක්.//"එයාට තිබුනෙ කතාකරන ඇස් දෙකක්"// ඕලෙවල් කාලේ හිතගිය හැම කෙල්ලගේම ඇස් දෙක මට පෙනුනේ ඔහොම තමයි බං.
ReplyDeleteඅහා... එහෙනම් ඉස්කෝලෙ කාලෙ ප්‍රේම කතා ගොඩක් ඇති නේද? : )
Deleteලස්සන මතකයක් අලුත් උනා .....
ReplyDeleteකාලේ කාලේ ඉස්කෝලේ -ආයේ එන්නෑ ඒ කාලේ
මොකක්ද රෙහානි ඒ මතකෙ, අපිටත් කියන්ටකො
Deleteකොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් ආදරේ හිතෙන එක්කෙනෙක්වත් හිටියේ නැහැනේ... O/L වල Love සබ්ජක්ට් එක absent උනේ ඕක හින්ද :p
ReplyDeleteටීචර් කිව්ව වගේ ඉවසුවද : )
Deleteකියල වැඩක් නෑ මාර ආතල් බං.. සිරාවට..
ReplyDelete: ) : ) : ) : )
Deleteමේ කතාවට තව කොටසක් තියෙනවාද ........ මට නිකන් තේරෙන්නේ ඉවර නැ වගේ ....... ඊට පස්සේ මොකද උනේ කියලත් ලියපන්කො
ReplyDeleteකතව තව දිගයි.. ඒත් මගේ හිතේ තිබුනෙ මෙතනින් කතාව ලියන එක ඉවර කරන්න ඕනෙ කියල,
Deleteමගේ නං ඕ ලෙවල් ප්‍රේමය හිත ඇතුළේ පිපිලා හිතේ ම පරවෙලා ගියා. තනි ආදරේක වුණත් විඳින්න කොච්චර දේවල් තියෙනවා ද? හ්ම්ම්, ඒවා ඉතින් දැන් පරණ කතානේ. දැන් කෝ මේකේ ඉතුරු කොටස? ඊට පස්සේ හංසි සහ සිතුම් . . . දැම්මේ නැත්තං බලා ගමු, හරි ද?
ReplyDelete//තනි ආදරේක වුණත් විඳින්න කොච්චර දේවල් තියෙනවා ද?//
Deleteඒකතාව හරියටම හරි
දැන්නම් දුක් වෙනවා ඒ කාලේ පෙම් නොකර එක ගැන .
ReplyDeleteහැමදේම වෙන්නෙ හොදට ගිම්හානි
Deleteඒ කාලෙ "හදවතේ කැඩපත්"කීයක් තිබුනද කියල ගනං කෙරුවට හරි ගාන එන්නෙ නැහැ.
ReplyDeleteදැන් ඉතිං වයසක බුවෙක් නෙ.
ලියවිල්ල සුපිරියි.මේව කියවල නාකි අපිත් තිරිහන් වෙනව.
ඒකියන්නෙ කොල්ල කාලෙ සුපිරි ලවර් කෙනෙක් වෙන්න ඇති : ): )
Deleteපොඩි උන්ගේ ප්‍රේමයක තියෙන සුන්දර බව නිර්ව්‍යාජ බව බොළඳ බව උපරිමයෙන්ම තියෙන නිර්මාණයක්..
ReplyDeleteඇත්තටම බොළඳයි, සුන්දරයි, ඒත් කවදාවත් අමතක නොවව තරම් අපූරුයි!
Deleteහැම කෙනෙක්ගෙම ජීවිතේ අමතක නොවන යුග ඕලෙවල් ඒ ලෙවල් කරපු කාලයන්. පාසල් ජීවිතයෙ හොඳම සහ සතුටින්ම ගතකරපු අවුරුදු කීපය.
ReplyDeleteඒ දවස්වල ඉස්කෝලෙන් පිටවෙලා ගන්න ආතල් ගැන සිහින මැව්වට, ඇත්තටම ආතල් එක තියෙන්නෙ ඒකාලෙ කියල දැන් තමා තේරෙන්නෙ
Deleteලොකු කතාවක පොඩි කොටසක් නේ...අප්පා ඔය ෆිලින් එකනම්......කියන්න තෙරෙන්නෙ නෑ බන්.උන් අපිව තවුතිසාව කිට්ටුවටම ගෙනියනව නෙ.හිටපු ගමන් පොලොවට ඈදල දාන එකත් නෑතුව නෙමෙයි.හෑබෑයි මචන් කතාකරන ඈස් තමයි මට හමු උනෙ නෑතිම එක
ReplyDeleteඋබටත් දවසක හම්බවෙයි..
Deleteපැයක් කතාකෙරුවත්.. කතා නොකර ඇස් දෙක දිහාබලන් ඉන්න තප්පර දෙක තුනේදි, ගොඩාක් කියවන ඇස් දෙකක් හම්බ වෙයි
කොහොමද ලියුම් ලියල දෙනකොට ජාතික කොඩියෙ වගෙ හතර පැත්තට බො පෙති එහෙම දාල ආ
ReplyDeleteඅපොයි! මතක් වෙද්දි ඇග හිරිවැටිල යනව.
Deleteකෙල්ලගෙන් ලියුමක් හම්බෙන එකතරම් සතුටක් තවත් නෑ.
ඒත් ලියුමක් දෙන්න, ලියුමක් ලියන්න ගියහම තමා වැඩේ බරපතලකම තේරෙන්නෙ,
පලවෙනි ලියුම ලියන්න කට්ට කාපු හැටි මටනම් තාම මතකයි.
ලේසි නෑ.... පැය හතරක් විතර ගියා
වෙන කාගෙද බ්ලොග් රෝල් එකක එල්ලලා තියෙනවා දැකලා අහම්බෙන් ගොඩ වැදුනා. කතා හතෙන් පහක්ම කියෙව්වා. සිතුම්ට හොඳ අනාගතයක් තියෙනවා කියලා මට හිතුනා සිංහල බ්ලොග් රචකයෙක් හැටියට. මගේ Google + නම හෙන්රි බ්ලොග්වෝකර් වුනාට උඹ එහෙම කියලා හක්ක පන්නා ගන්න ඕනෙ නෑ, මගේ බ්ලොගර් නම ඩූඩ්.
ReplyDeleteගොඩාක් ස්තූතියි වූඩ්
Deleteදෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා
ReplyDeleteවසන් කරන සිත මුහුණෙන් කියවෙනවා
(කපුගේ)
This comment has been removed by a blog administrator.
Deleteදෙනෙත් කියෙව්වොත් ,කියවන්න පුළුවන්නම්.......
ReplyDelete