Wednesday, May 3, 2017

වාසනාවන්ත නස්පැත්තිය AT මීමුරේ


“මචංල හෙට උදෙන්ම ඇහැරෙන ඕනෙ උදෙන්ම ගියොත් තමයි ලේසි”

මේ ට්රිප් එකක් ගියොත් නිදාගන්න ප්රථමයෙන් කියන ඒ සුන්දර වාක්ය, 

“යකෝ ඇහැරියන් පරක්කුයි ඊයෙ කලින් ඇහැරෙනව කියුවනේද තොපි"

ඒ රියල් සිටුවේශන් එක,

අපි පරක්කු උනත් පීකර්ගෙ බාප්පයි පුංචියි උදෙන්ම ඇහැරිල අපිට කන්න උයනව... ගෙනියන්න කෑම හදනව, 

අපි පවු දෙවියනේ කැම්පස් සිස්සයො උනත් තම මල් වගේ පොඩි උන්නෙ,


අද මීමුරේ යන දවස,

මඩ ගැසීම් ,තැබිලි වලු බෑම්, පොටෝ ශූට් කිහිපයක් අවසානයේ පීකර්ගෙ බාප්පට සහ පුංචිටයි පිං දීල අපි ආරම්භකරා අපේ ගමන,

මුලින්ම අපේ අද නිවහන වන කෑම්පින් ටෙන්ට් එක නොහොත් කූඩාරම ගන්ට ඕනෙ,

කතාව නුවර කාපු උන් වගේ උනාට, අපිට නුවර කාපු උන්ගෙ උපදෙස් පරිදි ටෙන්ට් එක තියන තැන හොයගන්න මාර වෙලාවක් ගියා,

මීමුරේ පාර දුශ්කරයි, ඒත් පට්ට සුන්දරයි!, ඇත්තටම ලංකාව කොචර ලස්සනද, මොනතරම් දෙවල් මේ පුංචි රටේ තියනවද, 

මචං සන්රූෆ් එක ගලවමු,

අවට පරිසරයෙන් ඔදවැටිච්ච අපේ එකෙක්ගෙ අයිඩියා එකට තව එකෙක්ට මල

“පිස්සුද යකෝ වැස්සොත්”
“මේ ගමන පරිස්සමින් යමු හරිය, නිකන් පිස්සු වැඩ නොකර හිටහන්”,

මේක බලහන්කො

ඉතින් අපි අපේ ඒ හාමු මහත්තයගේ කීමට සවන් දිලා ඔහුට ගෞරවයක් වශයෙන් සන්රූෆ් එක ගැලෙව්වෙ තවත් ඔවදන් ගොඩක් සමගින් , 

“ගලවපන් පුලුවන්නම් ඔය වහලම ගලවපන්”

දැන් පටට්ට ආතල් වරකට දෙදෙනාබැගින් වහලේ හිලෙන් අවට සිරි නරබනව

චොච්චර ලස්සන උනත් සමහර දේවල් දකිද්දි හිතට ඇතිඋනේ මාර දුකක්, 

පාරෙ හිගමන් යදින පොඩි ලමයි, අනේ සල්ලි දෙන්නකෝ කියල කෑගහදිදි මේ සුන්දරත්වය යටින් කොච්චර ලොකු අසුන්දර කතා තියනවද කියල අපිට හිතුන,

ගමන දිගයි….,තැන් දෙක තුනක මහන්සියට නතර කරත් අපි සිරියලතා අක්කගෙ තේ කඩේ ගාව වාහනේ නතර කරේ ඇගේ මහන්සිය යන්න තේ උගුරක් බොන්න, 

හම්මේ රස …, රසම රස නියම කිතුල් හකුරු එක්ක හම්බුන ඒ තේ එකනම් පංකාදු පහයි!,

තැන තැන ගල් මතුවෙලා,අබලන් වෙලා තියන පාරෙ සුපුන් වාහනේ එලවන්නෙ හෙමින්, ඉතිං මේක තමා ඉදිරි අසුනේ යන්ට හොද වෙලාව, 

ඉස්සරහ කෝපයිලට් ආසනයේ අරග්ගත් කලු බුතයාව පිටි පස්සට දාල මං ඉදගත්ත කෝපයිලට් එක්ස්පීරියන්ස් එක ගන්ට,

එහෙත් දුකයි සහෝදරවරුනී ගමන ආරම්භයෙන් සුලු මොහොතකට පසු නපුරු ගල් කැබැල්ලකට අසුවී අපේ රථයේ ඉදිරිපස රෝදය පුපුරායාම නිසා මට සිදුවුනේ බහින්ට,


රෝදෙ හුලං බින්දුවයි, වාහනේ කදු පල්ලමක නතර උන නිසා, ජැක් එක ගහන එක මාර අමරුයි, ඉස්සරහින් වාහන පස්සෙන් වාහන අපි මැද, 

කොහොමින් කොහොමින් හරි අපි නිසා එතනින් යන්න බැරි උන සියලු දෙනාගෙ උපදෙස් සහ යෝජ්නා බැහැර හැරල අපි අපිට පුලුවන් විදිහට රෝදෙ ගලවන් ස්පෙයාර් වීල් එක දාගත,

නැවතත් දුකයි සහෝදර වරුනි ඒකෙත් හුලං ස්වල්පයයි, 

මොනා.. කරන්නද ඉතින්

ලග තියන මැටි වලින් හදපු ගෙදරක මිදුලට වාහනේ දාපු අපිට දෙවියො බැලුව වගේ උදව්වට ආවෙ රාජ අයිය, 

“මල්ලිල දැන් හවස් වෙලානෙ හෙට උදේට මෙහෙන් යන වෑන් එකෙ ගිහින් රෝද දෙකම හදන් එන්න දැන් යන්න හදන්න එපා”,

ඒ රාජ අයිය, 

"එතකොට අයියෙ අපිට අපේ ටෙන්ට් එක ගහ ගන්න මේ හරියෙ තැනක් තියනවද?"

සිටුවේශන් එකේ හැටියට මිදුලෙ හරි ටෙන්ට් එක ගහගන්න හිටිය අපිට රජ අයියගෙ නංගිගෙ පොඩි එකා රොශාන් කියුවෙ පට්ට කතාවක් 

“පල්ලෙහා ගග ගාව කෑම්ප් කරන තැනක් තියනව අයියෙ එතනට යමු”,

මේ වෙද්දි කෑම්පිං සිහිනය බොදවේලා තිබුන අපිට මේක ගුඩ් නිවුස් එකක්, 

රාජ අයිය අපිට කෑම උයල දෙන්නම්ලු, අපිට කෑම්ප් ගහන තැන පෙන්නන්නම්ලු ,ඇත්තටම මේ හොද මනුස්සයයි ඒ අපිට උදවුන හැමෝමයි අපිට කරේ ලොකුම ලොකු උදව්වක්,

රෝෂාන් මල්ලිත් එක්ක ගිය අපි ගියා අපේ කෑම්පිං සයිට් එකට 

යකෝ මේක එල පොට් එකක්නෙ,

ගගෙං එගොඩ පුන්චිං නාන තටාකයක් ඉදිරිපිට මල්ලිගෙත් උපදෙස් පරිදි අපේ කුඩාරම සහ ගිනිමැලය ඉදි උනා,

මිනිස්සුන්ගෙ ජීවිතේ නොමැකෙන සුන්දර මතක සටහන් තියෙනව , හැමදාම උනත මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ මතකයන් අපිව මහා සුන්දර ලෝකෙකට ගෙනියනව,

රෑමද, මද සීතලේ , ගගක් අයිනෙ, ගිනිමැලයක් ඉස්සරහ, කුඩාරමක් අටවගෙන පට්ට කොල්ලො සෙට් එකක් එක්ක සතුටින් ඉන්නකොට දැනෙනෙ දේ අය කවදාවත් අමතක වෙන්නෑ,

සිංදු , කතා, කාඩ් සෙල්ලං, ශ්ෆිට් එකට කදවුරෙ මුර කිරිම් මේ අපි වැඩ, 



"මචං... මේව දෙවියංගෙ අඩවි"

රාජ අයිය කෑම ගෙනාපු භාජනේක තිබුන ඇනෙයි අගුරු කෑල්ලයි ගැන , කතා කරන කොට පබිල කතාවක් පටන් ගතෙ එහෙම, අපෙන් හතර දෙනෙක් නිදි අනිත් අය , කදවුර ආරක්ශා කිරීමට නිදිමරනව,

"මචං හොල්මන් කියල දෙයක් තියනව, අඩෝ එක දවසක්... 

මේ එක්තරා හොල්මන් කතාවක් කොහොමින් හරි ඇත්ත උනත් බොරු උනත් මේ හොල්මන් කතා සීරිස් එක ඇහුවම හිතට ආවෙ පොඩි බයක් , 

රැ දොලහත් පහු වෙලා, දෙවියනේ මූට වෙන කතා තිබුනෙම නැද්ද කියන්න,

අපි ඇහැරෙනකොට,කයියයි ,සුපුනුයි රෝදෙ හදන්න ගිහින් , අපේ අනිත් ආරක්ශකයො හොදට කුඩාරම ඇතුලෙ දොයි, අනෙ අම්මප මුන්නං....

උදෑසන ජංගල් බොකක් සහ හොද කූල් බාත් එක්කට පස්සෙ ,හදාගත වෑන් එකෙන් අපි අපේ පුංචි ගයිඩ්ල වෙච්චි රොෂාන් මල්ලියි අජිත් මල්ලි එක්ක ගියේ මීමුරේ ගමයි, සූරිය අරන ෆිල්ම් ලොකේශන් එකයි බලන්න,



ලංකාවෙ සුන්දර ගමක සුන්දරත්වය විදිනගමන් අපි ලංවුනා අපෙ ගමනේ අවසාන ස්ථානයට මෙතන ගලේ ලිස්සන්න පුලුවන් ඒත් කොහොමෙයි, දහ අතේ කල්පනාකරකර ඉන්නකොට පැත්තක හිටපු, රා වලින් නාලාගිරි බඩවල් පුරවගන්න සෙට් එකක් එක්ක ආව ගයිඩ් පොර වැඩට බැස්ස,


හප්පේ මෙහෙම ආතල් එකක්,ඒක කොහොමද දෙවියනේ විස්තර කරන්නෙ....

ලිස්සන්න ලිස්සන්න ආසහිතෙනව අප්පා…

ආතල් ගොඩක මතකයන් ගැන කතාකරකර අපි ආපහු ගෙදර එන්න පිටත් උනේ පුදුම සතුටින් .....


ඇත්ත හොදටම මහන්සියි, ගමනක් යන එක ලේසි නැහැ,
ඒත් අපි ජීවිතේ කවදහරි දවසක නැවතිල හැරිල බලාවි අපි මොනවද අපේ ජීවිතේ කරල තියෙන්නෙ කියල ඉතින් ඒ දවසට මේ ලස්සනට ගතකරපු දවස් මතක්වෙල ඉබේටම අපේ මූනට හිනාවක් ඒවී,
ඒ මතකයන් අපිව හැමදාම සතුටින් ජීවත් කරාවි
ඉතින් සහෝදර වරුනි 
ඊලගට යන්නෙ කොහෙද?



ප.ලි - ඹුහුනු පොත නිසා වල් වැදුන මාගේ බ්ලොගයට සාධාරනයක් ඉස්ට කිරීම උදෙසා



8 comments:

  1. හප්පට සිරි, මුට මොකද මේ හදිස්සියෙ බ්ලොග් එකක් මතක් වෙලා තියෙන්නෙ.
    ඊළඟට කොහේ ගියත් කමක් නෑ මේක ලියහං.

    ReplyDelete
    Replies
    1. හප්පේ දෙයියො දැක්ක වගේ,ඉතින් කොහොමෙයි?
      ගොඩකාලෙකින් කියවපු පලවෙනි බ්ලොග් කොමෙන්ට් එක, මාරම සතු‍ටුයි අයියෙ..
      දිගටම ලියන්නම්කො..

      Delete
  2. මීමුරේ හොද බිස්නස් පොට් එකක් කරගෙන. අපරාදේ ලස්සන ගමක් ළගදිම නැතිවෙලා යනවා.
    අපොයි මීමුරේ ගිහිල්ලා වෙච්චි අතිභයංකාර සිද්ධිය ගැන ළගදිම මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එකනම් ඇත්ත අසංග ලස්සන ගම ටික ටික වෙනස් වෙනව, ගොඩක් ගොවියො දැන් ගයිඩ්ල වෙලා...

      අනිවාරයෙන් ලියන්න..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. දැනට දහ දොළොස් වතාවක් මී මුරේ මංගච්චලා තියනවා මේ වෙනකොට. එත් තාමත් මග ඇරුණු තැන් අපමණයි මේ වන පෙත අස්සේ.

    ReplyDelete
    Replies
    1. අපිටත් ගොඩක් තැන් මිස් උනා, ඔකොම කවර් කරන්න දවස් දෙක තුනක්ම ඉන්න වෙයි මන් හිතන්නෙ

      Delete
    2. This comment has been removed by the author.

      Delete